ඩාර්ලි වීදියේ සොල්දාදුවන් මෙහෙයවීමේ වගකීම රශේන්ට!

172

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී සාන්ත ජෝසප් විදුහල මෙහෙයවීමේ භාරධූර කාර්ය ‘Scrum Half’ ක්‍රීඩක රශේන් ගුණවර්ධන හට ලබා දී ඇත.

ඔග්බෙබෝ, වෙස්ලි සුක්කානම සියතට ගනී!

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී වෙස්ලි විදුහල මෙහෙයවීමේ භාරධූර කාර්ය No.8….

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ද වන රශේන් ගුණවර්ධන කණ්ඩායමේ තුන්වැනි වසරේ වර්ණලාභියෙකි. එසේම පසුගිය වසරේ දී අන්තර් පාසල් සත් සාමාජික තරගාවලියේ දී විශිෂ්ට ලෙස දස්කම් පාමින් තම කණ්ඩායම ඉතා හොඳින් හසුරුවන්නට සමත් විය.

2017 වසරේ සිට සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් ඉතා විශිෂ්ට ලෙස තම සේවය සැපයු රශේන් එළඹෙන තරග වාරයේ දී තමන්ගේ කණ්ඩායම ඉතා හොඳින් හැසිරවීමට සමත් වනු ඇත.

ධර්මරාජය දිනවීමේ වගකීම ජූඩ්ට!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ……

එළඹෙන තරග වාරයේ දී කණ්ඩායමේ භාරකාරීත්වය, සාන්ත ජෝසප් විදුහලේ පසුගිය වසරේ සහය පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළ දිනේෂ් කුමාරට හිමිවී ඇති අතර නව කණ්ඩායමක් හා නව නායකයෙකු සමඟ සාන්ත ජෝසප් විදුහල එළඹෙන තරග වාරයේ දස්කම් පාන්නට සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<