චීනයේ නැංචෙන් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට රනිත්මා ලියනගේ සමත් වුණා.
ශ්රී ලාංකික ක්රීඩකයකු හෝ ක්රීඩිකාවක ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
අවසන් 16 දෙනාගේ තරග වටයේදී ඇය ආසියාවේ විශිෂ්ටතම යොවුන් ක්රීඩිකාවක වන චීනයේ ෂූ වෙන් ජින් සමඟ තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
ඊයේ පැවැති අවසන් 32දෙනාගේ වටයේදී වියට්නාමයේ බිච් පෝංග් බුයි සමඟ තරග වැදි 17 හැවිරිදි යොවුන් ක්රීඩිකා රනිත්මා ලියනගේ එහිදී ලකුණු 21-13ක්, 12-21ක් සහ 21-16ක් ලෙස විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.
ආරම්භයේ සිටම වියට්නාම ක්රීඩිකාවගෙන් එල්ල වූ ප්රබල අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රනිත්මා පළමු වටයේ ජය වාර්තා කිරීමට සමත් වූවත්, නව තරග සැලසුමකින් යුතුව දෙවැනි වටයට පිවිසි වියට්නාම ක්රීඩිකාව ආක්රමණශීලී ක්රීඩා රටාවක නිරතවෙමින් දෙවැනි වටයේ ජයග්රහණය තහවුරු කර ගත්තා.
- එයාර් බැඩ්මින්ටන් වැඩමුළු 50k සාර්ථකව පැවැත්වෙයි
- සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවයේ දී ශ්රී ලංකාවෙන් ඉහළ දස්කම්
- උතුරුමැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට සියල්ල සූදානම්
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
අනතුරුව තුන්වැනි වටයේ ආරම්භයේදී රනිත්මාට දැඩි තර්ජනයක් එල්ල කළ වියට්නාම ක්රීඩිකාව තරගයේ අඩක් නිමා වන විට ලකුණු 11-4කින් පෙරමුණ ගැනීමට සමත් වූවද, විවේක කාලයෙන් පසු සිය දුර්වලතා කදිමට මඟ හරවාගත් රනිත්මා විශිෂ්ට ක්රීඩා විලාසයක නිරත වෙමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
මෙවර ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ පළමු වටයේදී ඉන්දියාවේ වෙනාලා කොලගොට්ලා ලකුණු 16-21ක්, 21-12ක් සහ 21-15ක් ලෙස
පරාජය කරමින් දෙවැනි වටයට පිවිසි රනිත්මා ලියනගේ එහිදී අමෙරිකානු ක්රීඩිකා වෙරෝනිකා යංග්ට එරෙහිව ලකුණු 21-14ක් සහ 21-16ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් 32දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක ක්රීඩා නාලිකාව වන සමඟ.
>>තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<