හේරත් නවසීලන්තය සමඟ එක් වෙයි

Sri Lanka tour of England 2024

26
Rangana-Herath

හිටපු ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

නවසීලන්තය විසින් ඉදිරියේ දී ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග ත්‍රිත්වයක් ක්‍රීඩා කිරීමට ආසියාවට පැමිණීමට නියමිත අතර, මෙම තරගාවලි ද්විත්වය වෙනුවෙනුයි හේරත්ව දඟපන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන තිබෙන්නේ.

නවසීලන්තය පළමුව ඇෆ්ගනිස්තානය සමඟ ඉන්දියාවේ Noida හිදි ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් පසුව තවත් ටෙස්ට් තරග ද්විත්වයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එම තරගාවලිය එළඹෙන 18 වැනි දා ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 433ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් පෑ හේරත්, ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නකු ලෙස හඳුන්වා දිය හැකි. ඔහු මීට පෙර වසර දෙකක කාලයක් බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර, මීට පෙර නවසීලන්තයේ දඟපන්දු පුහුණුකරු වූ Saqlain Mushtaq සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟයි නවසීලන්තය හේරත් දෙසට යොමු වී තිබෙන්නේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<