කොළඹ ප්‍රදේශයට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව තහවුරු කරමින් ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, තරගාවලියේ ඉදිරි තරග වියළි කාලගුණ තත්වයක් සහිත ක්‍රීඩාංගණයකට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවයි.
පසුගිය දින කිහිපයේ දී කොළඹ නගරය ආශ්‍රිතව අධික වැසි සහිත කාලගුණ තත්වයක් පැවති අතර තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සමීපයේ ගංවතුර තත්වයක් ද හට ගෙන තිබෙනු දක්නට ලැබුණා.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වීමෙන් පසුව ආසියානු ක්‍රිකට් බලධාරීන් සහ විකාශන ආයතනය අතර සාකච්ඡා ද පවත්වා තිබෙනවා.
සාමාන්‍ය පරිදි සැප්තැම්බර් මාසය කොළඹ ප්‍රදේශයට ඉතා යහපත් කාලගුණ තත්වයක් පවතින මාසයක් ලෙස හැඳින්වීමට හැකි අතර 2015 වසරේ සිට මෙම කාලසීමාව තුළ මෙම ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස තරග පහක් සහ එක්දින තරග හතරක් පවත්වා එයින් වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත්තේ තරග දෙකකට පමණයි.
- 26 වසරකට පසුව ඉන්දු – පාකිස්තාන තරගයක් ජය පරාජයෙන් තොරයි
- KL සහ Litton ගැනත් අසුබ ආරංචි!
- සදීර, අසලංක සහ මතීෂ ශ්‍රී ලංකාව දිනවයි
- Kohliට ගැටෙන්න Naveen නැති වීම ගැන හතරවටින් කනගාටුව!
ඉදිරි සති කිහිපයේ දී කොළඹ ප්‍රදේශයේ කාලගුණය කුමන ආකාරයට වෙනස් වේ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නිසා බලධාරීන් එම තරග දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවධානය යොමු කර තිබෙනවා.
නමුත් එම ක්‍රීඩාංගණය සහ අවට පහසුකම් පිළිබඳ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සතුටට පත් නොවන නිසා දඹුල්ල ක්‍රීඩාංගණයට තරග ගෙන යාමේ අවස්ථාව සීමිත විය හැකි. එම ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේයි.
සුපිරි වටයේ තරග කිහිපයක් හෝ සම්පූර්ණ ලෙස වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සිදු වුවහොත් තරගාවලියේ කාලසටහන ද බොහෝ විට වෙනස් කිරීමට සිදු වෙනවා.
මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරන නමුත් ඉන්දියාව එහි ක්‍රීඩා කිරීමට සිය අකැමැත්ත පල කිරීම නිසා තරගාවලිය රටවල් දෙකක පැවැත්වීමට තීරණය කෙරුණා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියලු ක්‍රිකට් තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
ESPNcricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<