ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවය පසුගිය දා සාර්ථකව අවසන් වුනා.
එම තරගයේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර විවෘත කාන්තා ඒකල ශුරතාව රශ්මි භාග්‍යා දිනා ගත්තා.
වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේ දී තිළිණ රාජකරුණා ලකුණු 21-19ක්, 19-21ක් සහ 21-16ක් ලෙස පරාජය කරමින් ශෙනුක් ශූරතාවයට දිනා ගත්තා.
තරගාවලියේ ඒකල කාන්තා අවසන් තරගයේ දී රශ්මි භාග්‍යා ලකුණු 21-11ක් සහ 21-17ක් ජනනුවනි ද අල්විස් පරාජය කරමින් කාන්තා ශූරිය ලෙස කිරුළු දිනා ගත්තා.
- පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි
- ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශූරයා ශෙනුක් – ශුරිය නෙත්මි
- Summer Season සමස්ත ලංකා ශුරයා ශෙනුක්: ශූරිය විදාරා
- Li Ning Sri Lanka challenge තරගාවලියේ වැඩි ගෞරව ඉන්දියාවට
- Li Ning Sri Lanka challenge බැඩ්මින්ටන් තරගාවලිය සියල්ල සූදානම්
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-17ක් සහ 21-16 ලෙස රොෂාන් පද්මකුමාර සහ සුපුන් ලක්රංග පියරත්න පරාජය කළ මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ විසිනුයි.
රශ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන විසින් ලකුණු 21-16ක් සහ 21-7 ලෙස නිලාසි බාලසූරිය සහ ජනනුවනි අමන්දා ද අල්විස් පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගත්තා.
ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස විදූ මන්දීව් ලියනගේ සහ නිලාසි බාලසූරිය පරාජය කළ ළහිරු මධුෂාන් වීරසිංහ සහ ඉරූෂි අමන්දි විවෘත මිශ්‍ර ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ තරග ඉසව්වේ දී බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 20-22ක්, 21-15ක් සහ 21-13ක් ලෙස රෙෂාන් හරිත් පරාජයට පත් කළ තිළිණ රාජකරුණා විසිනුයි.
එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශූරතාව සඳති දෙව්මිණි විසින් දිනාගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-13ක් ලෙස රුක්ෂිකා බාස්කරන් පරාජයට පත් කරමිනුයි.
අචින්ත්‍ය ඉමේෂක් සහ පසිඳු මිහිරංගට එරෙහිව ලකුණු 21-19ක්, 18-21ක් සහ 21-14ක් ලෙස ජය ලැබූ රිතිර සෙන්දිල් අබේගුණවර්ධන සහ තෙනුල් රන්සජ ගනේවත්ත අවුරුදු 19න් පහළ බාලක යුගල ශූරතාව දිනාගත්තා.
මෙම තරගාවලිය කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග, විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් කරමින් පැවැත්වුණා.
සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් බෙදා දුන් අතර, McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ තරගාවලිය පැවැත්වුණා,
දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<