Engineers කණ්ඩායම Professional’s ක්‍රිකට් ශූරතාව දිනයි

Professional's Cricket League 2024

187

2024 Professional’s Cricket League තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට Engineers කණ්ඩායම ඊයේ (06) සමත් වුනා. 

මේ අතර තරගාවලියේ පළඟ ශූරතාව ජයග්‍රහණය කිරීමට Architects කණ්ඩායමට හැකියාව ලැබුණා. 

තරගාවලියේ ශූරතාවය සඳහා තරගය Engineers සහ Marketers කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, මෙහි දී පළමුව පන්දුවට පහර දුන් Engineers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ තිලංක විජේරත්නගේ පිත්තෙන් ලකුණු 85ක් වාර්තා වුනා.  

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස Marketers කණ්ඩායම පන්දුවාර 17 පන්දු දෙකක් තුළ සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 121ක් පමණයි. Marketers කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් ලෙස ගයාන් රූපසිංහ සහ දමිත් වීරසිංහගේ නම් සටහන් වුනා. මේ අතර Engineers කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ දිනුජ ඉලංගරත්න කඩුලු 3ක් දවා ගන්නා අතරේ, චන්දුල වැලිවිට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

මේ අතර පළඟ ශූරතාව වෙනුවෙන් Architects කණ්ඩායම සහ Town Planers කණ්ඩායම තරග වැදුණු අතර, මෙම තරගයෙන් Architects කණ්ඩායමට ලකුණු 58ක පහසු ජයක් උරුම වුනා. මෙහි දී Architects කණ්ඩායම වෙනුවෙන් අක්බාර් ඩීන් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වූ අතර, නදුන් සපුතන්ත්‍රි සහ මනෝජ් චම්පික කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

Engineers 212/9 (20) තිලංක විජේරත්න 84, ඔසුර මහදුල්වැව 35, පූජිත උඩුවන 2/19, හරිශාන්ත රාජේන්ද්‍රන් 2/39 

 

Marketers 121/10 (17.2) ගයාන් රූපසිංහ 22, දමිත් වීරසිංහ 20, දිනුජ ඉලංගරත්න 3/19, චන්දුල වැලිවිට 2/16 

 

Engineers කණ්ඩායමට ලකුණු 91ක ජයක්. 


Architects 138/6 (20) අක්බාර් ඩීන් 63, ඉශාන් ඊරියගොල්ල 3/20, සවිඳ සේනාරත්න 2/29 

 

Town Planners 80/10 (17.5) නදුන් සපුතන්ත්‍රි 3/11, මනෝජ් චම්පික 3/19 

 

Architects කණ්ඩායමට ලකුණු 58ක ජයක්. 

දේශීය ක්‍රිකට් පිටියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<