ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2024 වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගයට (SLYL) මෙවරත් අනුග්‍රාහකත්වය ලබා දීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය එක් වී තිබෙනවා.
මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීම ඊයේ (18) කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ පැවැත්වුණු මාධ්‍ය හමුවක දී සිදු කෙරුණා.
2007 වසරේ පටන් නොකඩවා ප්‍රීමා අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය මගින් අනාගත ක්‍රිකට් තරු සඳහා සිය ප්‍රදේශය නියෝජනය කිරීමට මහඟු අවස්ථාවක් උදා වන අතර, මෙවර පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියක් ලෙස එය කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
එළඹෙන නොවැම්බර් මස 21 වැනි දා සිට ආරම්භ වන මෙවර තරගාවලිය කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, තර්ස්ටන් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණවල දී තරග ක්‍රියාත්මක වනු ඇති.
මෙවර තරගාවලිය සඳහා කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් පහක් ක්‍රීඩා කරනු ඇති අතර, තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 30 වැනි දා පැවැත්වෙනු ඇති.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
“මෙය අපගේ වාර්ෂික සංවර්ධන දින දර්ශනයේ ඉතා වැදගත් තරගාවලියක් වන අතර අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත පරපුර පෝෂණය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා ප්‍රීමා සමූහයේ අඛණ්ඩ කැපීම අප ඉතා අගය කොට සලකනවා.”
තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා එසේ සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ද තරගාවලිය පිළිබඳ සිය අදහස් මෙසේ පළ කළා.
“15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය අනාගත පරපුරේ ක්‍රිකට් විශිෂ්ටයින් තැනෙන තැනයි. ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ ඇති කැපවීම පෙන්වමින් සිය දක්ෂතා එළිදක්වන්නට මෙම වේදිකාව තනාදීමට සම්බන්දකරුවන් වීම ප්‍රීමා හි අපට ආඩම්බරයක්. මේ වසරේ තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් අප අතිවිශේෂ දක්ෂතා, මනා ක්රීඩාශිලීත්වයක් සහ සුභවාදී තරගකාරීත්වයක් බලාපොරොත්තු වනවා. මේ තරුණ හැකියාවන් මත ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අනාගතය නිර්මාණය කරන අතරම ඊළඟ ක්‍රීඩා පරපුරට සිහින දකින්නට සහ විශිෂ්ටත්වය කරා යාමට උත්තේජනයක් සපයන්නට ද අපි බලාපොරොත්තු වනවා.”
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<