ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ICCය විසින් තීරණය කර තිබෙනවා.
ඔහු විසින් තමන් ICC දූෂණ මර්දන සංග්‍රහය උල්ලංඝනය කළ බව පිළිගැනීමෙන් පසුවයි ICCය විසින් ඔහුට මෙම සියලු ආකාරවල ක්‍රිකට් තරග තහනම පනවා තිබෙන්නේ.
මෙම සංග්‍රහයේ 2.4.7 වගන්තිය කඩ කිරීමේ වරද මත ඔහුට මෙම තහනම පනවා ඇති අතර, මෙය ජාත්‍යන්තර සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලට අදාළ බවයි ICCය විසින් මේ පිළිබඳ සඳහන් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
අවසන් වරට ඔහු 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර, ඒ දක්වා ඔහු ටෙස්ට් තරග 5ක් ද ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග 15ක දී කඩුලු 32ක් දවා ගැනීමට සමත් වී තිබුණා.
කෙසේ වෙතත් ඔහුට මෙම තහනම පැනවීමේ දී ගෙවී ගිය මාස හයක කාලය ද ඇතුළත් වන බවයි වැඩිදුරටත් ICCය දන්වා සිටින්නේ.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<