පර්සි ජීවන ගමනින් සමුගනී

270
Sri Lanka Cricket

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරි ගන්වන්නා ලෙස ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කළ පර්සි අබේසේකර මහතා අද (30) සිය ජීවන ගමනට සමු දී තිබෙනවා.

කලක සිට අසනීප තත්වයෙන් පසු වූ ඔහු මීට මාස කිහිපයකට පෙර සිය 87 වැනි ජන්ම දිනය සැමරූවා.

1936 බම්බලපිටියේ දී උපත ලැබූ පර්සි අබේසේකර ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි දීර්ඝතම තරග දිරි ගන්වන්නා ලෙස හැඳින්විය හැකි. ඔහු 1979 වසරේ සිට ශ්‍රී ලංකා ධජය සහිතව කණ්ඩායමට සිය සේවය සපයනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අමිල සේවාවක් ඉටු කළ ඔහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා ක්‍රීඩකයින්, විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පාත්‍ර වූ පුද්ගලයෙක්.

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වටිනා සේවයක් ඉටු කළ පර්සි අබේසේකර මහතා අප හදවත් තුළ සදාකාලිකව ජීවමාන වන අතර ThePapare.com අප ඔහුගේ පවුලේ සැමට අපගේ සාතිශය සංවේගය පල කර සිටින්නෙමු.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<