මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වන තරග දෙකක් පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙනස් කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කළ ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම තීරණය පිළිබඳ ඉන්දීය පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අඟහරුවාදා (20) නිල වශයෙන් දන්වා තිබෙනවා.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සමඟ තරගය චෙන්නායි නුවර සහ ඕස්ට්‍රේලියාව සමඟ තරගය බැංගලෝර් හී ක්‍රීඩා කිරීමට සැලසුම වී තිබෙන අතර එම තරගවල ක්‍රීඩාංගණ වෙනස් කරන ලෙස පාකිස්තාන බලධාරීන් ඉල්ලා සිටියා.
කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩාංගණ වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ක්‍රීඩාංගණ තෝරා ගැනීම සත්කාරකයාගේ අයිතියක් වන බව ද, ඕනෑම වෙනසක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරය අවශ්‍ය බව ද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම එම ක්‍රීඩාංගණ තෝරා ගත් පසු වෙනස් කිරීම කළ හැක්කේ ආරක්ෂක ගැටලු හෝ එම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නොසුදුසු මට්ටමේ පවතින්නේ නම් පමණි.
- ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වෙනසක්
- නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
- පාකිස්තාන ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ තීරණයක්
- එක්දින ලෝක කුසලානයේ දල කාලසටහන එළියට
චෙන්නායි සහ බැංගලෝර් ඉන්දියාව සඳහා ආරක්ෂිත ම ස්ථානය ලෙස හැඳින්වීමට හැකි අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් එහි සැපයීමට හැකි ස්ථාන ලෙස ද සැලකෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති Najam Sethi ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය අහ්මදාබාද් හී පැවැත්වීම පිළිබඳ අකැමැත්ත ප්‍රකාශ කර තිබුනත්, ඒ් සඳහා ද ඉන්දියාවෙන් පිළිතුරක් ලබා දී නැහැ.
ලෝක කුසලාන තරගාවලියක් අතරතුර ක්‍රීඩාංගණ මාරු කිරීමක් 2016 වසරේ ඉන්දියාව සහ පාකිස්තාන තරගයේ දී සිදු වූ අතර ආරක්ෂිත හේතු නිසා තරගය ධර්මසාලා සිට කල්කටා දක්වා ගෙන එනු ලැබුවා.
අඟහරුවාදා පැවති රැස්වීමේ දී ඉන්දීය බලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරගාවලියේ මෙහෙයුම් කටයුතු පිළිබඳ වැඩි අවධානයක් ලබා දී තිබෙනවා.
තරගාවලියේ කාලසටහන මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වූවත්, තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව සහ පාකිස්තාන තරගය ඔක්තෝබර් 15 වැනිදා සහ අවසන් මහා තරගය නොවැම්බර් 19 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලියේ මූලික දල කාලසටහන ක්‍රිකට් ආයතන වෙත යොමු කර තිබෙන අතර අවසන් නිල කාලසටහන ලබන සතියේ මුම්බායි නුවර උත්සවයක් අතරතුර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<