ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක Pat Cumminsගේ (පැට් කමින්ස්) මව Maria Cummins (මාරියා කමින්ස්) ජීවන ගමනට සමුදී තිබෙනවා. දිගුකාලීන රෝගාබාධයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
- පැට් කමින්ස්ගේ මැදැඟිල්ල කොටවුණු හැටි
- ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි
- AK-47 සහ තලෙයිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ ගැන සිය කනගාටුව පළකොට තිබුණා. ඉන්දියාව සමඟ ටෙස්ට් තරගයට සහභාගී වී සිටින ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් ශෝකය ප්‍රකාශ කිරීම වෙනුවෙන් එම තරගයට කළු පටි පැලඳ ඒමට තීරණය කොට තිබෙනවා.
“පසුගිය දා අභාවප්‍රාප්ත වූ මාරියා කමින්ස් ගැන අපි බලවත් කනගාටුවට පත් වීමු. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අපගේ හෘදයාංගම ශෝකය පැට් සහ පවුලටත්, මිතුරන්ටත් ප්‍රකාශ කරන්නෙමු,” යනුවෙන් ශෝක ප්‍රකාශයේ සටහන් වුනා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<