පාලිත බණ්ඩාර හොඳම දක්ෂතාවත් සමඟින් පස් වැනි ස්ථානයට!

Paris Paralympics 2024

9
Paris Paralympics 2024

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ F63 පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පස් වැනි හිමි කර ගැනීමට පාලිත බණ්ඩාර අද (08) අලුයම සමත් වුනා.

ශ්‍රී ලංකාවේ අවසන් පැරා ඔලිම්පික් නියෝජනය ලෙස පාලිත (F42 කාණ්ඩයෙන්) ඊයේ (07) රාත්‍රියේ තරග බිමට අවතීර්ණ වූ අතර, ඔහු එහි සිය පළමු උත්සාහයෙන් ම තම පෞද්ගලික හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් මීටර් 14.45ක දුරක් යගුලිය විසිකිරීමට සමත් වුනා.

එතැනින් ද නොනැවතුණු පාලිත සිය දෙවැනි උත්සාහයේ දී මීටර් 14.51ක දුරක් වාර්තා කරමින් නැවතත් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව අලුත් කිරීමට සමත් වුනේ පදක්කම් බලාපොරොත්තුවක් ද දල්වා ගනිමිනුයි.

ඔහු තරගයේ අර්ධයක් නිමා වන විට ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට සමත් වී සිටියත්, ඔහුගේ අවසන් උත්සාහයක් කිහිපය එතරම් සාර්ථක වුනේ නැහැ. මේ අනුව ඉසව්ව නිමා වන විට පාලිත මීටර් 14.51ක දක්ෂතාවක් සමඟ 05 වැනි ස්ථානයට පත් වුනා.

කෙසේ වෙතත් මෙහි දී පාලිත විසින් ප්‍රදර්ශනය කළ දක්ෂතාවට විශේෂ පැසසුම් හිමි විය යුතු බව නොඅනුමානයි.

දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<