නුවන් ඉන්දික පස්වැනි තැනට

Paris Paralympics 2024

6

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 T44 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ නුවන් ඉන්දිකට එහි 05 වැනි ස්ථානය හිමි වුනා.

ඊයේ (01) දිනයේ දී නුවන් විසින් පිරිමි මීටර් 100 T44 තරග ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් මෙම තරගවාරයේ තම පෞද්ගලික හොඳම දක්ෂතාව (SB) ද සමඟින් තත්පර 11.67කින් තරගය නිමා කිරීමට සමත් වූ අතර, ඔහු සමස්ත තරගකරුවන් අතරේ 05 වැනි ස්ථානයට පත් වුනා. 

මේ අතර පසුගිය සෙනසුරාදා (31) දිනයේ දී පිරිමි මීටර් 1500 T46 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි විසින් මිනිත්තු 4.01.84ක කාලයක් වාර්තා කරමින් 09 වැනි ස්ථානයට පත් වුනා. 

එමෙන්ම අද (02) අලුයම පිරිමි මීටර් 100 T42/63 ඉසව්වේ පළමු මූලික වටයට සහභාගී වූ අනිල් ප්‍රසන්න විසින් එහි දී තත්පර 13.03ක් සමඟ අවසන් ස්ථානයේ රැඳෙමින් තරගය නිමා කළා. 

මේ අතර අද රාත්‍රියේ දී සමිත දුලාන් F44 පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි. 

2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<