ලොව ප්‍රබල ක්‍රීඩකයෙක් සමඟ විරේන් ඉරිදා තරඟ බිමට

Paris Olympics 2024

8
Paris Olympics 2024

ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් ඒකල තරග අංශයේ මූලික වටයේ පළමු තරගය ඉරිදා (28) ලෝක ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ පසුවන ලී සී ජියා සමඟ තරග කිරීමට නියමිතයි.

‘G‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන විරේන් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට පැරිස් නුවර ලා චැපල් හි පිහිටි Porte de La Chapelle Arena හී දී එම තරගයට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සෘජුවම සුදුසුකම් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ වත්මන් ශ්‍රේණිගත කිරීමේ 70 වැනි ස්ථානයේ පසු වන අතර ඔහුටෙ මෙම තරගය ඉතා වැදගත් තරගයක්.

ඔහුගේ දෙවැනි තරගය ලෝක බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 62 වැනි ස්ථානයේ පසුවන 39 හැවිරිදි ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන්ට එරෙහිව පැවැත්වෙන අතර එම තරගය පැවැත්වෙන දිනය සහ වේලාව මේ දක්වා නිවේදනය කර නැහැ.

එම කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා විරේන් හට සිය කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීම වැදගත් වන නිසා මෙම පළමු තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ජූලි 26 වැනිදා River Seine හීදී පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය රැගෙන යාමේ අවස්ථාව ද යොවුන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ හට හිමිව තිබීම විශේෂත්වයක්.

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>