Edgbaston ටෙස්ට් තරගයේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ Jonny Bairstow හා Rishabh Pant ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.
Pant සිය ක්‍රීඩා දිවියේ ඉහළම දක්ෂතාවය දක්වමින් 5 වැනි ස්ථානයට පැමිණ තිබෙන අතර Bairstow 10 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ සුපිරි එංගලන්ත පිතිකරු Joe Root.
Bairstow Edgbaston ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක රැස්කර ගත්තේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමිනුයි. එම තරගය එංගලන්තය කඩුලු 7කින් ජය ගත් අතර එංගලන්තය හා ඉන්දියාව අතර තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
Bairstow සිය අවසන් ටෙස්ට් තරග 3 දී ශතක 4ක් රැස් කරගෙන සිටින අතර දැනට ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා චක්‍රයේ ඔහු රැස් කරගෙන සිටින ලකුණු ගණන 1218ක්. ඔහු මේ චක්‍රයේ දී ශතක 6ක් රැස් කරගෙන සිටිනවා.
- ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවැනි ටෙස්ට් තරගයෙන් හැලේ!
- “ටෙස්ට් ක්‍රීඩාවට අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් රැගෙන එනවා” – බෙන් ස්ටෝක්ස්
- “2023 ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකා සංචාරය හොඳ පුහුණුවක්” – Mitchell Swepson
- Ashton Agarට දෙවැනි ටෙස්ට් තරගය මඟහැරෙයි
Edgbaston තරගයේ දී අසාර්ථක වුණු Virat Kohli ස්ථාන 4ක් පහළට පැමිණ 13 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 2016 වසරට පසුව Virat Kohli ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10න් ඉවතට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින Root සිය පෙරමුණ ප්‍රසාද ලකුණු 44 ක පරතරයකින් ඉදිරියට රැගෙන ගියා. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ Marnus Labuschagne. මේ ටෙස්ට් තරගයේ දැක්වූ දක්ෂතා අනුව Root එදාමෙදාතුර ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර 19 වැනි ස්ථානයට ද පත්වුනා.
Steven Smith හා Babar Azam තුන්වැනි හා හතරවැනි ස්ථානවල රැඳී සිටින අතර Pant 5 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
පන්දු යවන්නන් අතර James Anderson හා Nathan Lyon ඉහළට පැමිණ තිබෙනවා. James Anderson Edgbaston හිදී කඩුලු 6ක් දවා ගත් අතර ඔහු එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගත් Lyon 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
Cricinfo ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<