පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) අබුඩාබි ෂෙයික් සායිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දිවා රාත්‍රි එක්දින තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ පාකිස්තාන කණ්ඩායම තරගාවලිය 1-1ක් සේ සමකර ගැනීමට ද සමත් විය.
ඕස්ට්‍රේලියානු එක්දින පරාජයන් රැල්ලට තිත
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද (9) ඇඩිලේඩි හිදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 7කින් ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1-1ක් ලෙස…
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා එහි වාසිය තමන් වෙත තබා ගනිමින් පළමුවෙන් පන්දුවට දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගත් අතර පාකිස්තානය ඉනිම නිමා වීමට තවත් පන්දු 57ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේ ය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ගෞරවනීය ඉනිමක් ක්‍රීඩා කිරීමට රොස් ටේලර් සමත් විය. ඔහු ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 89ක් ලබා සිටියේ ය. පන්දු 120ක් පුරා පිටියේ නොදැවී රැඳී සිටි ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කළේය. එය ඔහුගේ එක්දින තරග පිටියේ 43 වැනි අර්ධ ශතකයයි.
ඊට අමතරව හෙන්රි නිකොල්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33කි. පන්දු 63කට මුහුණ දුන් ඔහු හතරේ පහරක් පමණක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පන්දු වාර 5ක් තුළ දැවී යෑමත් ඊළඟ කඩුලු ද්විත්වය පන්දු 8ක් තුළ දැවී යෑමත් කණ්ඩායමේ ලකුණු තත්ත්වය අඩු වීමට හේතු විය. නමුත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රොස් ටේලර් සහ හෙන්රි නිකෝල්ස් එක්ව ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැගීම කණ්ඩායමට මහත් සහනයක් විය. ඒ අනුව ඔවුන්ගේ ඒ වෙද්දී ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 148ක් විය.
දෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් නෑ?
එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ගේ පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති…
ඔවුන්ගේ කඩුලු සබඳතාවෙන් අනතුරු ව නැවත නවසීලන්ත පුවරුව පාලනය කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූ හ. එහි දී ෂාහීන් අෆ්රිඩි ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ දක්ෂතම පන්දු යවන්නා වෙමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ ය. ඊට අමතරව හසන් අලි ලකුණු 59කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දුවාර 40කුත් පන්දු 3ක දී තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ හ. ඒ කඩුලු 4ක් පමණක් දැවී යමිනි.
පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් පන්දු 34කට මුහුණ දී ලකුණු 16ක් ලබා සිටිය දී ලොකී ෆර්ගියුසන්ගේ ඉහළ නැගී පන්දුවක් හිසේ පැළඳී ආවරණයේ (Helmet) වැදීමෙන් අසාධ්‍යව පිටියෙන් ඉවත් විය.
අනතුරු අනෙක් ආරම්භක පිතිකරු ෆකාර් සාමන්ට එක් වූයේ බාබර් අසාම් ය. ඔවුන් දෙදෙනාගේ මෙන්ම පිටියෙන් ඉවත් වූ ඉමාම් උල් හක්ගේ ලකුණු 16 ද සමඟින් පළමු කඩුල්ලට වූ ලකුණ සබඳතාව 155කි.
එහි දී ෆකාර් සාමන් පන්දු 88ක දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග පිටියේ 7 වැනි අර්ධ ශතකයයි. බාබර් අසාම් පන්දු 50ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද වාර්තා කළේය. ඔවුන් දෙදෙනාම එක් පන්දු වාරයක පන්දු 3ක් තුළ දවා ගැනීමට ලොකී ෆර්ගියුසන් සමත් විය.
ඔවුන්ට අමතරව පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමේ දී මොහොමඩ් හෆීස් පන්දු 31ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.
ලොකි ෆර්ගියුසන් නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ලකුණු 60කට කඩුලු 3ක් දවා ගනිමිනි.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 11 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසින් ඩුබායි නගරයේ දී පැවැත්වීමට නියමිත ය.
නවසීලන්තය; කඩුලු 9ක් දැවී 209 (50): ජෝර්ජ් වෝකර් 28, රොස් ටේලර් නොදැවී 86, හෙන්රි නිකොල්ස් 33, ෂහීන් අෆ්රිඩි 4/38, හසන් අලි 2/59
පාකිස්තානය; කඩුලු 4ක් දැවී 212 (40.3): ෆකාර් සාමන් 88, බාබර් අසම් 46, මොහොමඩ් හෆීෂ් 27, ලොකි ෆර්ගියුෂන් 3/46
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<