කෝඩුකාර පටෙල් නවසීලන්තයට ජය ගෙනේ

302

නවසීලන්තයේ කෝඩුකාර වමත් දඟපන්දු යවන්නා වන අජාස් පටෙල්ගේ දක්ෂතා හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (19) සමත් විය. මෙම තරගය ඩුබායි හිදී පැවැත්විය.

එංගලන්තය වසර 17කට පසු තරගාවලි සිහිනය සැබෑ කර ගනී

දශක 4ක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 17ක් තිස්සේ මෙරට…

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 153ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කේන් විලියම්සන් ය. ඔහු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 27 වැනි අර්ධ ශතකයයි.

ඔහුට අමතරව හෙන්රි නිකොල්ස් ලකුණු 28ක් ලබා ගත්තේ ය. ඔහු ඒ සඳහා පන්දු 78ක් වැය කළේය.

නවසීලන්ත ඉනිම වරෙක කඩුලු 5කට ලකුණු 123කට තිබුණි. නමුත් ඉතිරි කඩුලු 5 ලකුණු 30ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේ දී යසීර් ෂා ලකුණු 53කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා විය. ඊට අමතරව මොහොමඩ් අබ්බාස්, හසන් අලි සහ හැරිස් සොහායිල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 227ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන් පළමු ඉනිමේ දී ම අභිබවා යෑමට සමත් වූහ. ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම්ම සාර්ථක වූයේ නැත. කඩුලු දෙකක් දැවී ලකුණු 27ක්ව තිබූ ඔවුන්ගේ ඉනිම අළු ගසා දමා ගොඩ ගත්තේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ හැරිස් සොහායිල් (38) සහ අෂාර් අලි (22) ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගූහ.

ඔවුන් දෙදෙනා ද එක පිට දැවී යෑම නිසා නැවත පාකිස්තාන ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 91ක් විය. ඉන් අනතුරුව පිටියේ එක් වූ අසාද් ශාෆික් සහ බාබර් අසාම් එක්ව පාකිස්තාන ඉනිමට ලකුණු 82ක් එක් කළහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් බාබර් අසාම් පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි.

අසාද් ශාෆික් පන්දු 93කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් රැස් කරන්නේ ය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 2 ලකුණු 227 දී දැවී ගියේ ය.

රෝස්කෝ, අශේන් ජෝන් කීල්ස් ශූරතාව කරා රැගෙන යයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන…

පන්දු යැවීමේ දී ආරම්භක වේග පන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 54කට කඩුලු 4ක් දවා ගන්නේ ය. ඊට අමතරව කොලින් ඩි ග්‍රෑන්ඩ්හූමි සහ තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අජාස් පටෙල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමු ඉනිමේ ලකුණු ලකුණු 74ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 227ක් ලබා ගත්හ. එම ඉනිමේ දී අර්ධ ශතක එක් වීම සුවිශේෂී විය. ඒ හෙන්රි නිකොල්ස් සහ බී. ජේ. වේටින්ග් ය.

හෙන්රි නිකොල්ස් පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් රැස් කළේය. බී. ජේ. වේටින්ග් ලකුණු 59ක් ලබා ගත්තේ පන්දු 145කිනි. ඔහුගේ ඉනිමේ හතරේ පහර 5ක් රැඳී තිබුණි. මීට අමතරව ආරම්භක පිතිකරු ජීට් රාවල් පන්දු 120කට මුහුණ දෙමින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී හසන් අලි ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර හසීර් ෂා ද ලකුණු110කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

වසර 4කට පෙර කැන්ගරුවෝ කළ දේ මෙදා දකුණු අප්‍රිකානුවන් කරති

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමා කරමින්…

ජයග්‍රහණය සඳහා ලකුණු 176ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 171ක් පමණි. එම ඉනිමේ දී අසාර් අලි පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 29 වැනි අර්ධ ශතකයයි.

ඔහුට අමතරව අසාද් සාෆික් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ගිය එම පාකිස්තාන ගමනේ දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අෂාර් අලි සහ අසාද් සාෆික් එක්ව ලකුණු 82ක සබඳතාවක් ගොඩ නැගූහ. ඉතා ලෙහෙසියෙන් ජයග්‍රහණය වෙනුවෙන් යා හැකි ගමනක් වූවද අවසන් කඩුලුවලට පිවිසි ක්‍රීඩකයන්ගේ අඩු දායකත්වය හේතුවෙන් තරගයේ පරාජය පාකිස්තානය සතු විය.

පාකිස්තානයේ අවසන් කඩුලු 5 ලකුණු 26ක් තුළ දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ කැපී පෙණුන පන්දු යවන්නා වූයේ අජාස් පටෙල් ය. ඔහු ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඉෂ් සෝධි සහ නෙල් වැග්නර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙසින් නවසීලන්ත කණ්ඩායමේ කෝඩුකාර අජාස් පටෙල් නම් කෙරුණි.

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (66.3) කෙන් විලියම්සන් 63, හෙන්රි නිකොල්ස් 28, මොහොමඩ් අබ්බාස් 2/13, හසන් අලි 2/38, යසිර් ෂා 3/54, හැරිස් සොහායිල් 2/11

පාකිස්තානය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (83.2) මොහොමඩ් හෆීස් 20, අෂාර් අලි 22, හැරිස් සොහායිල් 38, අසාද් සාෆික් 43, බාබර් අසාම් 62, ට්‍රෙන්ට් බෝල්ට් 4/54, කොලින් ඩි ග්‍රෑන්ඩ්හූමි 2/30, අජාස් පටෙල් 2/64

නවසීලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 249 (100.4) ජීට් රාවල් 46, කේන් විලියම්සන් 37, හෙන්රි නිකොල්ස් 55, බී.ජේ. වේටින්ග් 59, හසන් අලි 5/45, යසිර් ෂා 5/110

පාකිස්තානය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 171 (58.4) ඉමාම් උල් හක් 27, අෂාර් අලි 65, අසාද් සාෆික් 45, අජාස් පටෙල් 5/59, ඉෂ් සෝධි 2/37, නෙල් වැග්නර් 2/27

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 24 වැනිදා ඩුබායි පිටියේ දී ම ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<