සත්කාරකයින්ගේ බල බිඳින්නට සමත්කම් දක්වමින් සංචාරක පාකිස්තාන (19 පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ) යොවුන් කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරගයෙන් ද කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන යොවුන් කණ්ඩායම අද (31) සමත් විය.
ශ්‍රී ලංකාවේ පළමු ජයට මිෂාර සහ නවෝද්ගෙන් අර්ධ ශතක
සංචාරක පාකිස්තාන (19න් පහළ) යොවුන් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රි ලංකා (19න් පහළ) යොවුන් කණ්ඩායම අතර….
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසියේ සිටම ශ්‍රි ලංකා කණ්ඩායමට අවාසනාව හරහට සිටියේය. ඒ අනුව පාකිස්තාන නායකයා දිනා ගත් කාසියේ වාසියට අනුව සුපුරුදු තණතිල්ලේ මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට භාර විය.
පසුගිය තරග දෙකෙහිම මුලින් පන්දුවට පහර දී යම් සාර්ථකත්වයක් සහ පීඩනයක් දෙවනුව පන්දුවට පහර දෙන පාකිස්තානුවන් වෙත මුදා හැරීමට හැකි ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ශ්‍රි ලංකා පිතිකරුවන් අඩු වැඩි වශයෙන් සමත්කම් දැක්වූව ද මෙවර එම බලාපොරොත්තු සියල්ලට අක්තාර් ශා හරස් විය.
ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් නවෝද් පරණවිතාන අක්තාර්ගේ පන්දුවක් හමුවේ දැවී යන්නේ ලකුණු 2ක් ලබා සිටිය දී ය. අනතුරුව ආරම්භක පිතිකරු කමිල් මිෂාරට එක් වූ මොහොමඩ් ශමාෂ්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ නොදුන් අක්තාර් ඔහු මූණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා සිටිය දී ආපසු ක්‍රිඩාගාරයට හරවා යැවීමට සමත් විය.
අනතුරුව පිළිවෙළින් නායක නිපුන් පෙරේරා ලකුණු 17කට පිටියෙන් ඉවත් කිරීමට අබ්බාස් අෆ්රිඩි කටයුතු කළේය.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කමිල් මිෂාර ඒ වන විටත් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිටියේ රැඳෙමින් අනතුරුව පිටියට පිවිසි සොනාල් දිනූෂ සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කළහ. ලකුණු පුවරුව 110ක්ව තිබිය දී සොනාල් දැවී යන විට ඔහු ලකුණු 32ක් රැස් කර සිටියේය.
වර්තමාන නායකයා ගැන හිටපු නායකයා විශ්වාසයෙන්
මේ වතාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔයින් මෝර්ගන් ඇතුළු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ජය…
අනතුරුව පස්වැනි කඩුල්ලට පිටියට එක් වූ අවිශ්ක තරිඳු, කමිල් සමඟ එක්ව ලකුණු 46ක් එක් කරන ලදි. එහෙත් ලකුණු 156ක් වන විට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිල් 42 වැනි පන්දුවාරය යොමු කළ ජුනයිඩ් ඛාන්ගේ පන්දුවකට ලකුණු 73ක් ලබා සිටිය දී දැවී ගිය අතර පන්දු 117කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය.
අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ පසු කර යාමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම හේතුවෙන් පන්දුවාර 48යි පන්දු 3ක් තුල ලකුණු 183කට ශ්‍රි ලංකා යොවුන් පිලේ සියල්ලන් දැවී ගියහ.
පාකිස්තාන යොවුන් පිලේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ අක්තාර් ශා ලකුණු 19ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත් අතර ජුනයිඩ් ඛාන් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.
Photos: Sri Lanka U19 vs Pakistan U19 | 3rd Youth ODI
ඒ අනුව පාකිස්තාන යොවුන් ක්‍රීඩකයින්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 184ක් හඹා යාමට සිදු වූ අතර, එහෙත් පාකිස්තාන ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 14කට සීමා කරමින් සියාම් අයූබ් ලකුණු 8කට දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක සමත් විය. අනතුරුව පසුගිය තරග දෙකෙහිම සාර්ථක ඉනිම් ගොඩ නැගූ හයිඩර් අලීට ද මෙවර සාර්ථක වීමට ඉඩ නොදුන් මදුශංක යළිත් ක්‍රියාත්මක වෙමින් ඔහු ද ලකුණු 9කට දවා ගත්තේය.
කෙසේ වෙතත් ඉලක්කයේ පහසු බව හේතුවෙන් වැඩි පීඩනයක් නොමැතිව පිටියට එක් වූ නායක රොහායිල් නසීර් සමඟින් එක් වූ මොහොමඩ් තාහා තෙවන කඩුල්ලට ලකුණු 49ක් එක් කළේය.
අනතුරුව තාහාගේ දැවී යාමෙන් පසුව කසීම් අක්‍රම් සිව්වැනි කඩුල්ලට පිටියට එක් වූ අතර නසීර් සමඟ එක් වූ ඔහු ලකුණු 26ක් රැස් කළේ සිව්වැනි කඩුල්ලට ලකුණු 52ක් පාකිස්තාන ලකුණු පුවරුවට ද එක් කරමිනි.
ලෝකය දිනන තරගාවලියේ ආරම්භයට හොඳ ගැම්මක් ගමු!
12 වැනි ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය හෙට…
ලකුණු 121 දී අක්‍රම් දැවී ගිය අතර එ් වන විටත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 63ක් අවශ්‍යව තිබුණි. එහෙත් කල් යල් බලමින් ඉවසීමෙන් යුතු ඉනිමක් ගොඩ නැගූ නායක රොහායිල් නවක පිතිකරු හරිස් ඛාන් සමඟින් එක්ව තවත් ලකුණු 48ක් ලකුණු පුවරුවට එක් කළහ.
කෙසේ වෙතත් ජයග්‍රහණයට ලකුණු 15ක් පමණක් ඉතිරිව තිබිය දී පාකිස්තාන ඉනිමේ විශිෂ්ටයා වූ නායක රොහායිල්ගේ ඉනිම අවසන් වූ අතර ස්ටම්ප් කිරීමකට ලක්ව ඔහු දැවී යන විට පන්දු 117කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 76ක් රැස් කර සිටියේය.
අනතුරුව පිටියට එක් වූ ජුනයිඩ් ඛාන්, හරිස් ඛාන් සමඟ එක්ව තරගයේ ඉලක්කය වූ ලකුණු 184 වාර්තා කරන තෙක්ම පිටියේ රැඳෙමින් පන්දුවාර 46ක් අවසන් කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී නියමිත ඉලක්කය සම්පූර්ණ කිරීමට දායකත්වය සැපයීය.
ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 43කට කඩුලු 2ක්, රොහාන් සංජය ලකුණු 46කට කඩුලු 2ක් සහ එක් කඩුල්ලක් අශේන් ඩැනියෙල් විසින් දවා ගත්හ.
ඒ අනුව තරග 5කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය මේ වන විට 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යෞවනයින් සමත්ව සිටින අතර, මීළඟ තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී ලබන (ජුනි 03) වැනිදා පැවැත්වීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | c Qasim Akram b Akhtar Shah | 2 | 2 | 0 | 0 | 100.00 |
Kamil Mishara | c Rohail Nazir b Mohammad Junaid | 73 | 116 | 5 | 0 | 62.93 |
Mohammed Shamaz | b Akhtar Shah | 0 | 2 | 0 | 0 | 0.00 |
Nipun Dananjaya | c Abbas Afridi b Shiraz Khan | 17 | 35 | 0 | 0 | 48.57 |
Sonal Dinusha | c Saim Ayub b Mohammad Junaid | 32 | 65 | 2 | 0 | 49.23 |
Avishka Tharindu | run out (Shiraz Khan) | 26 | 41 | 1 | 0 | 63.41 |
Sandun Mendis | run out (Saim Ayub) | 0 | 2 | 0 | 0 | 0.00 |
Rohan Sanjaya | run out (Mohammad Taha) | 0 | 1 | 0 | 0 | 0.00 |
Ashain Daniel | c Rohail Nazir b Akhtar Shah | 4 | 9 | 0 | 0 | 44.44 |
Naveen Fernando | c Mohammad Taha b Akhtar Shah | 10 | 11 | 0 | 0 | 90.91 |
Dilshan Madusanka | not out | 3 | 8 | 0 | 0 | 37.50 |
Extras | 16 (b 1 , lb 1 , nb 2, w 12, pen 0) |
Total | 183/10 (48.3 Overs, RR: 3.77) |
Fall of Wickets | 1-2 (0.2) Navod Paranavithana, 2-2 (0.4) Mohammed Shamaz, 3-50 (16.3) Nipun Dananjaya, 4-110 (32.2) Sonal Dinusha, 5-156 (41.2) Kamil Mishara, 6-156 (41.4) Sandun Mendis, 7-158 (42.1) Rohan Sanjaya, 8-168 (44.4) Ashain Daniel, 9-176 (46.2) Avishka Tharindu, 10-183 (48.3) Naveen Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Akhtar Shah | 9.3 | 1 | 19 | 4 | 2.04 | |
Niaz Khan | 9 | 1 | 43 | 0 | 4.78 | |
Shiraz Khan | 6 | 0 | 22 | 0 | 3.67 | |
Abbas Afridi | 6 | 0 | 28 | 1 | 4.67 | |
Saim Ayub | 7 | 0 | 25 | 0 | 3.57 | |
Mohammad Junaid | 10 | 0 | 38 | 2 | 3.80 | |
Mohammad Taha | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Saim Ayub | c Kamil Mishara b Dilshan Madusanka | 8 | 10 | 1 | 0 | 80.00 |
Haider Ali | lbw b Dilshan Madusanka | 9 | 13 | 2 | 0 | 69.23 |
Rohail Nazir | st Kamil Mishara b Ashain Daniel | 76 | 116 | 6 | 0 | 65.52 |
Mohammad Taha | b Rohan Sanjaya | 25 | 42 | 3 | 0 | 59.52 |
Qasim Akram | c Kamil Mishara b Rohan Sanjaya | 26 | 44 | 1 | 0 | 59.09 |
Mohammad Haris | not out | 25 | 38 | 2 | 0 | 65.79 |
Mohammad Junaid | not out | 11 | 13 | 2 | 0 | 84.62 |
Extras | 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0) |
Total | 184/5 (46 Overs, RR: 4) |
Fall of Wickets | 1-14 (2.3) Saim Ayub, 2-20 (4.5) Haider Ali, 3-61 (18.1) Mohammad Taha, 4-121 (32.1) Qasim Akram, 5-169 (43.1) Rohail Nazir, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madusanka | 9 | 0 | 43 | 2 | 4.78 | |
Naveen Fernando | 6 | 1 | 17 | 0 | 2.83 | |
Rohan Sanjaya | 10 | 0 | 46 | 2 | 4.60 | |
Ashain Daniel | 10 | 0 | 39 | 1 | 3.90 | |
Sandun Mendis | 7 | 0 | 29 | 0 | 4.14 | |
Navod Paranavithana | 4 | 0 | 10 | 0 | 2.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<