ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග 2කින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙරටට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ වුනා.
දිනය අවසන් විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 196ට පිළිතුරු දෙමින් සිටින පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 160ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 36ක් පමණක් පසුපසින් සිටිමින්.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඕෂද ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි ඉනිම ආරම්භ කළා. කෙසේ නමුත් වීරක්කොඩි සහ ඕෂද සබඳතාවය දිගු සබඳතාවයක් බවට පත් නොවුණු අතර ශ්‍රී ලංකා පළමු කඩුලු 2 ලකුණු 31ක් තුල බිඳ දැමීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුනා.
අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනැංවීමට ඕෂද සහ නායක කමිඳු මෙන්ඩිස් සමත් වුනු අතර ඒ සබඳතාවය හැරෙන්නට ශ්‍රී ලංකා ඉනිම තුල වෙනත් එකඳු හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවුනේ නැහැ.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 77ක් තුල දැවී යාම ශ්‍රී ලංකා පළමු ඉනිම අසාර්ථක වීමට දැඩි ලෙස බලපෑවා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ඕෂද 4 පහර 18ක් සමඟ ලකුණු 113ක් ලබා ගත්තා. කමිඳු මෙන්ඩිස් ලකුණු 21යි.
පන්දු යැවීමේ දී Shaheen Afridi සහ Hasan Ali කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූ අතර Abrar Ahmed සහ Aamer Jamal කඩුලු දෙක බැගින් දවා ගත්තා.
- සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්!
- ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය කමිඳුට
- නැගීඑන ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී
- ඩිල්ශාන් – මහීෂ් සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!
- WATCH – ලෝක කුසලානයේ දී අපි ලොකු පෙරළියක් කරනවා – Dasun Shanaka
පිළිතුරු ඉනිම දියත් කරන පාකිස්තානය ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ආරම්භයේ පටන් පන්දුවට පහර දුන් අතර Shan Masood අංක 3 පිතිකරු ලෙස ලකුණු 83ක් ලබා ගත්තේ පන්දු 67ක් තුලයි. ඔහුගේ ඉනිම 4 පහර 9කින් සහ 6 පහර 3කින් අලංකාරවත් වුනා.
Imam-ul-Haq ලකුණු 36යි. නොදැවී පන්දුවට පහර දෙමින් කඩුල්ලේ රැඳී සිටින Babar Azam ලකුණු 14*ක් ලබාගෙන සිටිනවා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ලක්ෂිත මණසිංහ කඩුලු 2ක් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Nawaz b Aamir Jamal | 113 | 127 | 18 | 0 | 88.98 |
Sandun Weerakkody | b Hasan Ali | 0 | 1 | 0 | 0 | 0.00 |
Nuwanidu Fernando | b Abrar Ahmed | 5 | 19 | 0 | 0 | 26.32 |
Kamindu Mendis | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 21 | 41 | 2 | 1 | 51.22 |
Niroshan Dickwella | c Sarfaraz Ahmed b Hasan Ali | 0 | 5 | 0 | 0 | 0.00 |
Nipun Dhananjaya | c & b Aamir Jamal | 14 | 21 | 1 | 1 | 66.67 |
Ahan Wickramasinghe | c Abdullah Shafique b Shaheen Shah Afridi | 2 | 12 | 0 | 0 | 16.67 |
Lakshitha Manasinghe | c Abdullah Shafique b Hasan Ali | 10 | 26 | 1 | 0 | 38.46 |
Kavishka Anjula | b Shaheen Shah Afridi | 2 | 5 | 0 | 0 | 40.00 |
Milan Rathnayake | b Abrar Ahmed | 15 | 22 | 3 | 0 | 68.18 |
Praveen Jayawickrama | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 13 (b 6 , lb 2 , nb 3, w 2, pen 0) |
Total | 196/10 (46.3 Overs, RR: 4.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 12 | 3 | 37 | 3 | 3.08 | |
Hasan Ali | 7.3 | 1 | 22 | 3 | 3.01 | |
Abrar Ahmed | 11 | 1 | 52 | 2 | 4.73 | |
Aamir Jamal | 9 | 1 | 33 | 2 | 3.67 | |
Nauman Ali | 7 | 0 | 44 | 0 | 6.29 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Praveen Jayawickrama b Kavishka Anjula | 25 | 44 | 3 | 0 | 56.82 |
Imam-ul-Haq | c Niroshan Dickwella b Lakshitha Manasinghe | 36 | 75 | 5 | 0 | 48.00 |
Shan Masood | c Kamindu Mendis b Lakshitha Manasinghe | 83 | 67 | 9 | 3 | 123.88 |
Babar Azam | retired | 79 | 113 | 7 | 1 | 69.91 |
Saud Shakeel | retired | 61 | 96 | 6 | 0 | 63.54 |
Agha Salman | lbw b Mohammad Shiraz | 12 | 6 | 3 | 0 | 200.00 |
Sarfaraz Ahmed | not out | 17 | 25 | 0 | 0 | 68.00 |
Mohammad Rizwan | b Praveen Jayawickrama | 12 | 25 | 0 | 1 | 48.00 |
Mohammed Huraira | c Sandun Weerakkody b Praveen Jayawickrama | 12 | 15 | 1 | 0 | 80.00 |
Shaheen Shah Afridi | c Ahan Wickramasinghe b Lakshitha Manasinghe | 3 | 14 | 0 | 0 | 21.43 |
Nauman Ali | c Niroshan Dickwella b Lakshitha Manasinghe | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 0 , nb 1, w 1, pen 0) |
Total | 342/10 (78.3 Overs, RR: 4.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Milan Rathnayake | 11 | 0 | 32 | 0 | 2.91 | |
Mohammad Shiraz | 10 | 2 | 40 | 1 | 4.00 | |
Kavishka Anjula | 9 | 2 | 39 | 1 | 4.33 | |
Asanka Manoj | 7 | 0 | 29 | 0 | 4.14 | |
Lakshitha Manasinghe | 18.3 | 1 | 82 | 4 | 4.48 | |
Praveen Jayawickrama | 19 | 2 | 89 | 2 | 4.68 | |
Shashika Dulshan | 4 | 0 | 31 | 0 | 7.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Sarfaraz Ahmed b Naseem Shah | 6 | 31 | 0 | 0 | 19.35 |
Sandun Weerakkody | c Nauman Ali b Shaheen Shah Afridi | 8 | 14 | 2 | 0 | 57.14 |
Nuwanidu Fernando | not out | 31 | 42 | 2 | 1 | 73.81 |
Kamindu Mendis | st Sarfaraz Ahmed b Agha Salman | 1 | 9 | 0 | 0 | 11.11 |
Niroshan Dickwella | b Agha Salman | 12 | 9 | 2 | 0 | 133.33 |
Nipun Dhananjaya | not out | 26 | 45 | 1 | 0 | 57.78 |
Extras | 4 (b 0 , lb 4 , nb 0, w 0, pen 0) |
Total | 88/4 (30 Overs, RR: 2.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 4 | 2 | 2 | 1 | 0.50 | |
Naseem Shah | 4.1 | 0 | 13 | 1 | 3.17 | |
Abrar Ahmed | 7 | 0 | 26 | 0 | 3.71 | |
Agha Salman | 6.5 | 1 | 18 | 2 | 2.77 | |
Hasan Ali | 4 | 2 | 6 | 0 | 1.50 | |
Mohammad Nawaz | 4 | 0 | 19 | 0 | 4.75 |
හෙට (12) මේ තරගයේ අවසන් දිනයයි. තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<