ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (26) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
දිනයේ නිමාව සටහන් වන විට පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් සිටිමින්.
>>Photos – Pakistan tour of Sri Lanka 2023 | 2nd Test – Day 3<<
ඔවුන් අද දිනය තුල දී ක්‍රියාත්මක වුනු පන්දුවාර 93කුත් පන්දු 3 තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 385ක් ලබා ගත්තේ පන්දුවාරයකට 4.13කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
Agha Salman සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගනිමින් නොදැවී ලකුණු 132*ක් ලබාගෙන සිටින අතර Mohammad Rizwan නොදැවී ලකුණු 37*යි. Mohammad Rizwan සහ Agha Salmanගේ 6 වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 95*ක්.
දැනට පාකිස්තානය ලබාගෙන තිබෙන ලකුණු 563 පාකිස්තානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිමක ලබා ගත් සිව්වැනි වැඩිම ලකුණු ප්‍රමාණයයි.
මේ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25) දිනයේ මිනිත්තු 43ක් පමණක් තරගය ක්‍රීඩා කිරීමට සිදු වු නිසා (අයහපත් කාලගුණ තත්වය නිසා) පන්දුවාර 80ක් අහිමිව ගියා. අද උදෑසන 9.45ට තරගය ආරම්භ වුනා.
- ප්‍රභාත්ගෙන් කඩුලු 50ක්; පාකිස්තානය ලකුණු 83ක් පසුපසින්
- බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්
- ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්
- පාකිස්තානු මුල්පෙළ අභිබවා පසුපෙළ පිතිකරුවන් පෙරමුණට
- ඕෂදගේ ශතකයෙන් ශ්‍රී ලංකා ගෞරවය රැකෙයි
ඒ වන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 178ක් (පන්දුවාර 38කුත් පන්දු 3ක්) ලබාගෙන සිටි අතර දිනයේ පළමු සැසිය තුල Babar Azamගේ කඩුල්ල ලකුණු 39කට නැවත වරක් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වුනා. Babar Azam සහ Abdullah Shafique එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය ලකුණු 89ක්.
දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වුනු 10 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව නව පන්දුව ලබා ගත් අතර එහි දී අසිත ප්‍රනාන්දු යොමු කළ පළමු පන්දු දෙකටම 4 පහර දෙකක් එල්ල කළ Saud Shakeel සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා.
ඒ අනුව ඔහු මේ දක්වා ක්‍රීඩා කර තිබෙන සෑම ටෙස්ට් තරගයකම (පළමු ටෙස්ට් තරග 7) දී එක් ඉනිමක් තුල හෝ අර්ධ ශතකයකට වැඩි (ලකුණු 50+ට වැඩි) ඉනිම් දියත් කර තිබෙන අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වීමට Shakeel සමත් වුනා.
ලකුණු 17 දී Short Leg කලාපයේ රැඳී සිටි නිශාන් මදුෂ්ක වෙත රැකගැනීමට යම් අවස්ථාවක් තිබුණු උඩපන්දු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් Shakeel ලකුණු 56ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම 4 පහර 6කින් වර්ණවත් වුනා. එම දැවී යාමත් සමඟම පාකිස්තානු පළමු ඉනිමේ මේ දක්වා වාර්තා වුනු දෙවැනි ශතක සබඳතාවයට ලකුණු 109 දී තිත තබන්නට අසිත සමත් වුනා.
අනතුරුව පිටියට පැමිණි කඩුලු රකින පිතිකරු Sarfaraz Ahmed වෙත අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දු අවස්ථාවන් දෙකක් Sarfarazගේ හිසේ වැදුනා. ඉන් මොහොතකට පසුව Sarfarazට යම් අපහසුතාවයක් ඇතිවීම නිසාවෙන් ඔහුගේ හිස සෙලවීමකට ලක්ව (concussion) ඇත්ත ද යන්න නැවත පිරික්සා බැලූ අතර එහි දී ලකුණු 14*ක් ලබාගෙන සිටි Sarfaraz නැවත ක්‍රීඩාගාරයට යන්නට තීරණය කළා.
ඒ වන විට පාකිස්තානු ලකුණු සටහන 344/4ක් ලෙස සටහන් වුනා. ඒ නිසාවෙන් ඔහු වෙනුවට Concussion ක්‍රීඩක ආදේශයක් ලෙස කඩුලු රකින පිතිකරු Mohammad Rizwan කණ්ඩායමට ඇතුළත් කිරීමට තරග තීරක David Boon අවසර ලබා දුන්නා.
අනතුරුව Abdullah Shafique සමඟ පිටියේ එක්වූ Agha Salman ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු ඉතාමත් හොඳින් තෝරා බේරාගෙන පන්දුවට පහර දෙමින් ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහ සැලකිය යුතු මට්ටමක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන සිය සබඳතාවය ස්ථාවර කළ අතර තේ පානය වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 397ක් ලබාගෙන සිටියා.
එම සැසිය තුල ද එක් කඩුල්ලකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක කළ පන්දුවාර 28 තුල ලකුණු 124ක් ලබා ගන්නට Shafique, Salman, Sarfaraz සහ Shakeel සමත් වුනා.
පාකිස්තානු ඉනිමේ වීරයා වුනු ආරම්භක දකුණත් පිතිකරු Shafique පන්දුවාර 113කුත් පන්දු 2ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි අතර ඔහු සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම දියත් කරමින් ලකුණු 201ක් ලබා ගත්තේ සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ද ලබාගෙනයි.
මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස සටහන්ව තිබුණේ 2022 වසරේ දී ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 160 ඉනිමයි. එම තරගය පාකිස්තානය ජය ගත් අතර එහි දී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද ඔහුයි.
පාකිස්තානු ආරම්භක පිතිකරුවෙක් මව් රටෙන් එපිට දී ලබා ගත් 7 වැනි ද්විත්ව ශතකය මෙය වන අතර පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් ලබා ගත් 11 වැනි ද්විත්ව ශතකය මෙයයි.
තවද පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගත් තෙවැනි ළාබාලතම පිතිකරුවා බවට ද පත්වීමට Abdullah Shafique සමත් වුනු අතර ඔහුට ඉදිරියෙන් Javed Miandad සහ Hanif Mohammad ඒ වාර්තාව සඳහා හිමිකම් කියා තිබෙනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | run out (Shan Masood) | 4 | 9 | 1 | 0 | 44.44 |
Dimuth Karunaratne | b Naseem Shah | 17 | 37 | 3 | 0 | 45.95 |
Kusal Mendis | c Mohammad Rizwan b Shaheen Shah Afridi | 6 | 9 | 1 | 0 | 66.67 |
Angelo Mathews | c Sarfaraz Ahmed b Naseem Shah | 9 | 26 | 1 | 0 | 34.62 |
Dinesh Chandimal | c Imam-ul-Haq b Naseem Shah | 34 | 60 | 4 | 0 | 56.67 |
Dhananjaya de Silva | c Saud Shakeel b Abrar Ahmed | 57 | 68 | 9 | 1 | 83.82 |
Sadeera Samarawickrama | c Abdullah Shafique b Abrar Ahmed | 0 | 4 | 0 | 0 | 0.00 |
Ramesh Mendis | c Saud Shakeel b Abrar Ahmed | 27 | 44 | 3 | 0 | 61.36 |
Prabath Jayasuriya | run out (Shan Masood) | 1 | 7 | 0 | 0 | 14.29 |
Asitha Fernando | b Abrar Ahmed | 8 | 24 | 2 | 0 | 33.33 |
Dilshan Madushanka | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 166/10 (48.4 Overs, RR: 3.41) |
Fall of Wickets | 1-9 (2.4) Nishan Madushka, 2-23 (6.1) Kusal Mendis, 3-35 (12.5) Angelo Mathews, 4-36 (14.1) Dimuth Karunaratne, 5-121 (33.5) Dinesh Chandimal, 6-122 (34.4) Sadeera Samarawickrama, 7-133 (36.3) Dhananjaya de Silva, 8-136 (38.6) Prabath Jayasuriya, 9-163 (46.2) Asitha Fernando , 10-166 (48.4) Ramesh Mendis, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 11 | 1 | 44 | 1 | 4.00 | |
Naseem Shah | 14 | 3 | 41 | 3 | 2.93 | |
Abrar Ahmed | 20.4 | 2 | 69 | 4 | 3.38 | |
Nauman Ali | 3 | 1 | 10 | 0 | 3.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dilshan Madushanka b Prabath Jayasuriya | 201 | 326 | 19 | 4 | 61.66 |
Imam-ul-Haq | c Nishan Madushka b Asitha Fernando | 6 | 6 | 1 | 0 | 100.00 |
Shan Masood | c Kusal Mendis b Asitha Fernando | 51 | 47 | 4 | 1 | 108.51 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 39 | 75 | 4 | 1 | 52.00 |
Saud Shakeel | lbw b Asitha Fernando | 57 | 110 | 6 | 0 | 51.82 |
Sarfaraz Ahmed | -select- b | 14 | 22 | 3 | 0 | 63.64 |
Agha Salman | not out | 132 | 154 | 15 | 1 | 85.71 |
Mohammad Rizwan | not out | 50 | 67 | 4 | 1 | 74.63 |
Extras | 26 (b 4 , lb 16 , nb 3, w 3, pen 0) |
Total | 576/5 (134 Overs, RR: 4.3) |
Fall of Wickets | 1-13 (2.3) Imam-ul-Haq, 2-121 (21.5) Shan Masood, 3-210 (47.5) Babar Azam, 4-319 (80.3) Saud Shakeel, 5-468 (113.2) Abdullah Shafique, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 25 | 1 | 133 | 3 | 5.32 | |
Dilshan Madushanka | 17 | 3 | 77 | 0 | 4.53 | |
Ramesh Mendis | 36 | 2 | 139 | 0 | 3.86 | |
Prabath Jayasuriya | 53 | 11 | 194 | 2 | 3.66 | |
Dhananjaya de Silva | 3 | 1 | 13 | 0 | 4.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | b Noman Ali | 33 | 72 | 4 | 1 | 45.83 |
Dimuth Karunaratne | c Imam-ul-Haq b Noman Ali | 41 | 61 | 6 | 0 | 67.21 |
Kusal Mendis | c Saud Shakeel b Noman Ali | 14 | 35 | 2 | 0 | 40.00 |
Angelo Mathews | not out | 63 | 127 | 7 | 2 | 49.61 |
Dinesh Chandimal | c Imam-ul-Haq b Noman Ali | 1 | 11 | 0 | 0 | 9.09 |
Dhananjaya de Silva | c Abrar Ahmed b Noman Ali | 10 | 38 | 2 | 0 | 26.32 |
Sadeera Samarawickrama | c Shan Masood b Noman Ali | 5 | 11 | 1 | 0 | 45.45 |
Ramesh Mendis | st Mohammad Rizwan b Noman Ali | 16 | 42 | 2 | 0 | 38.10 |
Prabath Jayasuriya | b Naseem Shah | 0 | 4 | 0 | 0 | 0.00 |
Asitha Fernando | b | 0 | 2 | 0 | 0 | 0.00 |
Dilshan Madushanka | b | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0) |
Total | 188/10 (67.4 Overs, RR: 2.78) |
Fall of Wickets | 1-69 (18.1) Nishan Madushka, 2-86 (26.2) Dimuth Karunaratne, 3-99 (30.2) Kusal Mendis, 4-109 (32.5) Dinesh Chandimal, 5-131 (46.2) Dhananjaya de Silva, 6-141 (50.1) Sadeera Samarawickrama, 7-177 (64.3) Ramesh Mendis, 8-184 (65.5) Prabath Jayasuriya, 9-188 (67.1) Asitha Fernando , 10-188 (67.4) Dilshan Madushanka, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 12 | 5 | 30 | 0 | 2.50 | |
Naseem Shah | 17.4 | 5 | 44 | 3 | 2.53 | |
Abrar Ahmed | 10 | 1 | 34 | 0 | 3.40 | |
Noman Ali | 23 | 8 | 70 | 7 | 3.04 | |
Agha Salman | 5 | 1 | 6 | 0 | 1.20 |
SSC ක්‍රීඩාංගණය තුල සංචාරක කණ්ඩායමක ආරම්භක පිතිකරුවෙක් ලබා ගත් පළමු ද්විත්ව ශතකය ලෙස ද Shafiqueගේ ද්විත්ව ශතකය වාර්තා පොත් අතරට එකතු වුනා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රභාත් කඩුලු 2ක් දවා ගත්තා.
මේ තරගයේ පාකිස්තානු පළමු ඉනිම තුල ශ්‍රී ලංකාව ලබා ගත් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ (DRS) අවස්ථාවන් තුනම රමේෂ් මෙන්ඩිස් විසින් යොමු කළ පන්දු හමුවේ Agha Salmanට එරෙහිව ලබා ගත් අතර Alex Wharf විනිසුරු අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකාව භාවිතා කළ එම DRS අවස්ථාවන් 3ම අපතේ ගියා.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන මේ තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය පාකිස්තානය කඩුලු 4කින් ජය ගත් නිසා තරගාවලිය තුල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි. හෙට (27) මේ තරගයේ සිව්වැනි දිනයයි.
තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<