ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (19) අවසන් වුනා.
දිනය අවසන් වන විට ලකුණු 131ක ඉලක්කයක් හඹා යමින් සිටින පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටින්නේ සිය ජයග්‍රහණයට තවත් ලකුණු 83ක් පසුපසින් සිටිමින්. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Imam-ul-Haq ලකුණු 25*යි, නායක Babar Azam ලකුණු 6යි.
සිව්වැනි දිනය උදෑසන 9.45ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු නමුත්, 9.20ට පමණ ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් තරගයේ ආරම්භය මිනිත්තු 15කින් ප්‍රමාද කරන්නට විනිසුරුවරුන්ට සිදු වුනා. ඒ අනුව උදෑසන 10ට ආරම්භ වුනු සිව්වැනි දිනය තුල පන්දුවාර 98ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණා.
දිනය තුල ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට ලකුණු 28ක් එක්වුණු පසුබිමක දකුණතින් පා දඟපන්දු යවන Abrar Ahmedගේ පන්දුවක් හමුවේ midwicket කලාපයට පන්දුව තල්ලු කිරීමට දිමුත් උත්සහ කළ නමුත්, අනපේක්ෂිත ඉපිලීමත් සමඟම ඔහුට එය නිවැරදි ලෙස ස්ථාන ගත කිරීමට නොහැකි වීම සිය වාසියට හරවා ගත් Agha Salman දක්ෂ උඩපන්දුවක් රැකගනිමින් ලකුණු 20ක් ලබාගෙන සිටි දිමුත්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගත්තා.
පළමු ඉනිමේ Shaheen Shah Afridiගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී ගිය කුසල් මෙන්ඩිස් මේ තීරණාත්මක දෙවැනි ඉනිම තුල ලකුණු 18කට දැවී ගියේ පළමු ඉනිම තුල එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට අපොහොසත් වුනු වමතින් දඟපන්දු යවන Noman Ali හට සිය පළමු කඩුල්ල දවා ගැනීමට අවස්ථාව සලසා දෙමිනුයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 64ක් ලබා ගත් ඇන්ජලෝ මැතිව්ස් දිවා ආහාරයට මිනිත්තු 12ක් පමණ ඉතිරිව තිබිය දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට Noman සමත් වුනා.
එහි දී good length කලාපයේ පතිත වුනු පන්දුව දඟ කැවීමකට ලක්වුණු අතර මැතිව්ස් ඉදිරි පාදයේ ආරක්‍ෂිත පහරක් එල්ල කිරීමට උත්සහ කළ නමුත්, පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව slip කලාපයේ පන්දු රකිමින් සිටි නායක Babar Azam විසින් සුරැකිව රැකගැනීමත් සමඟම ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල ද බිඳ වැටුණා.
දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 94ක් ලබාගෙන සිටියා. පාකිස්තාන පන්දු යවන්නන් දිනයේ පළමු සැසිය තුල පන්දුවාර 31කුත් පන්දු 2ක් ක්‍රියාත්මක කළ අතර එහි දී ලකුණු 80ක් තුල ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 3ක් බිඳ දමමින් ඉතාමත් හොඳ සැසියක් අවසන් කිරීමට ඔවුන් සමත් වුනා.
- බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්
- ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්
- පාකිස්තානු මුල්පෙළ අභිබවා පසුපෙළ පිතිකරුවන් පෙරමුණට
- ලෝක ටෙස්ට් ශූරතාවලියේ මංගල උරගා බැලීම
- ශ්‍රී ලංකාව සමඟින් තරගයට එන පාකිස්තාන බලඇණිය
ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4කට දැවී ගිය මදුෂ්ක දිවා ආහාරයෙන් අනතුරුව Shaheen Shah Afridi විසින් යොමු කළ දෙවැනි පන්දුවට cover drive පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා.
ඉන්පසුව Noman Ali ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවට cover කලාපය හරහා පහරක් එල්ල කිරීමට උත්සහ කළ නමුත්, දඟ කැවීමක් සමඟම පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින Sarfaraz Ahmed වෙත ඇදී ආ පන්දුව ඔහු පහසුවෙන් රැක ගැනීමත් සමඟම ශ්‍රී ලංකා මුල්පෙළ ස්ථාවර කළ මදුෂ්ක ලකුණු 52කට දැවී ගියා. ඔහුගේ ඉනිම 4 පහර 7කින් සහ 6 පහරකින් අලංකාරවත් වුනා.
අනතුරුව පිටියේ එක්වූ චන්දිමාල් සහ ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97ක් තුල අගනා ලකුණු 60ක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 99/4ක් ලෙස සටහන්ව තිබුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 159ක් දක්වා ඔසවා තැබුවා.
එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 28ක් ලබාගෙන සිටි චන්දිමාල් දැවී ගියා. Agha Salmanගේ පන්දුවක් හමුවේ midwicket කලාපයට ඉතාමත් පහතින් ඇදී ආ අතර එය ඉතාමත් දක්ෂ ලෙස රැකගන්නට Imam-ul-Haq සමත් වුනා.
දිනයේ දෙවැනි සැසිය තුල ද කඩුලු 3ක් දැවී ගිය නමුත් පන්දුවාර 32ක් තුල ලකුණු 116ක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනේ 3.63ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
සධීර සමරවික්‍රම පළමු ඉනිමේ දී දැවී ගිය ආකාරය හා සමාන ආකාරයෙන්ම Agha Salmanගේ පන්දුවක් හමුවේ short leg කලාපයට උඩපන්දුවක් ලබා දෙමින් දෙවැනි ඉනිම තුල ද දැවී ගිය අතර එහි දී Abdullah Shafique දක්ෂ ගණයේ උඩපන්දුවක් රැකගත්තා.
පළමු ඉනිමේ දී මෙන්ම නැවත වතාවක් ශ්‍රී ලංකා මැදපෙළ ස්ථාවර කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු ධනංජය ද සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 134ක් තුල ලකුණු 76ක සබඳතාවයක් ගොඩනැංවුවා.
නමුත්, ලකුණු 42ක් ලබාගෙන සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය අභියස සිටි රමේෂ් Abrar Ahmedගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ද අහිමි කරමිනුයි.
>>Photos – Pakistan tour of Sri Lanka 2023 | 1st Test – Day 4<<
පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් ධනංජය දෙවැනි ඉනිම තුල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින් ඉතාමත් අලංකාරවත් ලෙස පිතිකරණයේ නිරත වුනා.
80 වැනි පන්දුවාරය අවසන් වූ සැනින්ම නව පන්දුව ලබා ගත් පාකිස්තානය ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ දී ම ලකුණු 82ක් ලබාගෙන සිටි ධනංජය දැවී ගියේ Shaheen Shah Afridiගේ පන්දුවකටයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට වේගපන්දු යවන්නන් සමත් වුවත්, දෙවැනි ඉනිම තුල පාකිස්තානු වේගපන්දු යවන්නන් දවා ගත් පළමු කඩුල්ල දවා ගත්තේ දඟපන්දු යවන්නන් විසින් කඩුලු 7ක් දවා ගැනීමෙන් අනතුරුවයි.
අවසානයේ දී ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 28ක් තුල දවා ගත් පාකිස්තානය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 279කට සීමා කරමින් දස්කම් දැක්වූ අතර එහි දී Noman Ali සහ Abrar Ahmed කඩුලු 3 බැගින් දවා ගත්තා.
ඒ අනුව ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලයේ සබඳතාවය ලකුණු 16ක් තුල බිඳ දමමින් ලකුණු 8ක් ලබාගෙන සිටි Abdullah Shafiqueගේ කඩුල්ල දවා ගන්නට ප්‍රභාත් සමත් වුනු අතර එය ගාල්ල ක්‍රීඩාංගණය මත ප්‍රභාත් විසින් දවා ගත් 50 වැනි ටෙස්ට් කඩුල්ලයි.
ඊට අමතරව Shan Masood ලකුණු 7කට සහ සැදෑ ආරක්ෂක පිතිකරුවා ලෙස පිටියට පැමිණි Noman Ali ලකුණු නොලබාම දවා ගන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 4 | 9 | 0 | 0 | 44.44 |
Dimuth Karunaratne | c Safraz Ahmed b Shaheen Shah Afridi | 29 | 43 | 6 | 0 | 67.44 |
Kusal Mendis | c Agha Salman b Shaheen Shah Afridi | 12 | 14 | 3 | 0 | 85.71 |
Angelo Mathews | c Sarfaraz Ahmed b Abrar Ahmed | 64 | 109 | 9 | 0 | 58.72 |
Dinesh Chandimal | c Babar Azam b Naseem Shah | 1 | 6 | 0 | 0 | 16.67 |
Dhananjaya de Silva | c Shan Masood b Naseem Shah | 122 | 214 | 12 | 3 | 57.01 |
Sadeera Samarawickrama | c Imam-ul-Haq b Agha Salman | 36 | 57 | 5 | 0 | 63.16 |
Ramesh Mendis | c Babar Azam b Abrar Ahmed | 5 | 40 | 1 | 0 | 12.50 |
Prabath Jayasuriya | c Sarfaraz Ahmed b Naseem Shah | 4 | 29 | 0 | 0 | 13.79 |
Kasun Rajitha | c Abdullah Shafique b Abrar Ahmed | 8 | 24 | 1 | 0 | 33.33 |
Vishwa Fernando | not out | 21 | 28 | 2 | 1 | 75.00 |
Extras | 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 312/10 (95.2 Overs, RR: 3.27) |
Fall of Wickets | 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 24 | 3 | 86 | 3 | 3.58 | |
Naseem Shah | 22 | 2 | 90 | 3 | 4.09 | |
Abrar Ahmed | 31.2 | 9 | 68 | 3 | 2.18 | |
Agha Salman | 5 | 1 | 18 | 1 | 3.60 | |
Nauman Ali | 13 | 2 | 45 | 0 | 3.46 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 19 | 28 | 3 | 0 | 67.86 |
Imam-ul-Haq | c Kamil Mishara b Kasun Rajitha | 1 | 10 | 0 | 0 | 10.00 |
Shan Masood | lbw b Ramesh Mendis | 39 | 30 | 5 | 1 | 130.00 |
Babar Azam | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 13 | 16 | 2 | 0 | 81.25 |
Saud Shakeel | not out | 208 | 361 | 19 | 0 | 57.62 |
Sarfaraz Ahmed | lbw b Prabath Jayasuriya | 17 | 15 | 3 | 0 | 113.33 |
Agha Salman | st Sadeera Samarawickrama b Ramesh Mendis | 83 | 113 | 9 | 1 | 73.45 |
Nauman Ali | lbw b Ramesh Mendis | 25 | 57 | 4 | 0 | 43.86 |
Shaheen Shah Afridi | lbw b Vishwa Fernando | 9 | 14 | 2 | 0 | 64.29 |
Naseem Shah | b Ramesh Mendis | 6 | 78 | 1 | 0 | 7.69 |
Abrar Ahmed | c Angelo Mathews b Ramesh Mendis | 10 | 12 | 1 | 1 | 83.33 |
Extras | 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0) |
Total | 461/10 (121.2 Overs, RR: 3.8) |
Fall of Wickets | 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 18 | 1 | 69 | 1 | 3.83 | |
Kasun Rajitha | 19 | 1 | 77 | 1 | 4.05 | |
Prabath Jayasuriya | 35 | 3 | 145 | 3 | 4.14 | |
Ramesh Mendis | 42.2 | 2 | 136 | 5 | 3.22 | |
Dhananjaya de Silva | 7 | 1 | 17 | 0 | 2.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Nauman Ali | 52 | 115 | 7 | 1 | 45.22 |
Dimuth Karunaratne | c Agha Salman b Abrar Ahmed | 20 | 27 | 4 | 0 | 74.07 |
Kusal Mendis | lbw b Nauman Ali | 18 | 45 | 2 | 0 | 40.00 |
Angelo Mathews | c Babar Azam b Nauman Ali | 7 | 21 | 1 | 0 | 33.33 |
Dinesh Chandimal | c Imam-ul-Haq b Agha Salman | 28 | 64 | 3 | 0 | 43.75 |
Dhananjaya de Silva | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 82 | 118 | 10 | 2 | 69.49 |
Sadeera Samarawickrama | c Abdullah Shafique b Agha Salman | 11 | 11 | 2 | 0 | 100.00 |
Ramesh Mendis | lbw b Abrar Ahmed | 42 | 79 | 3 | 1 | 53.16 |
Prabath Jayasuriya | c Shan Masood b Shaheen Shah Afridi | 10 | 11 | 2 | 0 | 90.91 |
Vishwa Fernando | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Shan Masood b Abrar Ahmed | 5 | 3 | 0 | 0 | 166.67 |
Extras | 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 279/10 (83.1 Overs, RR: 3.35) |
Fall of Wickets | 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 13 | 0 | 64 | 2 | 4.92 | |
Naseem Shah | 12 | 2 | 32 | 0 | 2.67 | |
Agha Salman | 9 | 0 | 39 | 2 | 4.33 | |
Abrar Ahmed | 24.1 | 5 | 68 | 3 | 2.82 | |
Nauman Ali | 25 | 5 | 75 | 3 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 8 | 18 | 1 | 0 | 44.44 |
Imam-ul-Haq | not out | 50 | 84 | 4 | 0 | 59.52 |
Shan Masood | c Nishan Madushka b Prabath Jayasuriya | 7 | 11 | 1 | 0 | 63.64 |
Nauman Ali | run out (Ramesh Mendis) | 0 | 7 | 0 | 0 | 0.00 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 24 | 28 | 5 | 0 | 85.71 |
Saud Shakeel | c Sadeera Samarawickrama b Ramesh Mendis | 30 | 38 | 6 | 0 | 78.95 |
Sarfaraz Ahmed | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 10 | 0 | 0 | 10.00 |
Agha Salman | not out | 6 | 1 | 0 | 1 | 600.00 |
Extras | 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 133/6 (32.5 Overs, RR: 4.05) |
Fall of Wickets | 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 2 | 1 | 6 | 0 | 3.00 | |
Ramesh Mendis | 14 | 1 | 62 | 1 | 4.43 | |
Prabath Jayasuriya | 14.5 | 0 | 56 | 4 | 3.86 | |
Dhananjaya de Silva | 2 | 1 | 2 | 0 | 1.00 |
හෙට (20) මේ තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අතර මීට පෙර 2022 වසරේ ගාල්ලේ දී පැවති තරග දෙකකින් යුත් තරගාවලියේ දී ද පාකිස්තානය පළමු ටෙස්ට් තරගය ජය ගත් අතර දෙවැනි තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<