ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා.
දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකාව සිය පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 14ක් ලබාගෙන සිටින්නේ පාකිස්තානයට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් සිටිමින්. දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුෂ්ක පිළිවෙළින් ලකුණු 6*ක් සහ ලකුණු 8*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
>>Photos – Pakistan tour of Sri Lanka 2023 | 1st Test – Day 3<<
මිනිත්තු 48කින් පමණ ප්‍රමාද වී තෙවැනි දිනය ආරම්භ කිරීමට සිදු වුනේ අයහපත් කාලගුණ තත්වය නිසයි. ඒ නිසාවෙන් අද දිනය තුල පන්දුවාර 91ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු අතර දිනය ආරම්භ වන විට පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 221ක් ලබාගෙන සිටියා. දිනයේ පළමු සැසිය තුල ක්‍රියාත්මක වුනු පන්දුවාර 25 තුල පාකිස්තානය එක් කඩුල්ලක් පමණක් වැය කරමින් ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වුනා.
Agha Salman සහ Saud Shakeel දිනයේ ආරම්භක පන්දුවාර කිහිපය තුල ද ඉතාමත් හොඳ ධනාත්මක පිතිකරණයක නිරත වෙමින් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නා.
ක්‍රීඩාගාරය අන්තයේ සිට රමේෂ් මෙන්ඩිස් ක්‍රියාත්මක කළ පාකිස්තානු පළමු ඉනිමේ 56 වැනි පන්දුවාරය තුල ලකුණු 93ක් ලබාගෙන සිටි Shakeel, backward short leg හි පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය රැකගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
පාකිස්තාන පළමු ඉනිමේ වීරයා වුනු Shakeel එම පන්දුවාරයේ දී ම සිය ශතකය සම්පූර්ණ කර ගත් අතර සිය මව් රටෙන් එපිට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිම තුල Shakeel ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගැනීම කාගේත් වැඩි අවධානයකට ලක්වුනා.
එම පන්දුවාරයේම අවසන් පන්දුව තුල ලකුණු 83ක් ලබාගෙන සිටි Agha Salman ස්ටම්ප් කිරීමකට හසුකරගෙන දවා ගන්නට රමේෂ් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු 6 වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 177කට සීමා වුනා.
එම සබඳතාවය ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයක පාකිස්තාන පිතිකරුවන් යුගලයක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සබඳතාවය බවට පත්වුණු අතර, මීට පෙර Sarfaraz Ahmed සහ Asad Shafiq 2017 වසරේ දී Dubai හිදී ලකුණු 173ක සබඳතාවයක් ගොඩනංවමින් පිහිටුවා තිබූ වාර්තාව Agha Salman සහ Saud Shakeel විසින් මෙසේ අලුත් කළා.
දිනයේ දිවා ආහාරය වන විට කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබාගෙන සිටි පාකිස්තානු ඉනිම ගොඩනැංවීම සඳහා මුල් අඩිතාලම සකස් කළ වමත් පිතිකරු Saud Shakeel සමඟ එක්වුණු Noman Ali 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ලකුණු 25ක් ලබාගෙන සිටි Noman දවාගත් රමේෂ් එම සබඳතාවයට තිත තැබුවා. Shaheen Shah Afridi ලකුණු 9කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා.
- බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්
- ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්
- ලෝක ටෙස්ට් ශූරතාවලියේ මංගල උරගා බැලීම
- ශ්‍රී ලංකාව සමඟින් තරගයට එන පාකිස්තාන බලඇණිය
- ඕෂදගේ ශතකයෙන් ශ්‍රී ලංකා ගෞරවය රැකෙයි
81 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි ප්‍රභාත් ජයසූරිය හට එම පන්දුවාරයේ පන්දු 4ක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව නව පන්දුව ලබා දීමට නායක දිමුත් තීරණය කළා. ඒ වන විට පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 354ක් ලබාගෙන සිටියා.
නව පන්දුව ලබා ගැනීමෙන් පන්දු 11කට පසුව ප්‍රභාත් යොමු කළ පන්දුවකට Shakeel ස්ලොග් ස්වීප් පහරක් එල්ල කරමින් deep point කලාපයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් හට උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය රැකගන්නට මැතිව්ස් හට හැකි වුනේ නැහැ. ඒ වන විට Shakeel ලකුණු 139 සීමාවේ රැඳී සිටියා.
දිනයේ දෙවැනි සැසිය තුල ශ්‍රී ලංකාව පන්දුවාර 25ක් ක්‍රියාත්මක කරමින් කඩුලු 2ක් දවා ගන්නා විට පාකිස්තානය ලකුණු 76ක් ලබාගත්තේ 3.04ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
තේ පානයට පසුව ද තවදුරටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුනු පාකිස්තානු පසුපෙළ පිතිකරුවන් වෙනුවෙන් Shakeel සමඟින් එක්වුණු Naseem Shah 8 වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 94ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ලකුණු 6ක් ලබාගෙන සිටි Naseem රමේෂ්ගේ පන්දුවක් හමුවේ දැවී යාම නිසා එම සබඳතාවය අවසන් වුනා.
ලකුණු 101කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු පාකිස්තානු පළමු ඉනිම ලකුණු 461ක් (අවසන් කඩුලු 5 තුල ලකුණු 360ක්) දක්වා රැගෙන එන්නට ද්විත්ව ශතකයකින් දායක වුනු Shakeel සිය පළමු ද්විත්ව ශතකය ලබාගත් අතර ඔහු තවමත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කර තිබෙන්නේ තරග 6ක් පමණයි.
එසේ වුවත් ඔහුගේ පාද චලනය, මැණික් කටුව හැසිරවීම, හිදැස් අතරින් පන්දුව යොමු කිරීම සහ ආරක්ෂිත පහරවල් එල්ල කිරීම ඉතාමත් සුපිරි මට්ටමක තිබුණු අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 208*ක් ලබාගත්තා. පන්දු 361ක් තුල වාර්තා වුනු ඔහුගේ ඉනිමට 4 පහර 19ක් ඇතුළත් වුනා. එය පාකිස්තානු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙස ද වාර්තා පොත් අලුත් කළා.
පන්දු යැවීමේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 5 වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත් රමේෂ් ලකුණු 136කට කඩුලු 5ක් දවා ගන්නා විට, ප්‍රභාත් කඩුලු 3ක් දවා ගත්තා. එය ඔහු නොකඩවා ලබාගත් දෙවැනි කඩුලු 5 අවස්ථාවයි.
Noman (ලකුණු 7) කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණා. කෙසේ නමුත් විනිසුරු නොදැවී යාමක් ලෙස සටහන් කළ පසුව ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවසන් අවස්ථාව ලබා නොගෙන ඉදිරියට යාමට තීරණය කළ නමුත් පසුව නිරීක්ෂණය වුනු පුනරූපණ අනුව එය දැවී යාමක් බව පෙනෙන්නට තිබුණා.
ඊට අමතරව සමස්තයක් ලෙස පාකිස්තානු පළමු ඉනිමේ උඩපන්දු අවස්ථා 3ක් (Agha Salman ලකුණු 32, Saud Shakeel ලකුණු 93 සහ 139) සහ Naseem Shah ලබා දුන් ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් මඟ හැරී යාම පාකිස්තාන ඉනිම තවදුරටත් රැගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දුන් අවස්ථා කිහිපයක්. හෙට (19) තරගයේ සිව්වැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 4 | 9 | 0 | 0 | 44.44 |
Dimuth Karunaratne | c Safraz Ahmed b Shaheen Shah Afridi | 29 | 43 | 6 | 0 | 67.44 |
Kusal Mendis | c Agha Salman b Shaheen Shah Afridi | 12 | 14 | 3 | 0 | 85.71 |
Angelo Mathews | c Sarfaraz Ahmed b Abrar Ahmed | 64 | 109 | 9 | 0 | 58.72 |
Dinesh Chandimal | c Babar Azam b Naseem Shah | 1 | 6 | 0 | 0 | 16.67 |
Dhananjaya de Silva | c Shan Masood b Naseem Shah | 122 | 214 | 12 | 3 | 57.01 |
Sadeera Samarawickrama | c Imam-ul-Haq b Agha Salman | 36 | 57 | 5 | 0 | 63.16 |
Ramesh Mendis | c Babar Azam b Abrar Ahmed | 5 | 40 | 1 | 0 | 12.50 |
Prabath Jayasuriya | c Sarfaraz Ahmed b Naseem Shah | 4 | 29 | 0 | 0 | 13.79 |
Kasun Rajitha | c Abdullah Shafique b Abrar Ahmed | 8 | 24 | 1 | 0 | 33.33 |
Vishwa Fernando | not out | 21 | 28 | 2 | 1 | 75.00 |
Extras | 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 312/10 (95.2 Overs, RR: 3.27) |
Fall of Wickets | 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 24 | 3 | 86 | 3 | 3.58 | |
Naseem Shah | 22 | 2 | 90 | 3 | 4.09 | |
Abrar Ahmed | 31.2 | 9 | 68 | 3 | 2.18 | |
Agha Salman | 5 | 1 | 18 | 1 | 3.60 | |
Nauman Ali | 13 | 2 | 45 | 0 | 3.46 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 19 | 28 | 3 | 0 | 67.86 |
Imam-ul-Haq | c Kamil Mishara b Kasun Rajitha | 1 | 10 | 0 | 0 | 10.00 |
Shan Masood | lbw b Ramesh Mendis | 39 | 30 | 5 | 1 | 130.00 |
Babar Azam | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 13 | 16 | 2 | 0 | 81.25 |
Saud Shakeel | not out | 208 | 361 | 19 | 0 | 57.62 |
Sarfaraz Ahmed | lbw b Prabath Jayasuriya | 17 | 15 | 3 | 0 | 113.33 |
Agha Salman | st Sadeera Samarawickrama b Ramesh Mendis | 83 | 113 | 9 | 1 | 73.45 |
Nauman Ali | lbw b Ramesh Mendis | 25 | 57 | 4 | 0 | 43.86 |
Shaheen Shah Afridi | lbw b Vishwa Fernando | 9 | 14 | 2 | 0 | 64.29 |
Naseem Shah | b Ramesh Mendis | 6 | 78 | 1 | 0 | 7.69 |
Abrar Ahmed | c Angelo Mathews b Ramesh Mendis | 10 | 12 | 1 | 1 | 83.33 |
Extras | 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0) |
Total | 461/10 (121.2 Overs, RR: 3.8) |
Fall of Wickets | 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 18 | 1 | 69 | 1 | 3.83 | |
Kasun Rajitha | 19 | 1 | 77 | 1 | 4.05 | |
Prabath Jayasuriya | 35 | 3 | 145 | 3 | 4.14 | |
Ramesh Mendis | 42.2 | 2 | 136 | 5 | 3.22 | |
Dhananjaya de Silva | 7 | 1 | 17 | 0 | 2.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Nauman Ali | 52 | 115 | 7 | 1 | 45.22 |
Dimuth Karunaratne | c Agha Salman b Abrar Ahmed | 20 | 27 | 4 | 0 | 74.07 |
Kusal Mendis | lbw b Nauman Ali | 18 | 45 | 2 | 0 | 40.00 |
Angelo Mathews | c Babar Azam b Nauman Ali | 7 | 21 | 1 | 0 | 33.33 |
Dinesh Chandimal | c Imam-ul-Haq b Agha Salman | 28 | 64 | 3 | 0 | 43.75 |
Dhananjaya de Silva | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 82 | 118 | 10 | 2 | 69.49 |
Sadeera Samarawickrama | c Abdullah Shafique b Agha Salman | 11 | 11 | 2 | 0 | 100.00 |
Ramesh Mendis | lbw b Abrar Ahmed | 42 | 79 | 3 | 1 | 53.16 |
Prabath Jayasuriya | c Shan Masood b Shaheen Shah Afridi | 10 | 11 | 2 | 0 | 90.91 |
Vishwa Fernando | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Shan Masood b Abrar Ahmed | 5 | 3 | 0 | 0 | 166.67 |
Extras | 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 279/10 (83.1 Overs, RR: 3.35) |
Fall of Wickets | 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 13 | 0 | 64 | 2 | 4.92 | |
Naseem Shah | 12 | 2 | 32 | 0 | 2.67 | |
Agha Salman | 9 | 0 | 39 | 2 | 4.33 | |
Abrar Ahmed | 24.1 | 5 | 68 | 3 | 2.82 | |
Nauman Ali | 25 | 5 | 75 | 3 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 8 | 18 | 1 | 0 | 44.44 |
Imam-ul-Haq | not out | 50 | 84 | 4 | 0 | 59.52 |
Shan Masood | c Nishan Madushka b Prabath Jayasuriya | 7 | 11 | 1 | 0 | 63.64 |
Nauman Ali | run out (Ramesh Mendis) | 0 | 7 | 0 | 0 | 0.00 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 24 | 28 | 5 | 0 | 85.71 |
Saud Shakeel | c Sadeera Samarawickrama b Ramesh Mendis | 30 | 38 | 6 | 0 | 78.95 |
Sarfaraz Ahmed | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 10 | 0 | 0 | 10.00 |
Agha Salman | not out | 6 | 1 | 0 | 1 | 600.00 |
Extras | 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 133/6 (32.5 Overs, RR: 4.05) |
Fall of Wickets | 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 2 | 1 | 6 | 0 | 3.00 | |
Ramesh Mendis | 14 | 1 | 62 | 1 | 4.43 | |
Prabath Jayasuriya | 14.5 | 0 | 56 | 4 | 3.86 | |
Dhananjaya de Silva | 2 | 1 | 2 | 0 | 1.00 |
තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<