Home Sinhala සදීර සහ නුවනිඳුගේ අර්ධ ශතක ශ්‍රී ලංකාව පෙරමුණේ තබයි

සදීර සහ නුවනිඳුගේ අර්ධ ශතක ශ්‍රී ලංකාව පෙරමුණේ තබයි

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

365

පාකිස්තානය සහ ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (12) නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබාගෙන සිටියා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගය ඊයේ (11) දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

නොදැවී ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැඳී සිටි Saud Shakeel ආබාධයක් නිසාවෙන් අද උදෑසන පිටියෙන් ඉවත් වූ අතර අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු 55ක් ලබා සිටි Agha Salman දැවී ගියේ උදිත් මධුෂාන්ගේ පන්දුවක් හමුවේයි.

Mohammad Nawaz ලකුණු 16ක් ලබා සිටිය දී ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වූ අතර Yasir Shah ලකුණු 9කට දැවී ගියේ ලක්ෂිත මනසිංහගේ සිව්වැනි කඩුල්ල ලෙසයි.

ඒ සමඟ පාකිස්තාන පළමු ඉනිම ලකුණු 323කට සීමා වූ අතර අගනා පන්දු යැවීමක නිරත වූ මනසිංහ කඩුලු 4ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ නිශාන් මධුශ්ක ඉනිම ආරම්භ කළ අතර නිශාන් ලකුණු 23ක් ලබා සිටිය දී සුළු ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වුනා.

ඉන්පසුව පිටියේ එක්වූ සදීර සහ නුවනිඳු ප්‍රනාන්දු ශතක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර ලකුණු 91ක් ලබා සිටි සදීර ශතකය ආසන්නයේ දී දැවී ගියේ Agha Salmanගේ පන්දුවක් හමුවේයි.

නායක නිපුන් ධනංජයගේ ඉනිම ලකුණු 14කට සීමා කිරීමට Mohammad Nawazට හැකි වෙද්දී, ළහිරු උදාර ලකුණු 04කට දවා ගැනීම Nawazට හැකි වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කරමින්.

සිව්වැනි කඩුල්ල සඳහා සහන් ආරච්චිගේ සමඟ එක්ව ලකුණු 58ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු ලකුණු 78ක් ලබා සිටි නුවනිඳු Yasir Shahගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ ලකුණු 246ක් ලෙසයි.

ඉන් කෙටි වේලාවකට පසු ලකුණු 28ක් ලබා සිටි සහන් ආරච්චිගේ Naseem Shahගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉන් පසුව නිශාන් මධුශ්ක නැවතත් පිතිකරණය සඳහා පිටියට පිවිසියා.

නිශාන් මධුශ්ක සහ චාමික කරුණාරත්න පිහිටවූ 30ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් අද (12) දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 45ක් පිටුපසින් සිටිනවා.


Result

Match drawn

Sri Lanka Cricket XI
375/8 (99)

Pakistan
323/10 (97) & 178/2 (50)

Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Nuwanidu Fernando b Udith Madushan 3 10 0 0 30.00
Imam-ul-Haq c Nipun Dananjaya b Angelo Perera 0 10 0 0 0.00
Azhar Ali c Nuwanidu Fernando b Lasith Embuldeniya 43 118 3 0 36.44
Babar Azam c Lahiru Udara b Lakshitha Manasinghe 88 113 8 4 77.88
Fawad Alam c Sadeera Samarawickrama b Lakshitha Manasinghe 22 64 2 0 34.38
Mohammad Rizwan b Lakshitha Manasinghe 31 65 3 0 47.69
Shan Masood c Minod Bhanuka b Lasith Embuldeniya 6 18 1 0 33.33
Saud Shakeel retired 30 74 3 0 40.54
Agha Salman c Nuwanidu Fernando b Udith Madushan 55 79 3 1 69.62
Mohammad Nawaz c Lasith Embuldeniya b Dilshan Madushanka 16 19 3 0 84.21
Yasir Shah not out 9 16 1 0 56.25
Shaheen Shah Afridi not out 5 15 0 0 33.33


Extras 15 (b 3 , lb 5 , nb 3, w 4, pen 0)
Total 323/10 (97 Overs, RR: 3.33)
Bowling O M R W Econ
Dilshan Madushanka 17 4 54 2 3.18
Pramod Madushan 12 2 29 1 2.42
Lasith Embuldeniya 30 8 83 2 2.77
Chamika Karunaratne 5 0 15 0 3.00
Lakshitha Manasinghe 23 2 83 3 3.61
Nipun Dananjaya 5 0 12 0 2.40
Ashen Bandara 2 0 13 0 6.50
Udith Madushan 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 57 94 9 0 60.64
Sadeera Samarawickrama c Yasir Shah b Agha Salman 91 99 13 0 91.92
Nuwanidu Fernando lbw b Yasir Shah 78 177 4 1 44.07
Nipun Dananjaya c Abdullah Shafique b Mohammad Nawaz 14 19 2 0 73.68
Lahiru Udara c Sarfaraz Ahmed b Mohammad Nawaz 4 5 1 0 80.00
Sahan Arachchige b Naseem Shah 28 67 2 0 41.79
Chamika Karunaratne lbw b Hasan Ali 27 43 5 0 62.79
Minod Bhanuka not out 32 45 7 0 71.11
Ashen Bandara lbw b Faheem Ashraf 12 23 2 0 52.17
Lakshitha Manasinghe not out 18 26 3 0 69.23


Extras 14 (b 0 , lb 9 , nb 2, w 3, pen 0)
Total 375/8 (99 Overs, RR: 3.79)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 4 34 1 2.83
Hasan Ali 12 0 35 1 2.92
Nauman Ali 16 2 60 0 3.75
Agha Salman 13 0 76 1 5.85
Naseem Shah 10 2 34 1 3.40
Yasir Shah 20 1 86 1 4.30
Mohammad Nawaz 10 2 24 2 2.40
Faheem Ashraf 4 0 10 1 2.50
Haris Rauf 2 1 7 0 3.50


Batsmen R B 4s 6s SR
Abdullah Shafique -select- b 63 111 5 2 56.76
Imam-ul-Haq c Minod Bhanuka b Lakshitha Manasinghe 30 45 5 0 66.67
Fawad Alam c Nuwanidu Fernando b Lasith Embuldeniya 6 19 1 0 31.58
Azhar Ali -select- b 40 75 3 0 53.33
Sarfaraz Ahmed not out 21 34 1 0 61.76
Mohammad Nawaz not out 13 16 1 0 81.25


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 178/2 (50 Overs, RR: 3.56)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 2 11 0 2.20
Pramod Madushan 4 0 17 0 4.25
Udith Madushan 3 0 7 0 2.33
Lasith Embuldeniya 20 1 72 1 3.60
Lakshitha Manasinghe 13 0 50 1 3.85
Ashen Bandara 4 0 12 0 3.00
Sahan Arachchige 1 0 5 0 5.00



තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙටයි (12). මෙම තරගයේ සියලූම තොරතුරු එසැණින් ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<