ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.
කොළඹ අවට ප්‍රදේශවල පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තීරණය ගෙන තිබෙන අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය එම තීරණය සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා.
- පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- ලසිත් කෘෘස්පුල්ලේගෙන් තුන් ඉරියව් දක්ෂතා
- අර්බුද මැද ආසියානු කුසලානය පවත්වන්න SLC සූදානමින්
- ජ්‍යේෂ්ඨයින් කණ්ඩායමේ වගකීම ගන්නවා – ශ්‍රී ලංකා සහය පුහුණුකරු
- පෙරළිකාර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉහළට
ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය පෙර සැලසුම් කළ දිනවල දී (ජූලි 24 – 28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
එසේම පසුගිය දා 1-1ක් ලෙස අවසන් වුනු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වුණු අතර පාකිස්තාන තරගාවලියේ ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ගාල්ල ක්‍රීඩාංගණයේ දී අඛණ්ඩව ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා.
1982 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල එකම ක්‍රීඩාංගණයක අඛණ්ඩව ටෙස්ට් තරග තුනක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.
මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<