ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (26) දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ ඊයේ (25) දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබාගෙන සිටියා.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 21ක් ලබා සිටි Hasan Ali ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී යන විට පාකිස්තාන කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 223ක් ලෙසයි.
ඉන්පසුව පිටියට පිවිසි Nauman Ali ලකුණකට සහ Yasir Shah ලකුණු 26කට දවා ගනිමින් සිය ටෙස්ට් දිවියේ තෙවැනි කඩුලු 5 සම්පූර්ණ කිරීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.
ඒ සමඟ පාකිස්තාන පළමු ඉනිම ලකුණු 231කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටියා.
- ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවන් පසු බසී
- නිස්සංක නැවතත් සංචිතයට එද්දී තීක්ෂණ ඉවතට
- ඕෂද සහ චන්දිමාල් අර්ධ ශතක අතරට
- Shafiqueගේ ඉනිම ගැන Babarගෙන් පැසසුම්
- පාකිස්තාන දක්ෂයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඕෂද ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ලයි.
දික්වැල්ල හට නව ස්ථානයේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Naseem Shah විසින් දික්වැල්ලව ලකුණු 15කට පිටියෙන් ඉවත් කළා.
පෙර ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත් ඕෂද ලකුණු 19කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 15කට පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වන විටයි.
සිව්වැනි කඩුල්ල සඳහා චන්දිමාල් සමඟ එක්ව ලකුණු 41ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු තමන්ගේ සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස ලකුණු 35කට දැවී ගියා.
පසුගිය තරග කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ චන්දිමාල් Naseem Shahගේ පන්දුවකට ලකුණු 27කට දැවී ගියේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට තරමක පීඩනයක් එල්ල කරමිනුයි.
ආබාධ තත්වය සමඟ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර ඔහු සමඟ එක් වූ ධනංජය ද සිල්වා, අයහපත් ආලෝක තත්වය නිසා අද දිනයට තරගය අවසන් කරන විට, හය වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නගා තිබුණා.
තරමක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 52ක් තුළ හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 30ක් සහ නායක කරුණාරත්න නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Rizwan b Mohammad Nawaz | 50 | 70 | 4 | 3 | 71.43 |
Dimuth Karunaratne | c Naseem Shah b Yasir Shah | 40 | 90 | 3 | 0 | 44.44 |
Kusal Mendis | run out (Agha Salman) | 3 | 10 | 0 | 0 | 30.00 |
Angelo Mathews | c Mohammad Rizwan b Nauman Ali | 42 | 106 | 5 | 0 | 39.62 |
Dinesh Chandimal | c Fawad Alam b Mohammad Nawaz | 80 | 137 | 9 | 2 | 58.39 |
Dhananjaya de Silva | b Naseem Shah | 33 | 61 | 3 | 1 | 54.10 |
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 51 | 54 | 6 | 1 | 94.44 |
Dunith Wellalage | c Babar Azam b Naseem Shah | 11 | 20 | 2 | 0 | 55.00 |
Ramesh Mendis | b Yasir Shah | 35 | 52 | 4 | 1 | 67.31 |
Prabath Jayasuriya | lbw b Yasir Shah | 8 | 17 | 0 | 0 | 47.06 |
Asitha Fernando | not out | 4 | 13 | 1 | 0 | 30.77 |
Extras | 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0) |
Total | 378/10 (103 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 17 | 3 | 59 | 0 | 3.47 | |
Naseem Shah | 18 | 3 | 58 | 3 | 3.22 | |
Nauman Ali | 21 | 2 | 64 | 1 | 3.05 | |
Agha Salman | 6 | 0 | 25 | 0 | 4.17 | |
Mohammad Nawaz | 19 | 3 | 80 | 2 | 4.21 | |
Yasir Shah | 22 | 2 | 83 | 3 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Imam-ul-Haq | b Dhananjaya de Silva | 32 | 54 | 4 | 0 | 59.26 |
Babar Azam | b Prabath Jayasuriya | 16 | 34 | 3 | 0 | 47.06 |
Mohammad Rizwan | lbw b Ramesh Mendis | 24 | 35 | 3 | 0 | 68.57 |
Fawad Alam | lbw b Ramesh Mendis | 24 | 69 | 1 | 0 | 34.78 |
Agha Salman | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 62 | 126 | 4 | 1 | 49.21 |
Mohammad Nawaz | c Niroshan Dickwella b Ramesh Mendis | 12 | 37 | 1 | 0 | 32.43 |
Yasir Shah | lbw b Ramesh Mendis | 26 | 97 | 0 | 1 | 26.80 |
Hasan Ali | b Prabath Jayasuriya | 21 | 54 | 0 | 1 | 38.89 |
Nauman Ali | c Niroshan Dickwella b Ramesh Mendis | 1 | 11 | 0 | 0 | 9.09 |
Naseem Shah | not out | 4 | 10 | 1 | 0 | 40.00 |
Extras | 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 231/10 (88.1 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 20 | 2 | 63 | 1 | 3.15 | |
Prabath Jayasuriya | 37 | 10 | 80 | 3 | 2.16 | |
Ramesh Mendis | 21.1 | 6 | 47 | 5 | 2.23 | |
Dhananjaya de Silva | 4 | 0 | 15 | 1 | 3.75 | |
Dunith Wellalage | 6 | 1 | 18 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 15 | 25 | 2 | 0 | 60.00 |
Oshada Fernando | lbw b Yasir Shah | 19 | 24 | 3 | 0 | 79.17 |
Kusal Mendis | lbw b Mohammad Nawaz | 15 | 30 | 2 | 0 | 50.00 |
Angelo Mathews | c Babar Azam b Agha Salman | 35 | 62 | 4 | 1 | 56.45 |
Dinesh Chandimal | c Mohammad Rizwan b Naseem Shah | 21 | 58 | 0 | 0 | 36.21 |
Dimuth Karunaratne | c Abdullah Shafique b Nauman Ali | 61 | 105 | 3 | 0 | 58.10 |
Dhananjaya de Silva | run out (Yasir Shah) | 109 | 171 | 16 | 0 | 63.74 |
Dunith Wellalage | c Mohammad Rizwan b Mohammad Nawaz | 18 | 27 | 1 | 0 | 66.67 |
Ramesh Mendis | not out | 45 | 54 | 4 | 0 | 83.33 |
Extras | 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0) |
Total | 360/8 (91.5 Overs, RR: 3.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 10 | 0 | 44 | 0 | 4.40 | |
Naseem Shah | 12.5 | 1 | 44 | 2 | 3.52 | |
Yasir Shah | 21 | 2 | 80 | 1 | 3.81 | |
Mohammad Nawaz | 21 | 4 | 75 | 2 | 3.57 | |
Nauman Ali | 14 | 0 | 54 | 1 | 3.86 | |
Agha Salman | 12 | 2 | 41 | 1 | 3.42 | |
Babar Azam | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dunith Wellalage b Prabath Jayasuriya | 16 | 51 | 3 | 0 | 31.37 |
Imam-ul-Haq | c Niroshan Dickwella b Ramesh Mendis | 49 | 90 | 4 | 0 | 54.44 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 81 | 146 | 6 | 1 | 55.48 |
Mohammad Rizwan | b Prabath Jayasuriya | 37 | 69 | 6 | 0 | 53.62 |
Fawad Alam | run out (Niroshan Dickwella) | 1 | 9 | 0 | 0 | 11.11 |
Agha Salman | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 6 | 1 | 0 | 66.67 |
Mohammad Nawaz | c Dinesh Chandimal b Ramesh Mendis | 12 | 29 | 1 | 0 | 41.38 |
Yasir Shah | c Kusal Mendis b Prabath Jayasuriya | 27 | 25 | 6 | 0 | 108.00 |
Hasan Ali | b Ramesh Mendis | 11 | 10 | 1 | 1 | 110.00 |
Nauman Ali | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Naseem Shah | c Dunith Wellalage b Ramesh Mendis | 18 | 21 | 1 | 2 | 85.71 |
Extras | 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0) |
Total | 261/10 (77 Overs, RR: 3.39) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 6 | 1 | 20 | 0 | 3.33 | |
Prabath Jayasuriya | 32 | 5 | 117 | 5 | 3.66 | |
Ramesh Mendis | 30 | 7 | 101 | 4 | 3.37 | |
Dhananjaya de Silva | 2 | 0 | 4 | 0 | 2.00 | |
Dunith Wellalage | 7 | 0 | 17 | 0 | 2.43 |
තරගයේ සිව්වැනි දිනය හෙටයි (27). තරගයේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<