ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (25) නිමාවට පත් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 191ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 327ක් වන විට අද (25) දිනයේ පළමු කඩුල්ල ලෙස සිය මංගල තරගය ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ දැවී යන විට ලකුණු 11ක් ලබා සිටියා.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් දිවියේ 22 වැනි අර්ධ ශතකය ලබා ගැනීමෙන් අනතුරුව Naseem Shahගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 51ක් ලබා සිටියා.
ප්‍රභාත් ජයසූරිය ලකුණු 8කට සහ ශ්‍රී ලංකා ඉනිමට ඉතා වටිනා ලකුණු 35ක් එක් කළ රමේෂ් මෙන්ඩිස් Yasir Shahගේ පන්දු හමුවේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 378කට සීමා වුනා.
ලකුණු 378ක් පිටුපසින් සිටිමින් පළමු ඉනිම ආරම්භ කළ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවේ දී ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි වුනේ පෙර තරගයේ ශතකයක් ලබා ගත් Abdullah Shafique ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක් වීම නිසාවෙන් පන්දු රැකීමට නො පැමිණි අතර උපනායක ධනංජය ද සිල්වා වැඩ බලන නායකයා ලෙස කටයුතු කළා.
- ඕෂද සහ චන්දිමාල් අර්ධ ශතක අතරට
- Shafiqueගේ ඉනිම ගැන Babarගෙන් පැසසුම්
- පාකිස්තාන දක්ෂයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
- නිස්සංක නැවතත් සංචිතයට එද්දී තීක්ෂණ ඉවතට
- ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පහළට
පෙර තරගයේ දී අගනා ඉනිම් ක්‍රීඩා කළ පාකිස්තාන නායක Babar Azam ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී යන විට ආරම්භක පිතිකරු Imam-ul-Haq ලකුණු 32කට පිටියෙන් ඉවත් කිරීමට ධනංජය සිල්වාට හැකි වුනා.
පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 88ක් වන විට තර්ජනාත්මක පිතිකරුවෙකු වන Mohammad Rizwan ලකුණු 24කට රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනුයි.
පාකිස්තාන ඉනිම ගොඩ නැගීමට උත්සහ දරමින් සිටි වමත් පිතිකරු Fawad Alam ලකුණු 24කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වූ අතර Mohammad Nawaz ලකුණු 12කට දැවී ගියේ රමේෂ්ගේ තෙවැනි කඩුල්ල ලෙසයි.
Yasir Shah සමඟ එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 46ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගැනීමට Agha Salmanට හැකි වුනා.
සිය කණ්ඩායමට කඩුල්ලක් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය විසින් Agha Salmanව ලකුණු 62කට දවා ගැනීමට සමත් වූ අතර ඒ සමඟ අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 187ක් පිටු පසින් සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Rizwan b Mohammad Nawaz | 50 | 70 | 4 | 3 | 71.43 |
Dimuth Karunaratne | c Naseem Shah b Yasir Shah | 40 | 90 | 3 | 0 | 44.44 |
Kusal Mendis | run out (Agha Salman) | 3 | 10 | 0 | 0 | 30.00 |
Angelo Mathews | c Mohammad Rizwan b Nauman Ali | 42 | 106 | 5 | 0 | 39.62 |
Dinesh Chandimal | c Fawad Alam b Mohammad Nawaz | 80 | 137 | 9 | 2 | 58.39 |
Dhananjaya de Silva | b Naseem Shah | 33 | 61 | 3 | 1 | 54.10 |
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 51 | 54 | 6 | 1 | 94.44 |
Dunith Wellalage | c Babar Azam b Naseem Shah | 11 | 20 | 2 | 0 | 55.00 |
Ramesh Mendis | b Yasir Shah | 35 | 52 | 4 | 1 | 67.31 |
Prabath Jayasuriya | lbw b Yasir Shah | 8 | 17 | 0 | 0 | 47.06 |
Asitha Fernando | not out | 4 | 13 | 1 | 0 | 30.77 |
Extras | 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0) |
Total | 378/10 (103 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 17 | 3 | 59 | 0 | 3.47 | |
Naseem Shah | 18 | 3 | 58 | 3 | 3.22 | |
Nauman Ali | 21 | 2 | 64 | 1 | 3.05 | |
Agha Salman | 6 | 0 | 25 | 0 | 4.17 | |
Mohammad Nawaz | 19 | 3 | 80 | 2 | 4.21 | |
Yasir Shah | 22 | 2 | 83 | 3 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Imam-ul-Haq | b Dhananjaya de Silva | 32 | 54 | 4 | 0 | 59.26 |
Babar Azam | b Prabath Jayasuriya | 16 | 34 | 3 | 0 | 47.06 |
Mohammad Rizwan | lbw b Ramesh Mendis | 24 | 35 | 3 | 0 | 68.57 |
Fawad Alam | lbw b Ramesh Mendis | 24 | 69 | 1 | 0 | 34.78 |
Agha Salman | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 62 | 126 | 4 | 1 | 49.21 |
Mohammad Nawaz | c Niroshan Dickwella b Ramesh Mendis | 12 | 37 | 1 | 0 | 32.43 |
Yasir Shah | lbw b Ramesh Mendis | 26 | 97 | 0 | 1 | 26.80 |
Hasan Ali | b Prabath Jayasuriya | 21 | 54 | 0 | 1 | 38.89 |
Nauman Ali | c Niroshan Dickwella b Ramesh Mendis | 1 | 11 | 0 | 0 | 9.09 |
Naseem Shah | not out | 4 | 10 | 1 | 0 | 40.00 |
Extras | 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 231/10 (88.1 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 20 | 2 | 63 | 1 | 3.15 | |
Prabath Jayasuriya | 37 | 10 | 80 | 3 | 2.16 | |
Ramesh Mendis | 21.1 | 6 | 47 | 5 | 2.23 | |
Dhananjaya de Silva | 4 | 0 | 15 | 1 | 3.75 | |
Dunith Wellalage | 6 | 1 | 18 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 15 | 25 | 2 | 0 | 60.00 |
Oshada Fernando | lbw b Yasir Shah | 19 | 24 | 3 | 0 | 79.17 |
Kusal Mendis | lbw b Mohammad Nawaz | 15 | 30 | 2 | 0 | 50.00 |
Angelo Mathews | c Babar Azam b Agha Salman | 35 | 62 | 4 | 1 | 56.45 |
Dinesh Chandimal | c Mohammad Rizwan b Naseem Shah | 21 | 58 | 0 | 0 | 36.21 |
Dimuth Karunaratne | c Abdullah Shafique b Nauman Ali | 61 | 105 | 3 | 0 | 58.10 |
Dhananjaya de Silva | run out (Yasir Shah) | 109 | 171 | 16 | 0 | 63.74 |
Dunith Wellalage | c Mohammad Rizwan b Mohammad Nawaz | 18 | 27 | 1 | 0 | 66.67 |
Ramesh Mendis | not out | 45 | 54 | 4 | 0 | 83.33 |
Extras | 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0) |
Total | 360/8 (91.5 Overs, RR: 3.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 10 | 0 | 44 | 0 | 4.40 | |
Naseem Shah | 12.5 | 1 | 44 | 2 | 3.52 | |
Yasir Shah | 21 | 2 | 80 | 1 | 3.81 | |
Mohammad Nawaz | 21 | 4 | 75 | 2 | 3.57 | |
Nauman Ali | 14 | 0 | 54 | 1 | 3.86 | |
Agha Salman | 12 | 2 | 41 | 1 | 3.42 | |
Babar Azam | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dunith Wellalage b Prabath Jayasuriya | 16 | 51 | 3 | 0 | 31.37 |
Imam-ul-Haq | c Niroshan Dickwella b Ramesh Mendis | 49 | 90 | 4 | 0 | 54.44 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 81 | 146 | 6 | 1 | 55.48 |
Mohammad Rizwan | b Prabath Jayasuriya | 37 | 69 | 6 | 0 | 53.62 |
Fawad Alam | run out (Niroshan Dickwella) | 1 | 9 | 0 | 0 | 11.11 |
Agha Salman | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 6 | 1 | 0 | 66.67 |
Mohammad Nawaz | c Dinesh Chandimal b Ramesh Mendis | 12 | 29 | 1 | 0 | 41.38 |
Yasir Shah | c Kusal Mendis b Prabath Jayasuriya | 27 | 25 | 6 | 0 | 108.00 |
Hasan Ali | b Ramesh Mendis | 11 | 10 | 1 | 1 | 110.00 |
Nauman Ali | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Naseem Shah | c Dunith Wellalage b Ramesh Mendis | 18 | 21 | 1 | 2 | 85.71 |
Extras | 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0) |
Total | 261/10 (77 Overs, RR: 3.39) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 6 | 1 | 20 | 0 | 3.33 | |
Prabath Jayasuriya | 32 | 5 | 117 | 5 | 3.66 | |
Ramesh Mendis | 30 | 7 | 101 | 4 | 3.37 | |
Dhananjaya de Silva | 2 | 0 | 4 | 0 | 2.00 | |
Dunith Wellalage | 7 | 0 | 17 | 0 | 2.43 |
තරගයේ තෙවැනි දිනය හෙටයි (26). තරගයේ තොරතුරු දැන ගැනීමට සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<