පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) ගාල්ලේ දී අද නිමා වුනේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.
අද දිනය අවසානයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන සිටියා.
තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 96ක් රැස් කළ අතර දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
තේ පානයේ සිට තරගයේ පළමු දිනය නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙය වන අතර මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා. මැතිව්ස් ඒ දැවැන්ත නම් අතරට එක්වුණු 6 වැනි ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින්, පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ අනුව වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත්තා.
සංචාරක පාකිස්තානය සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් දණහිසේ ආබාධයකට ලක්වූ Shaheen Shah Afridi වෙනුවට 35 හැවිරිදි වමතින් දඟපන්දු යවන Nauman Ali කණ්ඩායමට කැඳවා තිබුණු අතර Azhar Ali වෙනුවට Fawad Alam නැවතත් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
- ශ්‍රී ලංකාව – Dimuth Karunaratne (Captain), Oshada Fernando, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya De Silva, Niroshan Dickwella (WK), Ramesh Mendis, Dunith Wellalage, Prabath Jayasuriya, Asitha Fernando
- පාකිස්තානය – Abdullah Shafique, Imam Ul-Haq, Babar Azam (Captain), Mohammad Rizwan (WK), Fawad Alam, Salman Ali Agha, Mohammad Nawaz, Hasan Ali, Yasir Shah, Nauman Ali, Naseem Shah
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕෂද හා දිමුත් අතර ලකුණු 92ක හොඳ සබඳතාවයක් ගොඩ නැගුණා. Nawazගේ පන්දුවක් හමුවේ ලකුණු 50ක් ලබාගෙන සිටි ඕෂද දැවී ගිය අතර පන්දු 70කින් වාර්තා වූ ඔහුගේ එම මනරම් ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වුනා.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් ඕෂද මේ තරගයේ දී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත් වීම කැපී පෙනුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි.
දිමුත් ලකුණු 40කට දවා ගැනීමට පා දඟපන්දු යවන ක්‍රීඩක Yasir Shah සමත් වුනා. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී Naseem Shah අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.
- පාකිස්තාන දක්ෂයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
- නිස්සංක නැවතත් සංචිතයට එද්දී තීක්ෂණ ඉවතට
- ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පහළට
- Shafiqueගේ ඉනිම ගැන Babarගෙන් පැසසුම්
- පාකිස්තානයට ඉතිහාසගත ජයක්
අනතුරුව පිටියට පැමිණි මැතිව්ස් හා චන්දිමාල් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් නැවත වරක් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ස්ථාවර කළා.
තම 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මැතිව්ස් පන්දු 106කින් හතරේ පහර 5ක් සහිතව ලකුණු 42ක් රැස් කළා. මැතිව්ස්ගේ ඉනිම අවසන් කළේ Nauman Ali විසින්. කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් රැක ගත් උඩ පන්දුවක් හමුවේ මැතිව්ස්ට තම 100 වැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට තිබූ අගනා අවස්ථාව ලකුණු 8කින් අහිමි වී ගියා.
නැවත වරක පිතිකරණයෙන් දක්ෂතා අතරට පිවිසි චන්දිමාල් පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 9ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 80ක් ලබා සිටිය දී දැවී ගියා. ඔහු අද දිනයේ දී වාර්තා කර ගැනීමට සමත් වුනේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 24 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකයයි.
චන්දිමාල් හා ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් පිහිටුවීමට ද සමත් වුනා. Naseem Shah යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ ලකුණු 33ක් ලබාගෙන සිටි ධනංජය ලකුණු 33 කට දැවී ගියා.
තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට දික්වැල්ල සහ වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 42*ක් සහ ලකුණු 6*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟ මේ වන විට සකස් කරගෙන තිබෙනවා. Mohammad Nawaz ලකුණු 71කට කඩුලු 2යි. හෙට (25) මේ තරගයේ දෙවැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Rizwan b Mohammad Nawaz | 50 | 70 | 4 | 3 | 71.43 |
Dimuth Karunaratne | c Naseem Shah b Yasir Shah | 40 | 90 | 3 | 0 | 44.44 |
Kusal Mendis | run out (Agha Salman) | 3 | 10 | 0 | 0 | 30.00 |
Angelo Mathews | c Mohammad Rizwan b Nauman Ali | 42 | 106 | 5 | 0 | 39.62 |
Dinesh Chandimal | c Fawad Alam b Mohammad Nawaz | 80 | 137 | 9 | 2 | 58.39 |
Dhananjaya de Silva | b Naseem Shah | 33 | 61 | 3 | 1 | 54.10 |
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 51 | 54 | 6 | 1 | 94.44 |
Dunith Wellalage | c Babar Azam b Naseem Shah | 11 | 20 | 2 | 0 | 55.00 |
Ramesh Mendis | b Yasir Shah | 35 | 52 | 4 | 1 | 67.31 |
Prabath Jayasuriya | lbw b Yasir Shah | 8 | 17 | 0 | 0 | 47.06 |
Asitha Fernando | not out | 4 | 13 | 1 | 0 | 30.77 |
Extras | 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0) |
Total | 378/10 (103 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 17 | 3 | 59 | 0 | 3.47 | |
Naseem Shah | 18 | 3 | 58 | 3 | 3.22 | |
Nauman Ali | 21 | 2 | 64 | 1 | 3.05 | |
Agha Salman | 6 | 0 | 25 | 0 | 4.17 | |
Mohammad Nawaz | 19 | 3 | 80 | 2 | 4.21 | |
Yasir Shah | 22 | 2 | 83 | 3 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Imam-ul-Haq | b Dhananjaya de Silva | 32 | 54 | 4 | 0 | 59.26 |
Babar Azam | b Prabath Jayasuriya | 16 | 34 | 3 | 0 | 47.06 |
Mohammad Rizwan | lbw b Ramesh Mendis | 24 | 35 | 3 | 0 | 68.57 |
Fawad Alam | lbw b Ramesh Mendis | 24 | 69 | 1 | 0 | 34.78 |
Agha Salman | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 62 | 126 | 4 | 1 | 49.21 |
Mohammad Nawaz | c Niroshan Dickwella b Ramesh Mendis | 12 | 37 | 1 | 0 | 32.43 |
Yasir Shah | lbw b Ramesh Mendis | 26 | 97 | 0 | 1 | 26.80 |
Hasan Ali | b Prabath Jayasuriya | 21 | 54 | 0 | 1 | 38.89 |
Nauman Ali | c Niroshan Dickwella b Ramesh Mendis | 1 | 11 | 0 | 0 | 9.09 |
Naseem Shah | not out | 4 | 10 | 1 | 0 | 40.00 |
Extras | 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 231/10 (88.1 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 20 | 2 | 63 | 1 | 3.15 | |
Prabath Jayasuriya | 37 | 10 | 80 | 3 | 2.16 | |
Ramesh Mendis | 21.1 | 6 | 47 | 5 | 2.23 | |
Dhananjaya de Silva | 4 | 0 | 15 | 1 | 3.75 | |
Dunith Wellalage | 6 | 1 | 18 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 15 | 25 | 2 | 0 | 60.00 |
Oshada Fernando | lbw b Yasir Shah | 19 | 24 | 3 | 0 | 79.17 |
Kusal Mendis | lbw b Mohammad Nawaz | 15 | 30 | 2 | 0 | 50.00 |
Angelo Mathews | c Babar Azam b Agha Salman | 35 | 62 | 4 | 1 | 56.45 |
Dinesh Chandimal | c Mohammad Rizwan b Naseem Shah | 21 | 58 | 0 | 0 | 36.21 |
Dimuth Karunaratne | c Abdullah Shafique b Nauman Ali | 61 | 105 | 3 | 0 | 58.10 |
Dhananjaya de Silva | run out (Yasir Shah) | 109 | 171 | 16 | 0 | 63.74 |
Dunith Wellalage | c Mohammad Rizwan b Mohammad Nawaz | 18 | 27 | 1 | 0 | 66.67 |
Ramesh Mendis | not out | 45 | 54 | 4 | 0 | 83.33 |
Extras | 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0) |
Total | 360/8 (91.5 Overs, RR: 3.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 10 | 0 | 44 | 0 | 4.40 | |
Naseem Shah | 12.5 | 1 | 44 | 2 | 3.52 | |
Yasir Shah | 21 | 2 | 80 | 1 | 3.81 | |
Mohammad Nawaz | 21 | 4 | 75 | 2 | 3.57 | |
Nauman Ali | 14 | 0 | 54 | 1 | 3.86 | |
Agha Salman | 12 | 2 | 41 | 1 | 3.42 | |
Babar Azam | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dunith Wellalage b Prabath Jayasuriya | 16 | 51 | 3 | 0 | 31.37 |
Imam-ul-Haq | c Niroshan Dickwella b Ramesh Mendis | 49 | 90 | 4 | 0 | 54.44 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 81 | 146 | 6 | 1 | 55.48 |
Mohammad Rizwan | b Prabath Jayasuriya | 37 | 69 | 6 | 0 | 53.62 |
Fawad Alam | run out (Niroshan Dickwella) | 1 | 9 | 0 | 0 | 11.11 |
Agha Salman | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 6 | 1 | 0 | 66.67 |
Mohammad Nawaz | c Dinesh Chandimal b Ramesh Mendis | 12 | 29 | 1 | 0 | 41.38 |
Yasir Shah | c Kusal Mendis b Prabath Jayasuriya | 27 | 25 | 6 | 0 | 108.00 |
Hasan Ali | b Ramesh Mendis | 11 | 10 | 1 | 1 | 110.00 |
Nauman Ali | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Naseem Shah | c Dunith Wellalage b Ramesh Mendis | 18 | 21 | 1 | 2 | 85.71 |
Extras | 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0) |
Total | 261/10 (77 Overs, RR: 3.39) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 6 | 1 | 20 | 0 | 3.33 | |
Prabath Jayasuriya | 32 | 5 | 117 | 5 | 3.66 | |
Ramesh Mendis | 30 | 7 | 101 | 4 | 3.37 | |
Dhananjaya de Silva | 2 | 0 | 4 | 0 | 2.00 | |
Dunith Wellalage | 7 | 0 | 17 | 0 | 2.43 |
දෙරට අතර පසුගිය දා නිමා වුන පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනු අතර ඔවුන් දැනට 1-0ක් ලෙස මේ තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<