සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.
ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 222ට පිටුපසින් සිය ඉනිම ඇරඹූ පාකිස්තාන ක්‍රීඩකයින් දිනය අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් ලබා ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 198ක් පිටුපසින් සිටිනවා.
ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම කණ්ඩායම් දෙකේ ම අරමුණ නිසාවෙන් තරගාවලිය දෙපිලටම ඉතා වටිනා තරගාවලියක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදනය වීමෙන් පසු තවමත් සුව වී නොමැති නිසාවෙන් ආරම්භක පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙන අතර පසුගිය දා ඕස්ට්‍රේලියාවට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
පාකිස්තානය වෙනුවෙන් Salman Ali Agha ටෙස්ට් වරම් දිනා ගනිද්දී, වසරකට පමණ පසු Yasir Shah සහ වසර හයකට පසුව Mohammad Nawaz පාකිස්තාන ටෙස්ට් සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්
- ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ප්‍රබාත් ජයසූරිය, කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ.
- පාකිස්තාන කණ්ඩායම: Babar Azam (c), Mohammad Rizwan (vc, wk), Abdullah Shafique, Azhar Ali, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Salman Ali Agha, Shaheen Afridi and Yasir Shah
ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාව ලකුණු 11කට සීමා කරමින් නායක දිමුත් කරුණාරත්න ලකුණු එකකට දැවී ගියේ Shaheen Afridi ගේ පන්දුවක් හමුවේයි.
දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 21කට පිටියෙන් ඉවත් වීමට Yasir Shahට හැකි වුනා.
ලකුණු 35 ලබා සිටි ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු සහ අත්දැකීම් බහුල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාම දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිවා ආහාරය වන විට කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.
දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ Shaheen Afridi විසින් ධනංජය ද සිල්වා ලකුණු 14කට සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 4කට දවා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමිනුයි.
- ශ්‍රී ලංකා – පාකිස්තාන කඩුලු පන්දු සැමරුම
- Kohli, Bumrah සහ Chahalට විවේකයක්
- පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- Kandy Falcons නායකත්වය වනිඳු හසරංගට
- ලසිත් කෘෘස්පුල්ලේගෙන් තුන් ඉරියව් දක්ෂතා
ලකුණු 11ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 03කට පිටියෙන් ඉවත් වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 44ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්ෂණට හැකි වුනා.
සිය ක්‍රීඩා දිවියේ 22 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් වටිනා ලකුණු 76ක් ලබා ගත් චන්දිමාල් දැවී ගියේ Hasan Aliගේ පන්දුවකට Yasir Shah රැක ගත් විශිෂ්ට උඩ පන්දුව නිසයි.
අග පෙළ පිතිකරුවෙකු ලෙසින් පැමිණි මහීෂ් තීක්ෂණ ලබා ගත් සටන්කාමී ලකුණු 38 නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 222ක් ලබා ගැනීමට හැකි වුනා.
ලකුණු 222ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12 දී ඉවත් කිරීමට කසුන් රාජිතට හැකි වුනේ Imam-ul-Haq ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කරමිනුයි.
පාකිස්තාන ආරම්භක පිතිකරු Abdullah Shafique ලකුණු 13කට පිටියෙන් ඉවත් වීමත් සමඟ අද දිනය අවසන් වන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් ලබා සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Rizwan b Hasan Ali | 35 | 49 | 5 | 0 | 71.43 |
Dimuth Karunaratne | b Shaheen Shah Afridi | 1 | 7 | 0 | 0 | 14.29 |
Kusal Mendis | c Mohammad Rizwan b Yasir Shah | 21 | 35 | 3 | 0 | 60.00 |
Angelo Mathews | c Naseem Shah b Yasir Shah | 0 | 15 | 0 | 0 | 0.00 |
Dinesh Chandimal | c Yasir Shah b Hasan Ali | 76 | 115 | 10 | 1 | 66.09 |
Dhananjaya de Silva | b Shaheen Shah Afridi | 14 | 28 | 2 | 0 | 50.00 |
Niroshan Dickwella | c Agha Salman b Shaheen Shah Afridi | 4 | 4 | 1 | 0 | 100.00 |
Ramesh Mendis | c Mohammad Rizwan b Naseem Shah | 11 | 41 | 1 | 0 | 26.83 |
Prabath Jayasuriya | lbw b Mohammad Nawaz | 3 | 9 | 0 | 0 | 33.33 |
Maheesh Theekshana | c Mohammad Rizwan b Shaheen Shah Afridi | 38 | 65 | 4 | 1 | 58.46 |
Kasun Rajitha | not out | 12 | 32 | 1 | 0 | 37.50 |
Extras | 7 (b 1 , lb 3 , nb 3, w 0, pen 0) |
Total | 222/10 (66.1 Overs, RR: 3.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 14.1 | 3 | 58 | 4 | 4.11 | |
Hasan Ali | 12 | 2 | 23 | 2 | 1.92 | |
Naseem Shah | 13 | 0 | 53 | 1 | 4.08 | |
Yasir Shah | 21 | 4 | 66 | 2 | 3.14 | |
Mohammad Nawaz | 6 | 2 | 18 | 1 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | lbw b Prabath Jayasuriya | 13 | 47 | 2 | 0 | 27.66 |
Imam-ul-Haq | lbw b Kasun Rajitha | 2 | 16 | 0 | 0 | 12.50 |
Azhar Ali | lbw b Prabath Jayasuriya | 3 | 41 | 0 | 0 | 7.32 |
Babar Azam | lbw b Maheesh Theekshana | 119 | 244 | 11 | 2 | 48.77 |
Mohammad Rizwan | c Niroshan Dickwella b Ramesh Mendis | 19 | 35 | 3 | 0 | 54.29 |
Agha Salman | lbw b Prabath Jayasuriya | 5 | 15 | 1 | 0 | 33.33 |
Mohammad Nawaz | c Nuwanidu Fernando b Prabath Jayasuriya | 5 | 18 | 0 | 0 | 27.78 |
Shaheen Shah Afridi | lbw b Prabath Jayasuriya | 0 | 1 | 0 | 0 | 0.00 |
Yasir Shah | c Dhananjaya de Silva b Maheesh Theekshana | 18 | 56 | 1 | 0 | 32.14 |
Hasan Ali | c Dinesh Chandimal b Ramesh Mendis | 17 | 21 | 0 | 0 | 80.95 |
Naseem Shah | not out | 5 | 52 | 1 | 0 | 9.62 |
Extras | 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0) |
Total | 218/10 (90.5 Overs, RR: 2.4) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 11 | 2 | 42 | 1 | 3.82 | |
Maheesh Theekshana | 25.5 | 6 | 68 | 2 | 2.67 | |
Prabath Jayasuriya | 39 | 10 | 82 | 5 | 2.10 | |
Ramesh Mendis | 13 | 2 | 18 | 2 | 1.38 | |
Dhananjaya de Silva | 2 | 0 | 2 | 0 | 1.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Babar Azam b Yasir Shah | 64 | 125 | 6 | 1 | 51.20 |
Dimuth Karunaratne | lbw b Mohammad Nawaz | 16 | 29 | 2 | 0 | 55.17 |
Kasun Rajitha | lbw b Mohammad Nawaz | 7 | 12 | 1 | 0 | 58.33 |
Kusal Mendis | b Yasir Shah | 76 | 126 | 9 | 0 | 60.32 |
Angelo Mathews | c Babar Azam b Mohammad Nawaz | 9 | 25 | 1 | 0 | 36.00 |
Dinesh Chandimal | not out | 94 | 139 | 5 | 2 | 67.63 |
Dhananjaya de Silva | b Yasir Shah | 20 | 20 | 2 | 1 | 100.00 |
Niroshan Dickwella | b Mohammad Nawaz | 12 | 11 | 2 | 0 | 109.09 |
Ramesh Mendis | b Mohammad Nawaz | 22 | 32 | 2 | 0 | 68.75 |
Maheesh Theekshana | c Mohammad Rizwan b Mohammad Hasnain | 11 | 57 | 0 | 0 | 19.30 |
Prabath Jayasuriya | b Naseem Shah | 4 | 25 | 1 | 0 | 16.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 337/10 (100 Overs, RR: 3.37) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 7 | 2 | 21 | 0 | 3.00 | |
Mohammad Nawaz | 28 | 2 | 88 | 5 | 3.14 | |
Agha Salman | 16 | 1 | 53 | 0 | 3.31 | |
Yasir Shah | 29 | 2 | 122 | 3 | 4.21 | |
Hasan Ali | 12 | 3 | 19 | 1 | 1.58 | |
Babar Azam | 1 | 0 | 9 | 0 | 9.00 | |
Naseem Shah | 7 | 0 | 24 | 1 | 3.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | not out | 160 | 408 | 7 | 1 | 39.22 |
Imam-ul-Haq | st Niroshan Dickwella b Ramesh Mendis | 35 | 73 | 3 | 0 | 47.95 |
Azhar Ali | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 6 | 32 | 0 | 0 | 18.75 |
Babar Azam | b Prabath Jayasuriya | 55 | 104 | 4 | 1 | 52.88 |
Mohammad Rizwan | lbw b Prabath Jayasuriya | 40 | 74 | 2 | 0 | 54.05 |
Agha Salman | c Niroshan Dickwella b Prabath Jayasuriya | 12 | 35 | 1 | 0 | 34.29 |
Hasan Ali | c Maheesh Theekshana b Dhananjaya de Silva | 5 | 4 | 1 | 0 | 125.00 |
Mohammad Nawaz | not out | 19 | 34 | 1 | 0 | 55.88 |
Extras | 12 (b 5 , lb 7 , nb 0, w 0, pen 0) |
Total | 344/6 (127.2 Overs, RR: 2.7) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 9 | 2 | 18 | 0 | 2.00 | |
Prabath Jayasuriya | 56.2 | 10 | 133 | 4 | 2.37 | |
Ramesh Mendis | 33 | 0 | 102 | 1 | 3.09 | |
Maheesh Theekshana | 14 | 2 | 44 | 0 | 3.14 | |
Dhananjaya de Silva | 15 | 1 | 33 | 1 | 2.20 |
මෙම තරගයේ සහ තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<