ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
සුමතිපාලගේ වැඩවලට ක්‍රීඩා ඇමති හරස් වෙයි!
ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල..
ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට මේ තරග සංචාරය සඳහා එකතු නොවන ලෙස බලපෑම් එල්ල කර ඇති බවට පවසමින් පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හූසේන් චෞද්‍රි මහතා ඊයේ (10) දිනයේ දී සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.
Informed sports commentators told me that India threatened SL players that they ll be ousted from IPL if they don’t refuse Pak visit, this is really cheap tactic, jingoism from sports to space is something we must condemn, really cheap on the part of Indian sports authorities
— Ch Fawad Hussain (@fawadchaudhry) September 10, 2019
චෞද්‍රි මහතා වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා එම ක්‍රීඩකයින් සම්බන්ධ කර නොගන්නා බව පවසමින් මෙම බලපෑම එල්ල කර ඇති බවයි.
තමන් පෞද්ගලිකව හඳුනන ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් මේ පිළිබඳව තමන්ට දැනුම් දුන් බවත්, මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් චෞද්‍රි මහතා යොමු කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම ප්‍රකාශ තරයේම ප්‍රතික්ෂේප කරන බව පවසා සිටියා. එහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබුණේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බවයි.
ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශය අපරාජිතව අවසන් පූර්ව වටයට!
මෙවර යොවුන් ආසියානු කුසලානයේ පළමු පරාජයට මුහුණ දීමට අද (10) ශ්‍රී ලංකා පිළට..
ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බවත්, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් සංචිතයක් සිටින බවත්, පාකිස්තානයේ දී පාකිස්තානය පරාජයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබුණා.
එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.
No truth to reports that India influenced Sri Lankan players not to play in Pakistan.Some decided not to play purely based on 2009 incident. Respecting their decision we picked players who were willing to travel. We have a full strength team & we hope to beat Pakistan in Pakistan
— Harin Fernando (@fernandoharin) September 10, 2019
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<