පාකිස්තාන නායකයාට බරපතළ චෝදනාවක්

507

පාකිස්තාන ක්‍රිකට් නායක Babar Azam විසින් තමන්ව රවටා ලිංගික අපයෝජනයට ලක්කළ බව ප්‍රකාශ කරමින් කාන්තාවක් Babar Azam හට චෝදනා කරන මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ පටයක් පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන Saj Sadiq විසින් මුදාහැරීමත් සමඟ විදෙස් මාධ්‍ය රැසක් ඒ පිළිබඳව වාර්තා කර තිබුනි. 

එම මාධ්‍ය සාකච්ඡාවේ දී එම කාන්තාව විසින් Babar Azam වෙත චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කර තිබුනේ ඔහු විසින් ඇයව විවාහ කරගන්නා බවට රවටා, ඇයගෙන් ප්‍රයෝජන ගෙන, ඇයව ගැබ් ගැනීමකට ද ලක්කර, ඇයට පහර දී තර්ජනය කළ බවයි. 

“මම Babar Azamව හඳුනන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කිසිඳු සම්බන්ධයක් නැති කාලයක සිටයි. ඔහු ඉතා දුප්පත් පවුලක අයෙක්. වෙනත් කිසිඳු දුවකට මට වුන දේ නොවෙන්න මගේ සහෝදර සහෝදරියන් මට යුක්තිය ඉටුකර ගැනීමට උදව් වෙයි කියා මම විශ්වාස කරනවා. Babar සහ මම හැදී වැඩුනේ එකම කොලනියේ අපි එකට සිටියා.” 

“ඔහු මගේ පාසල් කාලයේ මිතුරෙක්, ඔහු මට යෝජනා කළා, මමත් එයට කැමති වුනා. පසුව ඔහු අපගේ නිවස වෙතද එන්න පටන් ගත්තා. කාලයත් සමඟම අපේ අවබෝධයත් හොඳ අතට හැරුනා. පසුව අපි විවාහ වෙන්න තීරණය කරලා අපේ පවුලේ අයට ඒක කිව්වම එයාලා ඒකට කැමති වුනේ නෑ.” 

“ඊට පස්සේ Babar සහ මම උසාවිය ඉදිරියේ විවාහ වෙන්න තීරණය කළා. පසුව ඔහු මාව විවාහ කරගන්න පොරොන්දුව උඩ ගෙදරින් රැගෙන ගිහින් කුලී නිවසක තැබුවා. ඒ කාලය තුළදී මම විසින් ඔහුට මාව විවාහ කරගන්න කියලා ගොඩක් ඉල්ලීම් කළත් ඔහු කිව්වේ තවම එය කළ නොහැකියි, කාලයත් එක්ක අපි විවාහ වෙමු කියලයි.” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

තවද ඇය විසින් Babar Azamගේ ක්‍රිකට් පුහුණුවීම් වලට ඇතුළු වියදම් රැසක් සඳහා ඇය විසින් ඇයගේ මුදල් වියදම් කෙරූ බවත් සහ 2016 වසරේ දී ඇය ගැබ් ගැනීමකට ලක් වූ පසු Babar Azam ක්‍රමයෙන් වෙනස් වූ බව ද ඇය විසින් හෙළිකර තිබුනි. 

නමුත් මෙම චෝදනාවන්ට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ Babar Azam විසින් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතර Babar Azam ඇතුළු පාකිස්තාන කණ්ඩායම නවසීලන්තය සමඟින් තරගාවලියකට සහභාගි වීම සඳහා Christchurch හි නිරෝධායනය වෙමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<