ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය සඳහා ක්‍රීඩා කරන සංචිතයට ඕෂද ප්‍රනාන්දුව ඇතුළත් කර තිබෙනවා. ඒ COVID-19 වයිරස ආසාදනය වූ පැතුම් නිස්සංක වෙනුවටයි.
පළමු ටෙස්ට් තරගය සඳහා ද ඕෂදව මෙලෙස ආදේශක ක්‍රීඩකයෙකු ලෙස යොදා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා පුරප්පාඩු වූ ස්ථානය වෙනුවෙනුයි.
- චන්දිමාල් ශතකයක් රැස් කරද්දී කමිඳු සහ මැතිව්ස්ගෙන් අර්ධ ශතක
- පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට
- පැතුම්ට අහිමි වූ වෙල්ලාලගේට වටිනාකමක් හිමි වූ LPL වෙන්දේසිය
- ජයසූරියගේ කඩුලු 6ට කරුණාරත්න සහ මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක
- Labuschagne සහ Smith ශතක අතරට; පළමු දිනයේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 3ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, නිස්සංක හට වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙන්නේ ඊයේ (10) සිදු කළ Rapid Antigen පරීක්ෂාවකින් අනතුරුවයි. මේ වන විට නිස්සංක වෙනත් හෝටලයකට මාරු කර යවා තිබෙන අතර සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔහුව ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
නිස්සංක පළමු ඉනිමෙන් ඉවත් කර තිබෙන නිසාවෙන් ඕෂදට මෙම ඉනිමේ දී පිතිකරණයේ නිරත වීමට හැකියාවක් නොමැති නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සිට ඔහුට පිතිකරණයේ නිරත වීමට හැකි.
ටෙස්ට් තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<