ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීම වෙනුවෙන් සංවිධානය කරන දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් වන “වන රෝපා – 2019” පසුගිය දා කුරුණෑගල වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ දී අතිසාර්ථක ලෙසින් පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශ රැක ගනිමින් වන ගහන වර්ධනය 32%කින් වැඩි කිරීම මෙම වැඩසටහනේ මූලිකම අරමුණයි.
හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්
එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී …….
මේ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පුරාවෘතයන් වන සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, ජූලියන් බෝලිං ඇතුළු විශිෂ්ටයන් 14 දෙනෙකු සහභාගී වීම මෙම වැඩසටහනේ වඩාත් කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩාවේ විශිෂ්ටයන් 67 දෙනෙකුගේ නම් ඇතුළත් කරමින් විද්‍යාල භූමිය වටා පැල 67ක් රෝපණය කරන ලදි.
දිනෙන් දින විනාශ වෙමින් පවතින වන සම්පත සුරැකීම වෙනුවෙන් මෙවන් වාර්ෂික ව්‍යාපෘති සංවිධානය වීම අතිශයින්ම පැසසිය යුතු කරුණක් වන අතර ඒ සඳහා මෙවන් විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම කාලය සහ ශ්‍රමය වැය කරමින් සහභාගී වීම මගින් සමාජයට මහත් ආදර්ශයක් මෙන්ම වටිනා පණිවිඩයක් ද ලබා දෙයි.
සමස්ත ලංකා මලල ක්‍රීඩාවලට මිලියන 70ක්!
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරට සංවිධානය ……
වසර 5ක කාලයක සිට ක්‍රියාත්මක වන “පුනරුදය” ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනට සමගාමී ව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගිත්වයෙන් “වන රෝපා” ජාතික රුක් රෝපණ වැඩසටහන ඔක්තෝබර් මාසයට යෙදෙන ජාතික රුක් රෝපණ මාසයේ දී සොබා දහම රැක ගැනීම සංකල්පයට අනුව වාර්ෂිකව දියත් කෙරේ. එහි පස්වැනි අදියර ලෙස “වන රෝපා – 2019” ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙවර සංවිධානය කෙරිණි.
මෙම වැඩසටහනින් අනතුරුව පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පාසලේ ළමුන්ට අභිප්‍රේරණ වැඩසටහනක් ද පවත්වන ලදි.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<