තමන් කිසිදා නොකළ වැරදි සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තමා වැරදිකරු කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගිය දා තීරණය කර තිබුණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නුවන් සොයිසා චෝදනා තුනක් යටතේ වැරදිකරු බවට තහවුරු වූ බවත්, ඒ අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම තවදුරටත් වලංගු වන බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිල වශයෙන් පසුගිය නොවැම්බර් 19 වැනිදා නිවේදනය කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් 2018 නොවැම්බර් මාසයේ දී නුවන් සොයිසාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වීම සඳහා ඉල්ලීමක් කිරීමට නුවන් සොයිසා හට අයිතිය ලබා දී තිබුණි. ඒ අනුව මෙම නඩු විභාගය පැවති අතර එම කාලය තුල ද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වීමට තහනමක් පනවා තිබුණි.
කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් නුවන් සොයිසා පසුගිය දා අදහස් දක්වා සිටියේය. එහි දී ඔහු පවසා තිබුණේ මෙම කිසිදු ක්‍රියාවක් සඳහා ඔහු සම්බන්ධ නොවූ බවටයි.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඔහුට විරුද්ධව එල්ල කර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව නුවන් සොයිසා පවසා ඇත. මේ සම්බන්ධයෙන් නුවන් සොයිසාගේ නීතිඥවරයා වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ද අදහස් දක්වා තිබුණි. එහි දී ඔහු පවසා සිටියේ තමන් තම සේවාදායකයා වන නුවන් සොයිසාගේ නිර්දෝෂීභාවය සඳහා පෙනී සිටින බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය උත්සාහ දරන බවට ද ඔහු චෝදනා කර තිබුණි.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ මගේ පරීක්ෂණය ගැන නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ ගැන මම දැනගත්තම ඒක මට ලොකු කම්පනයක් ඇති කළා. මම කිසි විටෙකත් කරපු නැති චෝදනාවලට මාව වැරදිකරු කරලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ අවසාන තීන්දුව මට හෝ මගේ නීතිඥයාට තවමත් නිල වශයෙන් දැනුම් දීලා නැහැ. ඒක මම නැවතත් අවධාරණය කරනවා. ඒ නිසා මේක මගේ කීර්තිනාමය සහ මගේ රටේ කීර්ති නාමයට කැළලක් ඇති කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කරන ලද ව්‍යාජ හා කූට උපක්‍රමයක්” තම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවන් සොයිසා පවසා සිටියේය.
2018 ඔක්තෝබර් මාසයේ දී ද විමර්ශනයක් කරන බව පවසමින් තමාට හිරිහැර කිරීමට සහ නින්දාවට ලක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ක්‍රියා කළ බවට ද නුවන් සොයිසා මෙහි දී චෝදනා කළේය.
ශ්‍රී ලංකාව වඩාත්ම දූෂිත ක්‍රිකට් රට බවට 2018 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කරන ලද ප්‍රකාශයන් සනාථ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙවන් ක්‍රියා මඟින් උත්සාහ කරන බව ක්‍රිශ්මාල් වර්ණසූරිය මහතා චෝදනා එල්ල කළේය. නුවන් සොයිසා හට එල්ල කර ඇති චෝදනා සත්‍ය කරුණු සමඟ ඔප්පු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අපොහොසත් වී ඇති බවට ද ඔහු තවදුරටත් පවසා සිටියේය.
තවත් ක්‍රිකට් පුවත්:
- LPL හිමිකරුවන්ට හිසරදයක් වන අවසන් මොහොතේ තීරණ: LPL insights
- පුහුණු තරගයේ දී මෙන්ඩිස්ගෙන් ශතකයක්; කුසල්ට ආබාධයක්?
- Jaffna Stallions වෙනුවෙන් නව ලාංඡනයක්!
- ප්‍රවේගකාරී කොදෙව් පිතිකරුවෙකු Jaffna Stallions කණ්ඩායමට
- “ලෝක කුසාලන සත්කාරකත්වය ලැබීම ආඩම්බරයට කාරණයක්” – BCCI සභාපති
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය උත්සාහ කරන්නේ 2018 දී පවත්වන ලද මූලික පරීක්ෂණය අතරතුර දී සොයිසාගෙන් බලහත්කාරයෙන් ලබා ගත් ප්‍රකාශ භාවිතා කරලා ඔහුව වැරදිකරු කරන්න. ඒ පරීක්ෂණයේ දී තමන් කැමති භාෂාව තෝරා ගැනීමට පවා නුවන් සොයිසාට අවස්ථාව ලබා දුන්නේ නැහැ” ක්‍රිශ්මාල් වර්ණසූරිය මහතා පවසා තිබුණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි සොයිසා මහතා හට නීති 3ක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා මෙසේයි
- 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම.
- 2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.
- 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.
එසේම 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති T10 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද නුවන් සොයිසා හට චෝදනා එල්ල වී තිබේ. එහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නුවන් සොයිසා හට ගොනු කර තිබෙන නඩු විභාගය තවමත් අවසන් වී නොමැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාව බිහි කළ ඉහල මට්ටමේ වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන නුවන් සොයිසා 1997 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය. එහි දී නුවන් සොයිසා ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 95කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 170ක් දවා ගැනීමට සමත් විය. 2015 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස ද නුවන් සොයිසා කටයුතු කළේය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<