ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දවසේ තරග ද්විත්වය ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරග ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුවට එක් වුනා.
අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Dambulla සහ Colombo අතර තරගයත් සහ Kandy සහ Galle අතර තරගයත් මෙසේ අතහැර දැමුණා.
කෙසේ වෙතත් Dambulla සහ Colombo අතර තරගය පන්දු වාර 15.5ක් දක්වා පැවැත්වීමෙන් අනතුරු ව නතර කෙරුණ අතර සහ Kandy සහ Galle අතර තරගය එකඳු පන්දුවක් හෝ අතහැර දැමුණා.
- ලෝක කුසලාන පුහුණු තරග කාලසටහන නිකුත් වෙයි
- කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් ගැටුමට දින නියම වෙයි
- පළමු අර්ධ ශතකය අශානි කෞශල්‍යා ගෙන්
- 23න් පහළ කාන්තා ජාතික T20 සුපර් ලීගයේ සංචිත සහ කාලසටහන එළි දැක්වේ
- ක්‍රීඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්රිකට් කොන්ත්‍රාත්තු ලබයි
Dambulla සහ Colombo අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද එය එතරම් ම සාර්ථක වූයේ නැහැ. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 38ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 95කට මුහුණ දී තිබුණා.
ඔවුන් මේ ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ අතිරේක ලකුණු 12ක් ද සමඟිනුයි.
කෙසේ වෙතත් ඉනිමේ වැඩිම ලකුණුලාභීන් ලෙසින් විශ්මි සොයිසා පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 5ක් ද සහ නිලක්ෂි කාවින්ද්‍යා පන්දු 25කට මුහුණ දෙමින් ලකුණු 5ක් ද ලබා තිබුණා.
එතෙක් පැවැති ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී හෂිනි ලියනගේ, දිනිති සේනානායක, නෙත්මි සංජනා සහ තරුෂි තත්සරණි කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Dambulla Women’s – කඩුලු 6ක් දැවී 38 (15.5) නිලක්ෂි කාවින්ද්‍යා 5, හසිනි ලියනගේ 1/06
තරගයේ විසඳුමක් නෑ.
National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 20 වැනිදා පැවැත්වෙන අතර එම තරග ද්විත්වය ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.