ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (03) අවසන් වූ තරගවල දී කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට ජනිත් ලියනගේ සමත් වූවා.
ඊට අමතර ව අද නිමා වූ තරගවල දී පිතිකරුවන් ලෙසින් Galle කණ්ඩායමේ පැතුම් කුමාර සහ දුනිත් වෙල්ලාලගේ, Jaffna කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි සහ නිශාන් මධුශ්ක අර්ධ ශතක ඉනිම් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
7 වැනි තරගය, කොළඹ, 03 මාර්තු 2024, National Super League Limited Over Tournament
o කාසියේ වාසිය – Jaffna
o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ
කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 288ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් පැතුම් කුමාර සහ දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතක වාර්තා කළා.
පැතුම් කුමාර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. ඔහු මේ රැස් කළේ පිට පිට තම දෙවැනි අර්ධ ශතකයයි.
ඉනිමේ සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ලක්ෂාන් (32) සහ පැතුම් කුමාර එක් ව ලකුණු 59ක සබඳතාවක් එක් කළ අතර පැතුම් කුමාර සහ දුනිත් වෙල්ලාලගේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සබඳතාවක් එක් කළා.
ඊට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ජනිත් ලියනගේ, ලහිරු මධුශංක සහ ඒශාන් මාලිංග කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තවත් පන්දු 9ක් සහ කඩුලු 4ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.
එම ඉනිමේ ප්‍රධාන නියමුවා වූයේ නායක ජනිත් ලියනගේ. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා. ඊට අමතර ව නිශාන් මධුශ්ක පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.
යාපනය ඉනිමේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ද කණ්ඩායම වෙනුවෙන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී ගාලු නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ෂෙහාන් ප්‍රනාන්දු, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle – කඩුලු 7ක් දැවී 288 (50.0) ශෙහාන් ප්‍රනාන්දු 45, ධනංජය ලක්ෂාන් 32, පැතුම් කුමාර 59, දුනිත් වෙල්ලාලගේ 52, රමේෂ් මෙන්ඩිස් නොදැවී 29, රවිඳු ප්‍රනාන්දු 2/33
Jaffna – කඩුලු 6ක් දැවී 289 (48.3) සඳුන් වීරක්කොඩි 50, නිශාන් මධුශ්ක 58, නිපුන් කරුණානායක 44, ජනිත් ලියනගේ 80, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 22, රමේෂ් මෙන්ඩිස් 2/47
Jaffna කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- Galle ජයග්රහණයෙන් මිනෝද්ගේ ශතකයේ රැස් බාල වේ
- ජනිත් සහ ලහිරුගෙන් ද්විත්ව ශතක සබඳතාවක්
- Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!
- නිපුන් ගේ ශතකය අපතේ යයි
8 වැනි තරගය, දඹුල්ල, මාර්තු 03, 2024, National Super League Limited Over Tournament
o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව
o කාසියේ වාසිය – Dambulla
කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 201ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අහන් වික්‍රමසිංහ. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඔහු සහ ඊට පෙර කඩුල්ලට එක් වූ සහන් ආරච්චිගේ දෙදෙනා එක් වී 5 වැනි කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනා.
සහන් ආරච්චිගේ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
චාමික කරුණාරත්න (24) සහ පුලින තරංග (18) ද 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවක් ගොඩ නගමින් මහනුවර ඉනිමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වූවා.
පන්දු යැවීමේ දී ආරම්භක පන්දු යවන්නන් වූ විශ්ව ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 3 බැගින් දවා ගත් අතර ඊට අමතර ව චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් බෙදා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දුවාර 7ක් සහ කඩුලු 3ක් ඉතිරි ව තිබිය දී සපුරා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් සනෝජ් දර්ශික සහ සොනාල් දිනූෂ අර්ධ ශතක ආසන්නයට පැමිණෙමින් දක්ෂතා දැක් වූවා.
සනෝජ් දර්ශික පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත් අතර සොනාල් දිනූෂ පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.
ඉනිමේ හොඳම කඩුලු සබඳතාවය වූයේ සනෝජ් දර්ශික සහ පවන් රත්නායක එක් ව තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 43ක සබඳතාවයි.
කඩුලු දවා ගැනීමේ දී මිතුන් ජයවික්‍රම ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර තික්ෂිල ද සිල්වා, චාමික කරුණාරත්න, වනුජ සහන් සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Kandy – සියලුම දෙනා දැවී 201 (48.3)සහන් ආරච්චිගේ 37, අහන් වික්‍රමසිංහ 42, චාමික කරුණාරත්න 24, විශ්ව ප්‍රනාන්දු 3/36, මොහොමඩ් ෂිරාස් 3/49
- Dambulla – කඩුලු 7ක් දැවී 204 (43.0)සනෝජ් දර්ශික 48, පවන් රත්නායක 24, රනේෂ් සිල්වා 25, සොනාල් දිනූෂ නොදැවී 44, චමිඳු විජේසිංහ 25, මිතුන් ජයවික්‍රම 2/32
Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
තරගාවලියේ මේ දක්වා නිමා වූ තරග අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 2 මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම් ලබා සිටිනවා. තරගාවලියේ එළැඹෙන දිනය පළමු වටයේ අවසන් තරග වන අතර එම තරග නිමාවේ දී සැසදෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 2 ලබා ගත් කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
ඒ අනුව පළමු වටයේ පැවැත්වෙන අවසන් තරග මේ මස 06 වැනි දින පැවැත්වෙන අතර එහි දී Galle සහ Colombo කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ Dambulla සහ Jaffna අතර තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<