ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ Colombo සහ Kandy අතර පැවැති තරගයේ දී තවත් දිනයක් ඉතිරිව තිබිය දී මහනුවර කණ්ඩායම පරාජය කරමින් ඉනිමක ජයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූවා.
මෙම තරගයේ පරාජිත ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල ශතකයක් ලබා ගැනීමට සමත් වූව ද එය ඉනිමක පරාජයෙන් තම කණ්ඩායම ගලවා ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.
15 වැනි තරගය, ගාල්ල, මාර්තු 28-31, 2024, National Super League 4 Day Tournament
- කාසියේ වාසිය – Dambulla
- ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල.
ගාලු ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 425ට පිළිතුර ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනයේ දී තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 280ක් ලබා ගත්තා.
එම ඉනමේ දී පෙර දින නොදැවී ලකුණු 35ක් ලබා සිටි සොනාල් දිනූෂ අද තම අර්ධ ශතකය ලබා ගත් අතර ඊට අමතර ව චමිඳු විජේසිංහ සහ දුශාන් හේමන්ත ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
සොනාල් දිනූෂ පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත් අතර චමිඳු විජේසිංහ පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.
දුශාන් හේමන්ත ලකුණු 53ක් ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 79ක් පමණයි. ඊට හතරේ පහර 7ක් ඇතුලත් කිරීමට ද වුවා.
කඩුලු දවා ගැනීමේ දී මිලාන් රතානායක ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූවා. ඊට අමතර ව උදිත් මධුශාන් කඩුලු 3ක් සහ ධනංජය ලක්ෂාන්, ඉම්තියාස් ස්ලාසා සහ සුමින්ද ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 145ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ආරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ විශාද් රන්දික නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (131.3) ඔෂද ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විශාද් රන්දික නොදැවී 171, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, ඩිල්ශාන් අබේසිංහ 2/38, දුශාන් හේමන්ත 3/103, සොනාල් දිනූෂ 2/81
Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 280(88.4) ලසිත් කෲස්පුල්ලේ 51, සොනාල් දිනූෂ 66, චමිඳු විජේසිංහ 59, දුශාන් විමුක්ති 53, මිලාන් රත්නායක 4/51, උදිත් මධුශාන් 3/42
Galle – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 143 (37.0) ෂෙහාන් ප්‍රනාන්දු 39, සුමින්ද ලක්ෂාන් නොදැවී 36, සොනාල් දිනූෂ 2/34
මෙම තරගය (31) සිවු වැනි සහ අවසන් දිනය ක්‍රියාත්මක වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක්
- විශාද් රන්දික සහ නිසල තාරක තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- දසුන් ශානකගෙන් තවත් ශතකයක්
- කාන්තා ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් වෙයි
- ධනංජයගේ ගැන්සිය බංගලියන් මෙල්ල කිරීම
16 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament
- කාසියේ වාසිය – Kandy
- ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.
කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 500 පිළිතුරු ලෙසින් තම තරගයේ දෙවැනි නිමා වන විට තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 152ක් ලබා සිටි නුවර ක්‍රීඩකයෝ අද තම ඉනිමට ලබා ගත්තේ ලකුණු 199ක් පමණයි.
ඒ අනුව තවත් ලකුණු 301ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ එවර ද සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 280ක් පමණයි. ඒ අනුව කොළඹ ක්‍රීඩකයන්ට ඉනිමක සහ ලකුණු 21ක ජයග්‍රහණයක් හිමි වූවා.
නුවර දෙවැනි ඉනිමේ දී නායක නිරෝෂන් දික්වැල්ල ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා. ඔහු තම ඉනිම නිමා කරන විට පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 95ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.
ඊට අමතර ව සහන් කෝසල ද පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිසල තාරක, දසුන් ශානක සහ ඉසිත විජේසුන්දර කඩුලු 3 බැගින් දවා ගත්තා. අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය නුවනිඳු ප්‍රනාන්දු සතු වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 500 (127.2) නිපුන් ධනංජය 31, ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක 107, තරිඳු රත්නායක 83, සිතුම් දිසානායක 3/95, නිම්සර අතරගල්ල 2/85, වනුජ සහන් 3/104
Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (54.3) අහන් වික්‍රමසිංහ 78, වනුජ සහන් 38, චාමික කරුණාරත්න 25, නුවනිඳු ප්‍රනාන්දු 4/58, නිසල තාරක 2/18, දුනිත් වෙල්ලාලගේ 2/30
Kandy – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 280 (66.2) සහන් කෝසල 53, කමිල් මිෂාර 34, නිරෝෂන් දික්වැල්ල 104, සහන් ආරච්චිගේ 27, චාමික කරුණාරත්න 22, නිසල තාරක 3/21, ඉසිත විජේසුන්දර 3/57, දසුන් ශානක 3/27
Colombo කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 21ක ජයක්.
National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<