විශාද් රන්දික සහ නිසල තාරක තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි

SLC National Super League 4 Day Tournament 2024

200

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති Dambulla  සහ Galle අතර තරගයේ දී ගාලු කණ්ඩායමේ විශාද් රන්දික සහ  Colombo සහ Kandy  අතර පැවැති තරගයේ දී මහනුවර කණ්ඩායමේ නිසල තාරක ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වීම කැපී පෙනුනා. 

මෙම ශතක ද්විත්වය ම මේ දෙදෙනාගේ පළමු පෙළ මංගල ශතක වීම ද විශේෂත්වයක්. 

මේ අතර ගාල්ල කණ්ඩායමේ නිමේෂ් විමුක්ති, දඹුල්ල කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, කොළඹ කණ්ඩායමේ තරිඳු රත්නායක සහ මහනුවර කණ්ඩායමේ වනුජ සහන් ද අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.  

15 වැනි තරගය, ගාල්ල, මාර්තු 28-31, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Dambulla 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල. 

තරගය පළමු දිනයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ගාලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 286ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත්තා.  

පෙර දින නොදැවී ලකුණු 89ක් ලබා සිටි විශාද් රන්දික අද තම ඉනිම නොදැවී ලකුණු 171ක් දක්වා ගෙන ගියා. ඊට පන්දු 281ක් වැය ව තිබූ අතර හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් ව තිබුණා. එමෙන් ම පෙර දින නොදැවී ලකුණු 34ක් ලබා සිටි නිමේෂ් විමුක්ති ද අද තම ඉනිම අර්ධ ශතකයක් කරා රැගෙන ගියා. ඔහු දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා. 

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් එක් කළා.  

ඔවුන්ට අමතර ව මිලාන් රත්නායක ද පන්දු 80කට මුහුණ දෙමින් ලකුණු 26ක් ලබා ගත්තා.  

අද දවසේ දැවී ගිය කඩුලුවල හිමිකාරීත්වය දුශාන් හේමන්ත සහ සොනාල් දිනූෂ අතරේ බෙදී ගියා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඊට අමතර ව දිනය අවසන් වන විට සොනාල් දිනූෂ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (131.3) ඔෂද ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විශාද් රන්දික නොදැවී 171, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, ඩිල්ශාන් අබේසිංහ 2/38, දුශාන් හේමන්ත 3/103, සොනාල් දිනූෂ 2/81 

 

Dambulla – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 132 (39.0) ලසිත් කෲස්පුල්ලේ 51, සොනාල් දිනූෂ නොදැවී 35, උදිත් මධුශාන් 2/28 

 

මෙම තරගය හෙට (30) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

16 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament 

  • කාසියේ වාසිය – Kandy 
  •  ක්‍රීඩාංගණය –  ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ. 

පෙර දින තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 330ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ අද තම ඉනිම 500ක් දක්වා රැගෙන ගියා. එම ඉනිමේ අද දවසේ දී ශතකයක් වාර්තා කිරීමට නිසල තාරක සමත් වූව. ඔහු පෙර දින නොදැවී ලකුණු 21ක් ලබා සිටි අතර අද ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා.  

ඊට අමතර ව තරිඳු රත්නායක ද පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 173ක සබඳතාවක් එක් කළා.  

අද දැවී ගිය කඩුලු 5 වනුජ සහන් (3), පවන්ත වීරසිංහ (1) සහ සහන් ආරච්චිගේ (1) අතර බෙදී ගියා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 152ක් ලබා සිටියා. එම ඉනිමේ දැවී ගිය කඩුලු 5ක් ලකුණු 35ක් වෙද්දී දැවී ගිය අතර ඊට පසුව පිටියේ ස්ථාවර වූ අහන් වික්‍රමසිංහ සහ වනුජ සහන් 6 වැනි කඩුල්ලට මේ වන විට නොදැවුණ ලකුණු 117ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.  

අහන් වික්‍රමසිංහ පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 72ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ද සහ වනුජ සහන් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද ලබා සිටියා. 

ඉනිමේ දැවී ගිය කඩුලුවල හිමිකාරීත්වය නුවනිඳු ප්‍රනාන්දුට කඩුලු 3ක් ද, නිසල තාරකට කඩුල්ලක් සහ ඉසිත විජේසුන්දරට කඩුල්ලක් ද ලෙසින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 500 (127.2) නිපුන් ධනංජය 31, ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක 107, තරිඳු රත්නායක 83, සිතුම් දිසානායක 3/95, නිම්සර අතරගල්ල 2/85, වනුජ සහන් 3/104 


Kandy
– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 152 (42.0) අහන් වික්‍රමසිංහ නොදැවී 72, වනුජ සහන් නොදැවී 38, නුවනිඳු ප්‍රනාන්දු 3/36 

 

මෙම තරගය හෙට (30) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<