ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ අවසන් දිනය වූ අද (30) දිනයේ දී මෙවර තරගාවලියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්ත සමත් වුනා
ඔහු මහනුවර කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී පන්දු 351කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සමඟින් නොදැවී ලකුණු 206ක් ලබා ගත්තා. එය ඔහු තම පළමු පෙළ තරග දිවියේ ලබා ගත් 2 වැනි ද්විත්ව ශතකයයි මේ.
- කොළඹ සහ දඹුල්ල අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 400ක් ලබා ගත්තා.
ලකුණු 100ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ එම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 133ක් ලබා දෙමින්. එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් වූ දඹුලු ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.
කොළඹ කණ්ඩායමේ 2 වැනි ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 107කට කඩුලු 7ක් ලබා ගත්තේ මෙවර තරගාවලියේ දී දෙවැනි වතාවටත් එම දක්ෂතාව සිදු කරමිනුයි. ඔහුට අමතර ව මොහොමඩ් ශිරාස් ද කඩුලු 3ක් දවා ගත්තා.
හඹා යන ඉනිම ආරම්භ කළ ලසිත් කෲස්පුල්ලේ සහ රොන් චන්ද්‍රගුප්ත පන්දු 55ක දී ලකුණු 71ක සබඳතාවක් එක් කළා. එහි දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ද සහ රොන් චන්ද්‍රගුප්ත පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ද ලබා ගත්තා.
තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී නිශාන් මදුශ්ක පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද සහ නායක ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ධනංජය ලක්ෂාන් සහ අසිත වන්නිනායක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (76.2) අසිත වන්නිනායක 38, චරිත් අසලංක 43, කුසල් මෙන්ඩිස් 119, ලහිරු මදුශංක 43, මොහොමඩ් ශිරාස් 2/48, දුලාජ් සමුදිත 2/70, අකිල ධනංජය 3/91
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 400 (96.1) ධනංජය ද සිල්වා 142, පවන් රත්නායක 163, අකිල ධනංජය 20, කසුන් රාජිත 2/97, ප්‍රමෝද් මදුශාන් 4/103, ධනංජය ලක්ෂාන් 4/09
- කොළඹ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 232 (64.5) නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25, කුසල් මෙන්ඩිස් 92, කවින් බණ්ඩාර 44, මොහොමඩ් ශිරාස් 3/42, අකිල ධනංජය 7/104
- දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 133 (23.3) ලසිත් කෲස්පුල්ලේ 47, රොන් චන්ද්‍රගුප්ත 45, නිශාන් මදුශ්ක නොදැවී 33
දඹුල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- මහනුවර සහ යාපනය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 332ක් ලබා ගන්නවා.
ලකුණු 131ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ එම ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 491ක් ලබා ගන්නේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 361ක ඉලක්කයක් ලබා දෙමින්.
ඒ අනුව පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියා.
මහනුවර 2 වැනි ඉනිම වෙනුවෙන් සොහාන් ද ලිවේරා සහ සහන් ආරච්චිගේ එක් ව පන්දු 225ක දී නොදැවුණ ලකුණු 104ක සබඳතාවක් එක් කළා.
- රවිඳු සහ නිරෝෂන් ද්විත්ව ලකුණු සබඳතාවක් ගොඩනගයි
- ධනංජය, පවන් සහ තරිඳු දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- තවත් අලුත් ක්‍රිකට් ලීගයක්?
- තවත් අලුත් ක්‍රිකට් ලීගයක්?
එහි දී නායක සහන් ආරච්චිගේ පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද සහ සොහාන් ද ලිවේරා පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව එම ඉනිමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක අංජුල, අසංක මනෝජ්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (68.1) රවිඳු රසාන්ත 97, අංජල බණ්ඩාර 28, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 5/54, සහන් ආරච්චිගේ 2/20
- මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (85.1) ජනිශ්ක පෙරේරා 97, කමිල් මිෂාර 27, සහන් ආරච්චිගේ 45, සෙහොන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, කවිශ්ක අංජුල 3/64, තරිඳු රත්නායක 5/99, ජනිත් ලියනගේ 2/27
- යාපනය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 491 (113.4) රවිඳු රසාන්ත නොදැවී 206, ශෙවොන් ඩැනියෙල් 23, ඇන්ජලෝ මැතිව්ස් 51, නිරෝෂන් දික්වැල්ල 113, තරිඳු රත්නායක 24, ලහිරු කුමාර 2/45, ශිරාන් ප්‍රනාන්දු 3/89
- මහනුවර – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 197 (58.1) පැතුම් නිස්සංක 51, සහන් ආරච්චිගේ නොදැවී 52, සොහාන් ද ලිවේරා නොදැවී 52
තරගයේ විසඳුමක් නෑ.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<