ගාල්ලට ලකුණු 145ක ජයක්

National Super League 4 day Tournament 2025

130
NSL - 23rd March

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතිය අවසන් වෙන්නේ ගාල්ල කණ්ඩායමට ලකුණු 145ක ජයග්‍රහණයක් අත් කර දෙමින්.

අද (23) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමා වූ දඹුල්ල සමග තරගයේ දී ඔවුන්ට මෙම ජයග්‍රහණය හිමි වෙනවා. මේ අතර සූරියවැව දී පැවැති කොළඹ සහ මහනුවර අතර තරගය අවසන් වෙන්නේ විසඳුමක් නොමැතිවයි.

  • කොළඹ සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 460ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන්ට ලබා ගැනිමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි.

අනතුරු ව ඊයේ දිනයේ දී ලකුණු 354ක් ඉදිරියෙන් සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටි අතර අද ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.

ඒ අනුව ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 598ක් පිටුපසින් සිටි අගනුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 313ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා. එය එම ඉනිමේ පිතිකරුවෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතර ව නායක චරිත් අසලංක ද පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත් අතර ඔහු ලහිරු මදුශංක සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 174කදී ලකුණු 106ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ලහිරු මධුසංඛ පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් ලබා ගන්නවා. තරගය අවසන් වන විට ශෙහාන් ප්‍රනාන්දු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද සමඟින් නොදැවී ලකුණු 39ක් ද සහ කසුන් රාජිත පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සහන් නානායක්කාර කඩුලු 3ක් ද, ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් ද, මොහොමඩ් ඩිල්ෂාඩ් සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 460 (111.2) ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, රවිඳු ප්‍රනාන්දු 53, කසුන් රාජිත 3/80, නිශාන් පීරිස් 3/101, දුශාන් හේමන්ත 2/91
  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (43.0) නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ශිරාන් ප්‍රනාන්දු 4/49, චමිඳු වික්‍රමසිංහ 2/08, සහන් නානායක්කාර 3/18
  • මහනුවර – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 244 (56.4) ජනිශ්ක පෙරේරා 93, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, සහන් ආරච්චිගේ නොදැවී 29
  • කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 313 (120.0) අවිශ්ක ප්‍රනාන්දු 74, කවින් බණ්ඩාර 32, චරිත් අසලංක 65, ළහිරු මධුසංඛ 39, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 39, ශිරාන් ප්‍රනාන්දු 2/59, සහන් නානායක්කාර 3/76

තරගයේ විසඳුමක් නෑ.

 

  • ගාල්ල සහ දඹුල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 261ක් පමණයි.

අනතුරු ව පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම ලකුණු 244කට සීමා කර ගන්නා ලද අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දඹුලු කණ්ඩායමට ලැබුණ ඉලක්කය ලකුණු 251ක්.

සිව්වැනි සහ අවසන් දිනයේ දී කඩුලු 4ක් අතැතිව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 224ක් හඹා ගිය දඹුලු ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි.

පෙර දින තරගය නතර කරන විට කඩුලු 6කට ලකුණු 27ක් ලබා අන්ත අසරණ වී සිටි දඹුලු කණඩායමේ 7 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 36ක් එක් කිරීමට සහන් කෝසල සහ අකිල ධනංජය සමත් වෙනවා.

අකිල ධනංජය පන්දු 35කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගනිද්දී සහන් කෝසල පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 25ක් ලබා ගන්නවා.

එම ඉනිම විනාශ කිරීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 6ක් ද සහ දිලුම් සුදීර ලකුණු 48කට කඩුලු 4ක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (74.0) ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 2/37, අකිල ධනංජය 7/83
  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (71.5) ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 54, ඩිල්ශාන් මදුශංක 3/64, මිලාන් රත්නායක 3/37, දිලුම් සුදීර 2/49
  • ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 244 (64.4) ඕෂද ප්‍රනාන්දු 44, නිපුන් ධනංජය 27, දිනේෂ් චන්දිමාල් 23, දුනිත් වෙල්ලාලගේ 46, රමේෂ් මෙන්ඩිස් 56, ලසිත් ඇඹුල්දෙණිය 3/78, අකිල ධනංජය 5/80
  • දඹුල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 105 (28.0) සහන් කෝසල 25, අකිල ධනංජය 28, දිලුම් සුදීර 4/48, දුනිත් වෙල්ලාලගේ 6/26

ගාල්ල කණ්ඩායමට ලකුණු 145ක ජයක්.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<