ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ අවසන් දිනයේ දී (16) කැපී පෙණෙන දක්ෂතා දැක් වීමට රවිඳු රසාන්ත සහ පසිඳූ සූරියබණ්ඩාර සමත් වුනා.
යාපන කණ්ඩායමේ රවිඳු රසාන්ත කොළඹ කණ්ඩායමට එරෙහි ව ද සහ ගාල්ල කණ්ඩායම නියෝජනය කරන පසිඳූ සූරියබණ්ඩාර මහනුවර කණ්ඩායමට එරෙහි ව ද ශතක ඉනිම් වාර්තා කළා.
අද තරගාවලියේ පළමු සතිය නිමා වූ අතර එහි දී යාපනය ක්‍රීඩකයන්ට එරෙහි ව ලකුණු 87ක ජයග්‍රහණයක් ලබා ගත් කොළඹ කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. ගාල්ල සහ මහනුවර අතර තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.
- ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 602ක් ලබා සිටිය දී අත් හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කළ අතර මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 350ක් පමණයි.
ඒ අනුව ලකුණු 252ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි අවසන් කරන්නේ කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබා සිටිමිනුයි. එතැන් සිට අද පිටියට පිවිසි ඔවුන් තරගය විසඳුමකින් තොරව නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 269ක් ලබා සිටියා.
එම ඉනිමට නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වූවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකයයි.
මේ අතර පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ නිපුන් ධනංජය පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ද සහ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ සදීර සමරවික්‍රම 2 වැනි ඉනිමේ දී ද පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 60ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සහන් ආරච්චිගේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ද නුවනිඳු ප්‍රනාන්දු කඩුල්ලක් ද ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 602 (168.0) ඕෂද ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, දිලුම් සුදීර නොදැවී 80, ඩිල්ශාන් මදුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 3/90, රවිඳු ප්‍රනාන්දු 2/121, නුවනිඳු ප්‍රනාන්දු 2/59
- මහනුවර – පළමු ඉනිම කඩුල්ලක් දැවී 350 (88.0) ලහිරු උදාර 38, කමිල් මිෂාර 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ද ලිවේරා 60, ඩිල්ශාන් මදුශංක 2/72, මිලාන් රත්නායක 4/65, දුනිත් වෙල්ලාලගේ 2/37
- ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 269 (79.0) නිපුන් ධනංජය 63, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 102, සදීර සමරවික්‍රම 60, රවිඳු ප්‍රනාන්දු 2/87, සහන් ආරච්චිගේ 2/35
තරගයේ විසඳුමක් නෑ.
- කමිල් මිෂාර ද ශතකලාභීන් අතරට
- රමේෂ් මෙන්ඩිස් ශතක සමාජයට
- නිපුන් සහ අවිශ්ක NSL පළමු දිනය වර්ණවත් කරයි
- ක්‍රීඩකයෝ 112ක් NSL ආක්‍රමණයට සැරසෙයි
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- යාපනය සහ කොළඹ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 386ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයෝ අද සිය පළමු ඉනිම ලකුණු 246කට සීමා කර ගන්නවා.
ඉන් අනතුරුව ලකුණු 140ක් ඉදිරියෙන් සිටිමින් නැවත පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගත් කොළඹ ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. ඒ අනුව යාපනය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 454ක් අවශ්‍ය වූවා.
පෙර දිනයේ කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටි යාපනය ක්‍රීඩකයෝ අද සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 366ක් පමණයි. ඒ අනුව අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 87ක් ඉදිරියෙන් සිටිමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරනවා.
යාපනය 2 වැනි ඉනිමේ දී රවිඳු රසාන්ත ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනා. ඔහු පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකයයි.
ඔහු 2 වැනි කඩුල්ලට ශෙවෝන් ඩැනියෙල් සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 255ක දී ලකුණු 161ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී ශෙවෝන් ඩැනියෙල් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නවා.
ඊට අමතර ව අංජල බණ්ඩාර පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 84කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර දුශාන් හේමන්ත, චරිත් අසලංක සහ නිශාන් පීරිස් කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (95.0) නවෝද් පරණවිතාන 39, අවිශ්ක ප්‍රනාන්දු 144, ධනංජය ලක්ෂාන් 23, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51, දුශාන් හේමන්ත 31, මර්වින් අබිනාශ් 2/93, ජෙෆ්රි වැන්ඩර්සේ 6/86
- යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (90.5) ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, කසුන් රාජිත 2/34, නිශාන් පීරිස් 5/59
- කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 313 (58.0) අවිශ්ක ප්‍රනාන්දු 41, ධනංජය ලක්ෂාන් 75, කවින් බණ්ඩාර 57, ලහිරු මදුශංක නොදැවී 30, දුශාන් හේමන්ත නොදැවී 58, නිමේෂ් විමුක්ති 2/92, මර්වින් අබිනාශ් 2/63, ජෙෆ්රි වැන්ඩර්සේ 2/85
- යාපනය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 366 (111.5) ශෙවෝන් ඩැනියෙල් 82, රවිඳු රසාන්ත 107, අහන් වික්‍රමසිංහ 22, අංජල බණ්ඩාර 51, චාමික කරුණාරත්න 51, නිශාන් පීරිස් 2/109, මුදිත ලක්ෂාන් 4/84, චරිත් අසලංක 2/56, දුශාන් හේමන්ත 2/46
කොළඹ කණ්ඩායමට ලකුණු 87ක ජයක්.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<