ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය අද (13) ගාල්ලේ දී සහ සූරියවැව දී ආරම්භ වූ අතර එහි දී නිපුන් ධනංජය සහ අවිශ්ක ප්‍රනාන්දු ශතක ඉනිම් වාර්තා කරමින් තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉම් වාර්තා කිරීමට සමත් වුනා.
ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ දී ගාලු කණ්ඩායම වෙනුවෙන් නිපුන් ධනංජය නොදැවී ලකුණු 135ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති යාපනය සහ කොළඹ අතර තරගයේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 144ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි. මෙම ඉනිමත් සමඟින් අවිශ්ක ප්‍රනාන්දු තම පළමු පෙළ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.
- ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා සිටියා.
ගාල්ල කණ්ඩායම
- පසිඳූ සූරියබණ්ඩාර (නායක), ඕෂද ප්‍රනාන්දු, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක, දිලුම් සුදීර, නිසල තාරක සහ ඩිල්ශාන් මදුශංක.
මහනුවර කණ්ඩායම
- සහන් ආරච්චිගේ (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), රවිඳු ප්‍රනාන්දු, චාමික ගුරණසේකර, චමිඳු වික්‍රමසිංහ, වනුජ සහන්, සහ මොහොමඩ් ඩිල්ශාඩ්.
ගාලු ඉනිමේ දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය. ඔහු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 135ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු පන්දු 261කට මුහුණ දී සිටි අතර හතරේ පහර 12ක් තම ඉනිමට ඇතුලත් කරගෙන තිබුණා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි.
නිපුන් ධනංජය, අනෙක් ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 159ක දී ලකුණු 107ක් ද එක් කළා. ඒ වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු එක් කළ ලකුණු සංඛ්‍යාව 57ක්. ඕෂද ඊට පන්දු 82ක් වැය කර තිබූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුලත් කර තිබුණා.
අනතුර ව ගාලු ඉනිමේ කැපි පෙණෙන පිතිකරු බවට පත් වුනේ සදීර සමරවික්‍රම. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තා. සදීර සමරවික්‍රම දැවී යන විට නිපුන් ධනංජය සමඟ එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 225කට මුහුණ දෙමින් ලකුණු 143ක් එක් කළා.
ගාලු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගනිද්දී නායක පසිඳු සූරියබණ්ඩාරට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 6ක් පමණයි.
දිනය අවසන් වන විට නිපුන් ධනංජය ට අමතර ව අනෙක් අන්තයෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නුවනිඳූ ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු සහ මොහොමඩ් ඩිල්ශාඩ් කඩුල්ලක් බැගින් දවා ගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 336 (88.0)ඕෂද ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය නොදැවී 135, දිනේෂ් චන්දිමාල් 31, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, නුවනිඳු ප්‍රනාන්දු 1/14
මෙම තරගය හෙට (14) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
- Major Club ශූරතාව Bloomfield දිනා ගනී
- Major පිටිය කැළඹූ වීරයෝ
- ක්‍රීඩකයෝ 112ක් NSL ආක්‍රමණයට සැරසෙයි
- Steven Smith එක්දින පිටියට සමු දෙයි!
යාපනය සහ කොළඹ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 7ක් දැවී 374ක් ලබා ගත්තා.
යාපනය කණ්ඩායම
- ජනිත් ලියනගේ (නායක), අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, රවිඳු රත්නායක, තනුක දාබරේ, ශෙවෝන් ඩැනියෙල්, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති සහ මර්වින් අබිනාශ්.
කොළඹ කණ්ඩායම
- චරිත් අසලංක (නායක), නවොද් පරණවිතාන, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, කවින් බණ්ඩාර, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ලහිරු මදුශංක, දුශාන් හේමන්ත, මුදිත ලක්ෂාන්, නිශාන් පීරිස් සහ කසුන් රාජිත.
එම ඉනිම ආරම්භ කළ නවෝද් පරණවිතාන සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 88ක දී ලකුණු 75ක සබඳතාවක් එක් කරනවා. නවෝද් පරණවිතාන පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යන අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 144ක් ලබා ගෙන සිව් වැනි කඩුල්ල ලෙසින් ඉනිම හැර යනවා.
කොළඹ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ 3 වැනි කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ කවින් බණ්ඩාර එක් ව පන්දු 218ක දී එක් කළ ලකුණු 172යි. එම සබඳතාව කරා යෑමේ දී කවින් බණ්ඩාර පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා.
අගනුවර ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 51ක් ලබා ගන්නා ලද අතර ඒ වෙනුවෙන් පන්දු 90ක් වැය වෙද්දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වෙනවා.
දිනය අවසන් වන විට දුශාන් හේමන්ත පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 24ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 19කට මුහුණ දෙමින් ලකුණක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 84කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව මර්වින් අබිනාශ් කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 374 (90.0)නවෝද් පරණවිතාන 39, අවිශ්ක ප්‍රනාන්දු 144, ධනංජය ලක්ෂාන් 23, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51, දුශාන් හේමන්ත නොදැවී 24, මර්වින් අබිනාශ් 2/93, ජෙෆ්රි වැන්ඩර්සේ 4/84
මෙම තරගය හෙට (14) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.