ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි සතියේ 3 වැනි දිනය වූ අද (05) දිනයේ දී ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වුනා.
ඔහු පෙර දිනයේ දී තම පළමු පෙළ කඩුලු 300 සමාජයට එක් වූ අතර ඔහු මේ වන විට ක්‍රීඩා කරමින් සිටින්නේ තම පළමු පෙළ තරග දිවියේ 99 වැනි තරගයටයි.
- මහනුවර සහ දඹුල්ල අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 453ක් ලබා ගත්තා. ඉන් අනතුරු ව දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 340ක් ලබා ගත් අතර තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිටියා.
අද දවසේ පෙරවරුවේ දී පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන්ගේ ඉනිම වෙනුවෙන් නායක දනංජය ද සිල්වා පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 27 වැනි ශතකය වන අතර මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.
පෙර දිනයෝ නොදැවී පිටියේ රැඳී සිටි දසුන් ශානක පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද සහ විශාද් රන්දික පන්දු 55කට මුහණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 109කට කඩුලු 4ක් ද ශිරාන් ප්‍රනාන්දු කඩුලු 3ක්, සහන් නානායක්කාර කඩුලු 2ක් සහ ලහිරු කුමාර කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 113ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිම වෙනුවෙන් පවන්ත වීරසිංහ පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 132කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 74ක් ලබා ගත්තා. ඊට අමතර ව සොහාන් ද ලිවේරා පන්දු 41කට මුහුණ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 73කට කඩුලු 4ක් දවා ගත් අතර දිනුර කළුපහට කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 453 (97.0) පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, දිනුර කළුපහන 2/64, අකිල ධනංජය 5/140, චමිඳු වික්‍රමසිංහ 3/59
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 (84.4) නිශාන් මදුශ්ක 31, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විශාද් රන්දික 40, ශිරාන් ප්‍රනාන්දු 3/42, සහන් නානායක්කාර 2/125, අශේන් ඩැනියෙල් 4/109
- මහනුවර – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 190 (53.0) ජනිශ්ක පෙරේරා 27, පවන්ත වීරසිංහ නොදැවී 74, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු 24, අකිල ධනංජය 4/73
මෙම තරගය හෙට (06) සිව් වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
- පැතුම් නැවතත් ද්විත්ව ශතක සමාජයට
- අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමයට කඳවුරු සූදානම්
- පැතුම්, සොහාන් සහ දිලුම් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වා මහතාට
- පළමු ද්විත්ව ශතකය රවිඳු රසාන්ත ගෙන්
- ගාල්ල සහ යාපනය අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 371ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 66ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගය දෙවැනි ඉනිමට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබා සිටියා. මේ වන විට ඔවුන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් සිටිනවා.
පෙර දිනයේ නොදැවී ලකුණු 36ක් ලබා සිටි ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් මෙම ඉනිමට පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානයක සහ අසංක මනෝජ් කඩුලු 3ක් බැගින් ද, නිමේෂ් විමුක්ති සහ චාමික කරුණාරත්න කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.
ලකුණු 61ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා සිටියා.
ඊට අමතර ව තනුක දාබරේ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දි නිසල තාරක සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (69.1) ශෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, දිලුම් සුදීර 5/60
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 371 (98.0) ඔෂද ප්‍රනාන්දු 62, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ 68, රමේෂ් මෙන්ඩිස් 124, සිතුම් දිසානායක 3/57, චාමික කරුණාරත්න 2/100, අසංක මනෝජ් 3/59, නිමේෂ් විමුක්ති 2/65
- යාපනය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 135 (22.0) රවිඳු රසාන්ත 20, ශෙවොන් ඩැනියෙල් නොදැවී 65, තනුක දාබරේ 44
මෙම තරගය හෙට (06) සිව් වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<