ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි සතියේ 2 වැනි දිනය වූ අද (04) දිනයේ තම පළමු පෙළ තරග දිවියට තවත් ද්විත්ව ශතකයක් එක් කර ගැනීමට පැතුම් නිස්සංක සමත් වුනා.
ඔහු මෙම ද්විත්ව ශතකය රැස් කරන්නේ 2018/19 තරගවාරයේ දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අයර්ලන්ත Wolves කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් එම ද්විත්ව ශතකය ලකුණු 217කින් සමන්විත වූ අතර එය ඔහුගේ මෙතෙක් පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.
මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් දඹුල්ලට එරෙහි ව පැතුම් නිස්සංක ලබා ගත් මෙම ද්විත්ව ශතකය මෙවර තරගාවලියේ 2 වැනි ද්විත්ව ශතකයයි.
- මහනුවර සහ දඹුල්ල අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 453කින් නිමා වූවා.
එම ඉනිමේ දී පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක සහ සොහාන් ද ලිවේරා අතුරින් පැතුම් නිස්සංක තම ඉනිම ද්විත්ව ශතකයක් කරා රැගෙන ගියා. දිනයේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත් වුණේ සොහාන් ද ලිවේරා. ඔහු දැවී යන විට පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 142ක් ලබා සිටියා.
ඒ වෙද්දී පැතුම් නිස්සංක සහ සොහාන් ද ලිවේරා අතර 5 වැනි කඩුල්ලට පන්දු 300ක දී ලකුණු 245ක් එක් ව තිබුණා. ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක දැවී යද්දී පන්දු 260කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 202ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 140කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව චමිඳු විජේසිංහ කඩුලු 3ක් ද සහ දිනුර කළුපහන කඩුලු 2ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා පන්දු 115කට මුහණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා සිටියා. ඊට අමතර ව සහන් කෝසල පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද සහ දසුන් ශානක පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අශේන් ඩැනියෙල් කඩුලු 2ක් ද, ලහිරු කුමාර සහ සහන් නානායක්කාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 453 (97.0) පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, දිනුර කළුපහන 2/64, අකිල ධනංජය 5/140, චමිඳු වික්‍රමසිංහ 3/59
දඹුල්ල – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 207 (54.0) නිශාන් මදුශ්ක 31, ධනංජය ද සිල්වා නොදැවී 81, සහන් කෝසල 34, දසුන් ශානක නොදැවී 34, අශේන් ඩැනියෙල් 2/62
මෙම තරගය හෙට (05) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
- සනත් – සේරම් නමට වෙන් වූ රුහුණු නිල් සටන
- පැතුම්, සොහාන් සහ දිලුම් දක්ෂතා දක්වයි
- දෙවැනි කොටසේ Tier B ශූරතාව ගාල්ලේ විද්‍යාලෝකයට
- ශ්‍රී ලංකා ක්රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වා මහතාට
- පළමු ද්විත්ව ශතකය රවිඳු රසාන්ත ගෙන්
ගාල්ල සහ යාපනය අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.
තරගයේ දිනයේ යැවිය යුතු පන්දුවාර තුනෙන් එකක් පමණ වර්ෂාව හේතුවෙන් අහිමි වෙද්දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ද්විත්වයක් එක් ව තිබුණා. ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත් අතර තරගය නතර කරන විට දුනිත් වෙල්ලාලගේ පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා. ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ ලකුණු 1000 කඩඉමට පිවිසීමට ද සමත් වුනා.
ඔවුන්ට අමතර ව දිනේෂ් චන්දිමාල් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ද සහ දිනය අවසන් වන විට නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානායක ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව නිමේෂ් විමුක්ති, අසංක මනෝජ් සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (69.1) ශෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, දිලුම් සුදීර 5/60
ගාල්ල – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 260 (61.0) ඔෂද ප්‍රනාන්දු 62, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ නොදැවී 68, රමේෂ් මෙන්ඩිස් නොදැවී 36, සිතුම් දිසානායක 3/39
මෙම තරගය හෙට (05) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<