මෙරට තුළ නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන සියලුම ඉසව් දින නියමයකින් තොරව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බවත්, මේ දිනවල නැවතත් හිස ඔසවන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් දින නියමයකින් තොරව කල් දැමීමට සිදු වූ බවයි.
තවත් ක්‍රීඩා පුවත්;
- ජාතික තේරීම් කමිටුවේ වගකීම යුද හමුදාපතිවරයාට
- “Road to Olympics” 1100ක් තෝරාගනි
- ලෝක ශූරයාට ලන්ඩන් කිරුළ අහිමි වෙයි
- ඉතියෝපියානු ශූරියට ලන්ඩන් මැරතන් තරගය අහිමි වෙයි
- වසරේ අවසන් මැරතන් තරගයට ලෝක ශූරයන් එංගලන්තයට
ඒ අනුව මෙම සති අන්තයේ (10 සහ 11) කතරගම දී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමී තරග වන මැරතන්, තරග ඇවිදීම, පාපැදි ඉසව්වන්හී සියලුම කාන්ත හා පිරිමි තරග මෙන්ම එම ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන සියලූම තරග දින නියමයකින් තොරව කල්යනු ඇත.
46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලිය කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කළ අතර පසුව මෙම වසරේ දෙසැම්බර් මාසයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වීමට ඔවුන් තීරණය කරන ලදි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<