“NSBM Green 7s” වයස අවුරුදු 21න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය අද (08) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එම තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගන්නට ලකුණු 47-07ක් ලෙස විද්‍යාර්ථ විද්‍යාලය පැරද වූ ප්‍රබල ඉසිපතන විද්‍යාලය සමත් විය.
තරගාවලියේ පළඟ, බඳුන හා පලිහ කුසලාන සාන්ත ජෝසප් විද්‍යාලය, මහනුවර සුමංගල විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගන්නා ලදි.
ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව පාසල (NSBM) විසින් සංවිධානය කළ මෙම තරගාවලිය, කාණ්ඩ 4ක් යටතේ A, B, C, හා D ලෙස පැවැත්විය. කාණ්ඩ වටය ලීග් ක්‍රමයට පැවතුණු අතර ඉන් මුල් ස්ථාන ගත් පාසල් පිළිමළුන් පිටු දැකීමේ වටය සඳහා මුහුණ දුන්හ.
A කාණ්ඩය | B කාණ්ඩය | C කාණ්ඩය | D කාණ්ඩය |
සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර | විද්‍යාර්ථ විද්‍යාලය | ඉසිපතන විද්‍යාලය | සාන්ත ජෝසප් විද්‍යාලය |
තර්ස්ටන් විද්‍යාලය | මහානාම විද්‍යාලය | ත්‍රිත්ව විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය |
සාන්ත ඇලෝෂියස් විද්‍යාලය | සහීරා විද්‍යාලය | ශ්‍රී සුමංගල විද්‍යාලය | ලුම්බිණි විද්‍යාලය |
සිරි පියරතන විද්‍යාලය | හින්දු විද්‍යාලය | දේවපතිරාජ විද්‍යාලය | ආනන්ද විද්‍යාලය |
ශූරතා කුසලානය
ශූරතා කුසලාන අවසන් මහා තරගය වෙත ලකුණු 24-21ක් ලෙස ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලය පරදවමින් කොළඹ ඉසිපතන විද්‍යාලය සුදුසුකම් ලැබූ අතර ලකුණු 17-15ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සුදුසුකම් ලැබීය.
- ඉසිපතන විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය
ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගනු බවක් පිටියේ පෙනෙන්නට තිබුණි. මෑත කාලයේ දී පාසල් සත් සාමාජික තරග රටාවේ දී පෙරළිකාර කණ්ඩායමක් ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය කැපී පෙනුණු අතර ඒ නිසාම දැඩි උනන්දුවක් ප්‍රේක්ෂකයන් අතර ද දකින්නට ලැබුණි. කෙසේ වෙතත් තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේ දීම චමෝද් ප්‍රනාන්දු තම පළමු උත්සාහක දිනුම ඉසිපතන විද්‍යාලය වෙත දිනා දුන්නේය.
පීඩනය පෙරළා ඉසිපතන විද්‍යාලය වෙත එල්ල කරමින් විද්‍යාර්ථ ක්‍රීඩකයින් ද උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගය සම කළේය. ඉන්පසු තවත් ඉක්මන් උත්සාහක දිනුම් දිව්ත්වයත් වාර්තා කරමින් අර්ධයේ ඉදිරිය ඉසිපතන විද්‍යාලය ලබා ගත්තේය.
පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 28 – 07 විද්‍යාර්ථ විද්‍යාලය
පළපුරුද්ද හා පරිණත බව මැනවින් යොදා ගනිමින් දෙවන අර්ධයේ තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ඉසිපතන විද්‍යාලය වාර්තා කළේය. චමෝද් ප්‍රනාන්දු හා රැන්ඩි සිල්වා සුසංයෝගය දෙවන අර්ධයේ දී ද විද්‍යාර්ථ ආරක්ෂක වළල්ල නරඹන්නන් බවට පත් කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේය.
අවසන් ලකුණු තත්වය : ඉසිපතන විද්‍යාලය 47 – 07 විද්‍යාර්ථ විද්‍යාලය
පාසල් 16ක් කාණ්ඩ 4ක් ඔස්සේ ශූරතාවයට තරග කරයි
ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල විසින් සංවිධානය කරන “NSBM 7s” වයස අවුරුදු 21න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් 8 වැනිදා කොළඹ තුරඟ තරග…
පළග ශූරතාවය
පළඟ ශූරතාවය වෙනුවෙන් අවසන් පූර්ව වටයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සුදුසුකම් ලැබීය. තරගය, ආරම්භයේ සිටම සාන්ත ජෝසප් විද්‍යාලය පාලනය කරන බවක් පෙනෙන්නට තිබුණු අතර ත්‍රිත්ව විද්‍යාලය වෙත කිසිදු ලකුණක් ලබා ගන්නට ඉඩ නොදෙමින් පළමු අර්ධය අවසන් කරන්නට ඔවුන් සමත් විය.
පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 19 – 00 ත්‍රිත්ව විද්‍යාලය
අර්ධ අවසන් වටයේ දී පාදයේ ආබාධයකට ලක්වූ සචිත් සිල්වා මග හැරුණ ද ගැමුණු චේතිය හා ශාන් අකිලගේ සුසංයෝගය දෙවන අර්ධයේ දීත් දකින්නට ලැබුණි. ඒ අවසරයෙන් ලකුණු 36-00ක් ලෙස ඵලක ශූරතාව දිනා ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.
අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 36 – 00 ත්‍රිත්ව විද්‍යාලය
බඳුන ශූරතාවය
බඳුන ශූරතා අවසන් තරගය වෙත කොළඹ මහානාම විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සුදුසුකම් ලැබීය. පළමු අර්ධය අවසාන වන විටම තරගයේ ඉදිරිය ලකුණු 14-12ක් ලෙස සටහන් කර ගන්නට මහානාම විද්‍යාලය සමත් වූ අතර දෙවන අදියර ආරම්භ වත්ම සුමංගල විද්‍යාලයේ පීඩනය ඉහළ යන්නට විය. ඉක්මන් උත්සාහක දිනුම් දෙකක් ලබාගත් සුමංගල විද්‍යාලය ලකුණු 24-26ක් ලෙස තරගය ජයග්‍රහණය කළේය.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය 26 – 24 මහානාම විද්‍යාලය
“විස්විදු” කිරුළේ අයිතිය මොරටුවටද, කන්ද උඩරටට ද?
2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ වන විට එහි අවසන් මහා තරගය දක්වා පැමිණ අවසන්. විශ්ව විද්‍යාල 13ක් අතරින් මොරටුව විශ්ව විද්‍යාලයත්, පේරාදෙණිය විශ්ව…
පළිහ ශූරතාවය
පළිහ ශූරතා අවසන් තරගය වෙනුවෙන් ගාල්ල ඇලෝසියස් විද්‍යාලය සමඟින් කොළඹ ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලැබීය. පළමු අර්ධයේ සිටම ආක්‍රමණශීලි තරග රටාවකින් තරගය වෙත පිවිසි ආනන්ද විද්‍යාලය කිසිදු විටක ඇලෝසියස් ක්‍රීඩකයන් වෙත හිඩැසක් ලබා නොදෙමින් ක්‍රීඩා කරනු පෙනෙන්නට තිබිණි. අවසානයේ දී ගාල්ල ඇලෝසියස් විද්‍යාලය පරදවමින් ලකුණු 40-05ක් ලෙස පළිහ ශූරතාවය දිනා ගත්තේය.
ආනන්ද විද්‍යාලය 40 – 05 ඇලෝසියස් විද්‍යාලය
තරගාවලියේ ප්‍රතිඵල සටහන මෙසේයි.
Group A | Group B | Group C | Group D |
St. Anthony’s College | Vidyartha College | Isipathana College | St. Joseph’s College |
Thurstan College | Mahanama College | Trinity College | Dharmaraja College |
St. Aloysius College | St. Peter’s College | Sri Sumangala College | Lumbini College |
Sri Piyaratne | Hindu College | Zobra | Ananda College |
Group | team | score | team |
A | St. Anthony’s College | 43-07 | Thurstan College |
A | St. Aloysius College | 07-07 | Sri Piyaratne |
B | Vidyartha College | 24-12 | Mahanama College |
B | St. Peter’s College | 37-00 | Hindu College |
C | Isipathana College | 24-05 | Trinity College |
C | Sri Sumangala College | Sumangala W/O | Zobra |
D | St. Joseph’s College | 45-00 | Dharmaraja College |
D | Lumbini College | 07-10 | Ananda College |
A | St. Anthony’s College | 28-05 | St. Aloysius College |
A | Thurstan College | 31-10 | Sri Piyaratne |
B | Vidyartha College | 19-15 | St. Peter’s College |
B | Mahanama College | 30-00 | Hindu College |
C | Isipathana College | 28-10 | Sri Sumangala College |
C | Trinity College | Trinity College W/O | Zobra |
D | St. Joseph’s College | 43-00 | Lumbini College |
D | Dharmaraja College | 14-12 | Ananda College |
A | St. Anthony’s College | 43-00 | Sri Piyaratne |
A | Thurstan College | 38-05 | St. Aloysius College |
B | Vidyartha College | 48-00 | Hindu College |
B | Mahanama College | 07-33 | St. Peter’s College |
C | Isipathana College | 45-00 | Zobra |
C | Trinity College | 26-07 | Sri Sumangala College |
D | St. Joseph’s College | 29-07 | Ananda College |
D | Dharmaraja College | 17-19 | Lumbini College |
St. Anthony’s College | 15-17 | Trinity College |
Vidyartha College | 28-17 | Dharmaraja College |
Thurstan College | 00-52 | Isipathana College |
St. Peter’s College | 10-24 | St. Joseph’s College |
St. Aloysius College | 14-10 | Zobra |
Mahanama College | 12-05 | Lumbini College |
Sri Piyaratne | 00-38 | Sri Sumangala College |
Hindu College | 00-36 | Ananda College |
St. Aloysius College | 06-17 | Mahanama College |
Sri Sumangala College | 21-12 | Ananda College |
Trinity College | 14-17 | Vidyartha College |
Isipathana College | 24-21 | St. Joseph’s College |
St. Aloysius College | 05-40 | Ananda College |
Mahanama College | 24-26 | Sri Sumangala College |
Trinity College | 00-36 | St. Joseph’s College |
Isipathana College | 47-07 | Vidyartha College |
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<