ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සාරා ක්‍රිස්ටිනා සමත්වූ අතර, විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගත්තේ රන්තුෂ්ක ගුණතිලකයි.
කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේදී සාරා ක්‍රිස්ටිනා විවෘත කාන්තා ඒකල ශූරතාව සමඟ ප්‍රවීණා විජේසුන්දර සමඟ එක්ව විවෘත කාන්තා යුගල ශූරතාව සහ ඇලන් ධර්මරාසපුත්‍ර විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනිමින් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වුණා.
විවෘත පිරිමි ඒකල ශූරතාව රන්තුෂ්ක ගුණතිලක විසින් දිනා ගනු ලැබුවේ අවසන් මහා තරගයේදී ලකුණු 22-20ක් සහ 21-18ක් ලෙස ශෙනුක් සමරරත්න පරාජය කරමිනුයි.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී රෂ්මි මුදලිගේ තරග වට 2-1කින් පරාජය කළ සාරා ක්‍රිස්ටිනා ප්‍රවීණා විජේසුන්දර සමඟ එක්ව විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ පරාජයට පත් කළා.
එමෙන්ම ක්‍රිස්ටිනා විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී ඇලන් ධර්මරාසපුත්‍ර සමඟ එක්ව තරග වට 2-1කින් තුළිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරී පරාජයට කරමින් ශූරතාව දිනා ගත්තා.
සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග පරාජයට පත් කරමින් විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනුයි.
- ශෙනුක් සහ රෂ්මි නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් ශූරතා දිනති
- හසිනි සහ හසාරාට අප්‍රිකාවේ දී තවත් ජයක්
- විරේන් රන් දිනද්දී; ඉසුරි සහ සිතුමිට ලෝකඩ පදක්කම්
- හසාරා සහ හසිනි බැඩ්මින්ටන් ඉතිහාසය වෙනස් කරයි
මේ අතර වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ අවුරුදු 19න් පහළ ඒකල බාලක අවසන් තරගයේ දී පමිත් අත්තනායක පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට රෙෂාන් දිඹුක්කුවලගේ සමත් වුණා.
19න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාවය දිනා ගත්තේ දිල්නි අම්බලන්ගොඩගේ පරාජයට පත් කළ සඳති දෙව්මිණි විසිනුයි.
මෙම තරගාවලිය අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය සඳහා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 100ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩය සමඟ ප්‍රධානතම තරග අංශය ලෙස කාන්තා හා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ලෙස පැවැත්වුණා.
එමෙන්ම වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, ශූරයන්ට සහ අනුශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණා.
තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයක් අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමුණු අතර Mobil, Li Ning, McFoil, 3M සහ GAC මෙම ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබුණා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<