දික්වැල්ලට CPL වරම්

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1883

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Saint Lucia Kings කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරා ගත් තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා නිරෝෂන් දික්වැල්ල වන අතර ඔහුට පෙර වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ සීක්කුගේ ප්‍රසන්න තරගාවලියට ගිවිසුම් ගතව තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු සහ මහීෂ්  එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් සූදානම් වීමට අවශ්‍ය නිසාවෙන් ඔවුන් දෙදෙනාට මෙවර කැරිබියන් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයෙකු වන නිරෝෂන් දික්වැල්ල ටික කලක් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ද කටයුතු කළා.

10 වැනි වරට පැවැත්වීමට නියමිත මෙවර කැරිබියන් ලීග් තරගාවලිය අගෝස්තු 31 සිට දින 31ක කාලයක් පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියට කණ්ඩායම් හයක් ඇතුළත්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<