නිලානි රත්නායකගේ ලෝක ශූරතා පදක්කම් සිහිනය බොඳ වෙයි

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2022

387

2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ මූලික තරගයට සහභාගී වූ නිලානි රත්නායක එම තරගය 13 වැන්නා ලෙස අවසන් කළා.

එම ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ නිලානි තරගය අවසන් කිරීමට මිනිත්තු 9:54.10ක කාලයක් ගත් අතර ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි වුනේ නැහැ.

නිලානි තරගාවලිය සඳහා වූ ලෝක ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු  1185ක් ලබා ගනිමින් 38 වැන්නා ලෙස තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

මීටර් 3000 ඉසව්වේ දීර්ඝ කාලීන ජාතික ශූරිය වන නිලානි රත්නායක එම ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන අතර ඇය ලෝක ශූරතාවයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

මෙවර ලෝක ශූරතාවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් සුදුසුකම් ලැබූ අතර එයින් යුපුන් අබේකෝන් අද උදෑසන මීටර් 100ම මූලික තරගයට සහභාගී වුනා.

මැදිදුර ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න 21 වැනිදා උදෑසන කාන්තා මීටර් 800 මූලික වටයට සහභාගී වීමට නියමිත අතර එම තරගයේ තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<