නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

4140

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ජුනි 27 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර පසුව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබෙන අතර බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් සියල්ලම මෙම සංචිතයට ඇතුළත්.

එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය යටතේ පැවැත්වෙන අතර එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තරග නවයක් ක්‍රීඩා කර ඉන් දෙකක් ජයග්‍රහණය කර හත්වැනි ස්ථානයේ පසු වෙද්දී, නවසීලන්තය තරග තුනක් ජයග්‍රහණය කරමින් තෙවැනි ස්ථානයේ පසු වෙනවා.

තරගාවලියට සහාභාගී ශ්‍රී ලංකා සංචිතය,

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, ඕෂධී රණසිංහ, සුගන්ධි කුමාරි, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍ය කාවින්දි, ඉමේෂා දුලානි.

ICC කාන්තා ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන,

මෙම තරගාවලියේ සහ ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<