නවසීලන්තය එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට

New Zealand Tour Of Sri Lanka 2024

114
New Zealand Tour Of Sri Lanka 2024

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේ දී එක්දින සහ විස්සයි විස්ස තරග පහක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

විස්සයි විස්ස තරග දෙකකින් සහ එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියට අදාළ තරග කාලසටහන ඊයේ (14) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 09 වැනි දා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයෙන් ආරම්භ වන අතර, දෙවැනි විස්සයි විස්ස තරගය නොවැම්බර් 10 වැනි දා පැවැත්වෙනු ඇති.

මෙම තරග ද්විත්වය ම දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, දෙරට අතර පළමු එක්දින තරගය ද දඹුල්ලේ දී ම නොවැම්බර් 13 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් පසුව ඉතිරි එක්දින තරග ද්විත්වය පල්ලෙකැලේ දී නොවැම්බර් 17 සහ 19 දිනවල දී ක්‍රියාත්මක වනු ඇති.

තරග කාලසටහන

විස්සයි විස්ස තරගාවලිය

  • පළමු තරගය – නොවැම්බර් 09 රාත්‍රි 7.00 – දඹුල්ලේ දී
  • දෙවැනි තරගය – නොවැම්බර් 10 – රාත්‍රි 7.00 – දඹුල්ලේ දී

එක්දින තරගාවලිය

  • පළමු තරගය – නොවැම්බර් 13 – දහවල් 2.30 – දඹුල්ලේ දී
  • දෙවැනි තරගය – නොවැම්බර් 17 – දහවල් 2.30 – පල්ලෙකැලේ දී
  • තෙවැනි තරගය – නොවැම්බර් 19 – දහවල් 2.30 – පල්ලෙකැලේ දී

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<